වකුගඩු රෝගයෙන් වැලකීමට 'බත් කෑම අඩු කොට කො&#35

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වකුගඩු රෝගයෙන් වැලකීමට 'බත් කෑම අඩු කොට කො&#35

    වකුගඩු රෝගයෙන් වැලකීමට 'බත් කෑම අඩු කොට කොස් දෙල් කෑම යෝග්‍යයි'



    ලාංකික ජනතාව දැනට පරිභෝජනය කරන ආහාර අතරින් සියයට හතලිස් පහක කැඩ්මියම් ප්‍රතිශතයක් සහල් වල දැකිය හැකි බවයි පැවසෙන්නේ




    ශ්‍රී ලංකාවාසීන් අතර පැතිර යමින් පවතින බරපතල වකුගඩු රෝගය සම්බන්ධ ශ්‍රී ලංකාවේ දී ලබා ගත හැකි දත්ත විශ්ලේෂණය කිරීමේ දී කැඩ්මියම් බහුල ආහාර පරිභෝජනයෙන් වැලකී සිටීම එයට කෙටිකාලීන විසඳුමක් විය හැකි බව ඒ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් පවසයි.
    කැඩ්මියම් බහුල වශයෙන් අන්තර්ගත වන්නේ සහල් වල බැවින් කැඩ්මියම් සාන්ද්‍රණය අවම වන ආකාරයට සහල් සහ එළවලු වගා කළ යුතු අතර, ඒ සඳහා විද්‍යානුකූලව කැඩ්මියම් සාන්ද්‍රණය පරීක්ෂා කළ හැකි නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ තරුණ, ආබාධිත සහ වැඩිහිටි ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් බීබීසී සංදේශයට පැවසීය.
    ඒ අතරතුර ශ්‍රී ලාංකික ජනතාව තාවකාලිකව හෝ බත් ආහාරයට ගැනීම අඩු කොට කොස්, දෙල් වැනි අහාර වලට හුරුවීම යෝග්‍ය බව දොස්තර ආනන්ද ජයලාල්ගේ මතයයි.
    වෛද්‍ය ආනන්ද ජයලාල් ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම්, ග්ලයිෆොසෙට් හෝ ආසනික් බව මෙතෙක් සනාථ වී නැති බව පවසමින් චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ විශේෂඥ කණ්ඩායමක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත ප්‍රතිශතයන් ඉක්මවා නොයෑම මගින් පමණක් අදාළ රසායනික ද්‍රව්‍ය වලින් මිනිස් සිරුරට කරන බල පෑම නොසලකා හළ නොහැකි බවයි ඔහු පවසන්නේ



    කැඩ්මියම් සහිත සහල්

    ශ්‍රී ලාංකික ජනතාව දැනට පරිභෝජනය කරන ආහාර අතරින් සියයට හතලිස් පහක කැඩ්මියම් ප්‍රතිශතයක් සහල් වල දැකිය හැකි අතර අල හා බතල වැනි අහාර වලද කැඩ්මියම් ප්‍රතිශතය ඉහළ මට්ටමක තිබෙන බව මෙතෙක් ඒ පිළිබඳව පළවූ පරීක්ෂණ වාර්තා තිස් දෙකක තොරතුරු මත පදනම්ව ශ්‍රී ලංකාවේ වකුගඩු ගැටලුව පිළිබඳව පර්යේෂණ පැවැත්වීමට අදහස් කරන චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියේ නිගමනය වී තිබේ.
    පළමුව ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයක දරුණු වකුගඩු රෝගයක් පැතිර යාමට ප්‍රධානම හේතුව පානීය ජලයේ අඩංගු ග්ලයිෆොසෙට් විෂ රසායනය බව රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ජයසුමන පවසා තිබුණි.
    එහෙත් ලන්ඩන් නුවරදී සිය සොයා ගැනීම් ප්‍රකාශයට පත් කළ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය කමල් ගම්මම්පිල අවධාරණය කරන්නේ වකුගඩු රෝගය පැතිර යාමට ප්‍රධානම හේතුව ආහාරවල අඩංගු කැඩ්මියම් ප්‍රතිශතය ඉහල යාම බවයි.





    ග්ලයිෆොසෙට්


    ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මීට ඉහතදී පවත්වන ලද පරීක්ෂණයෙන් පෙන්වා දෙන පරිදි වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව ග්ලයිෆොසෙට් විෂ නාශකය නොවන බවයි ඔහු ප්‍රකාශ කළේ.
    කෙසේවුවද පර්යේෂකයන් බොහෝ දෙනෙකු විසින් කැඩ්මියම් හා වකුගඩු රෝගය අතර සම්බන්ධය පිළිබඳව කරුණු දක්වා තිබුණු අතර තම පරීක්ෂණ දත්තයන් මත පදනම් ව වෛද්‍ය ආනන්ද ජයලාල් පවසන්නේ එකී කැඩ්මියම් බහුලව හමුවන ආහාරය වන්නේ සහල් බවයි.
    ලංකාවේ සිදුකර ඇති පර්යේෂණ වල දී බොහෝ විට සිදුවී ඇත්තේ ජලය, සහල් හෝ වෙනත් ද්‍රව්‍ය වෙන් වෙන් වශයෙන් පරීක්ෂාවට ලක් කර ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය ප්‍රතිශතයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පවතීදැයි සොයා බැලීම බව පවසන වෛද්‍ය ජයලාල් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත ප්‍රතිශතයන් ඉක්මවා නොයෑම මගින් පමණක් අදාළ රසායනික ද්‍රව්‍ය වලින් මිනිස් සිරුරට කරන බල පෑම නොසලකා හළ නොහැකි බව පවසයි.


    බැර ලෝහ'

    "ලංකාව ප්‍රධාන වශයෙන් සහල් පරිභෝජනය කරන රටක්. ඉතිං මේ 'බැර ලෝහ' වල විෂ භාවය ගණනය කරන කොට 'Total diet study' එහෙම නැතිනම් සම්පුර්ණයෙන්ම ගන්නා ආහාරවල තියන, ජලයත් ඇතුළුව, තියන ප්‍රමාණයන් ගණනය කරලා බලන්න ඕන. ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතක දී කැඩ්මියම් සතියකට ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 7 සිට 5.8 දක්වා අඩුකලා. යුරෝපා සංගමය ඒක අඩු කලා 2.58 ට" යනුවෙන් පැවසූ ඔහු සහල් හා අනෙකුත් අහාර වල ඇති කැඩ්මියම් ප්‍රතිශතය සම්බන්ධ තමන්ගේ පර්යේෂණ වල දත්තයන් චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියට අයත් කණ්ඩායම විසින් දැක තිබේ දැයි නොදන්නා බවයි ප්‍රකාශ කළේ.
    වකුගඩු ගැටලුව පිලිබඳ අධ්‍යයනය කරන විවිධ පර්යේෂකයන් "සිරුරේ කොටස් අල්ලා බලා අලියා ගේ ස්වරුපය තීරණය කළ අන්ධයන්" සේ ක්‍රියාකරන බව පැවසූ ඔහු ආසනික්, ග්ලාෆොසෙට් හෝ කැඩ්මියම් ගැන පමණක් අවධානය යොමු නොකොට 'සමස්ථ චිත්‍රය' සලකා බැලිය යුතු අතර වකුගඩු රෝගය පැතිරීමට හේතුව කැඩ්මියම් බවට අවසාන නිගමනයකට පැමිණීමට තවමත් නොහැකි වූවද සහල් සහ තවත් අහාර වර්ග වල කැඩ්මියම් විශාල වශයෙන් තිබීම නොසලකා හරිය නොහැකි බවයි වෛද්‍ය ආනන්ද ජයලාල් අවධාරණය කළේ.


     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වකුගඩු රෝගයට තවමත් නිශ්චිත හේතුවක් සොයාගෙන නැත. කෘෂි රසායනික ද්‍රව්‍ය අධික ලෙස භාවිත කිරීම, පානීය ජලයේ අධික ලවණ සාන්ද්‍රණය හා බැරලෝහ තිබීම ආදී කරුණු කාරණා මෙම රෝගයට මූලික හේතු ලෙස විද්වත්හු ප්‍රකාශ කරති. වකුගඩු රෝගීන් වෙනුවෙන්ම වෙන් වූ විශේෂිත රෝහල්ද ඉදිවෙයි. මේ සියල්ල අතරේ රටට බත සපයන රජරට මිනිසුන්ගෙන් වකුගඩු රෝගී සායනවල පෝලිම් දිගු වෙයි.
    “රජරට මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් හා ජීවන රටාව වෙනස් කිරීම තුළින් වකුගඩු රෝගයට ගොදුරුවීම පාලනය කළ හැකියි”. දෙහිඅත්තකණ්ඩිය දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරි ඩබ්. එම්. එන්. සුදර්ශන මහතා කියයි.
    දෙහිත්තකණ්ඩිය මූලික රෝහල සහ දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සහයෝගය ඇතිව දෙහිඅත්තකණ්ඩිය දිස්ත්‍රික් ආයුර්වේද රෝහල විසින් රජරට ජනතාව වකුගඩු රෝගයෙන් මුදා ගැනීමට දියත්කර ඇති විශේෂ වැඩසටහනක් පිළිබඳ දැනුවත් කිරීමේ රැස්වීමකදී වෛද්‍ය සුදර්ශන මහතා කරුණු කරණා ගණනාවක් ආයුර්වේදයට අනුව පැහැදිලි කළේය.
    “අද වන විට රටේ ශ්‍රම බලකායේ දහස් ගණනක් වකුගඩු රෝගයට ගොදුරු වී සිටිනවා. මෙම රෝගීන්ගේ රෝගය පාලනය කිරීමට සහ අලුතින් රෝගී සායනවලට ජනතාව එකතු නොවීමට මම විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කළා.. ‘සුරකිමු පුරවරය වකුගඩු උවදුරින්’ යන්න මෙහි තේමාවයි. රජරට මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් හා ජීවන රටාව වෙනස් කිරීම තුළින් වකුගඩු රෝගයට ගොදුරුවීම පාලනය කළ හැකියි. ඒ වෙනුවෙන් මම ගමක් ගමක් පාසා යනවා. අද මම එය දෙහිඅත්තකණ්ඩියෙන් ආරම්භ කළා. බටහිර හා ආයුර්වේදය යන වෛද්‍ය ක්‍රමයන් දෙකම එකතුකරගෙන රෝගී ජනතාව රැක ගන්න උත්සාහ කරනවා.
    “වකුගඩු රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව මාස හයකට වරක්වත් පහත පරීක්ෂා කිරීම් සිදු කිරීම ඉතා වැදගත්.
     රුධිර පීඩනය මැන බැලීම
     මුත්‍රවල ප්‍රෝටීන මැන බැලීම
     වකුගඩුවල ස්කෑන් පරීක්ෂාව
     මුත්‍ර පෙරීමේ ශීඝ්‍රතාව පරීක්ෂා කිරීම
    “වකුගඩු රෝගය අපි අවස්ථා පහක් යටතේ හඳුනා ගන්නවා. එයින් පළමු අවස්ථාවේ සිට තුන්වැනි අවස්ථාව දක්වා අපිට පුළුවන් මේ රෝගය ආයුර්වේද ප්‍රතිකාර තුළින් පාලනය කරන්න. හතරවන සහ පස්වන අවස්ථාවේදී වකුගඩුවක් බද්ධ කිරීම හෝ රුධිර කාන්දුකරණය සඳහා යොමුවිය යුතු වෙනවා.
    ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට රෝගයක් ඇතිවීමට ආහාර රටාව සහ ඇවතුම්පැවතුම් බලපානවා. ඊට අමතරව ජානමය සාධක සහ පාරිසරික හේතු සාධක බලපානවා. මෙයින් අපට ආහාර රටාව සහ ඇවතුම් පැවතුම් වෙනස් කරන්න පුළුවන්. රජරට ජීවත්වන මිනිස්සු විදිහට අපි උෂ්ණ ප්‍රදේශයට ගැළපෙන ආහාර ගත යුතුයි.
    “නිරෝගී පුද්ගලයෙක් නම් ඉර පායන්න විනාඩි 48කට කලින් එනම් උදෑසන බ්‍රහ්ම මුහුර්තියෙන් අවදි විය යුතුයි. අනතුරුව පිරිසුදු වතුර දෝත් අටක් පානය කිරීමෙන් අනතුරුව මළ සහ මුත්‍ර පහ කළ යුතුයි. දිනපතා වෙහෙසෙන කම්කරුවන් වැනි අය හැර අනෙක් පුද්ගලයින් ව්‍යායාම කළ යුතුයි. ඊට පස්සෙ අපිට පුළුවන් පිරිසිදු එළකිරි හෝ කොළකැඳ වීදුරුවක් බීලා දවසේ වැඩකටයුතු ආරම්භ කරන්න. උදෑසන කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර වෙනුවට දේශීය අාහාරවලින් යුතු සමබල ආහාරවේලක් අරගෙන දවසේ වැඩකටයුතු පටන් ගැනීම සුදුසුයි.
    “මහවැලි සී කලාපයේ වකුගඩු රෝගයට ගොදුරු වී ආයුර්වේද ප්‍රතිකාර සඳහා එන පුද්ගලයන් විශාල පිරිසකගෙන් අපට අනාවරණය වූ කාරණයක් තමයි ඔවුන්ට මුලින්ම ඇති වී තිබෙන්නෙ මල බද්ධය බව. මෙය අර්ශස්ම නොවෙයි. මළපහ පිට කිරීමේ අපහසුතාව. මෙයට ප්‍රධාන හේතුව තමයි ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම සහ ආහාර ජීර්ණය නිසි ලෙස සිදු නොවීම. මෙලෙස ආහාර ජීර්ණය නිසිලෙස සිදු නොවූ විට ආමාශය තුළ විෂ එකතුවෙනවා. මෙම විෂ ශරීරයේ විවිධ ස්ථාන කරා ගමන් කරනවා. මෙම විෂ විශේෂයෙන් වකුගඩුවලට හානි කරනවා. ඒ වගේම බෝනොවන අනෙකුත් බොහෝමයක් රෝගවලට මෙය හේතුවක් වෙනවා.
    “නිරෝගී පුද්ගලයින්ට ශරීරයේ විෂ නැසීමට දිවුල් කොළ කැඳ සහ කරපිංචා කොළ කැඳ ඉතා වැදගත් වෙනවා. මෙම ප්‍රදේශවල ඕනෑ තරම් මෙම කොළ වර්ග සොයා ගන්න තිබෙනවා. ඒ වගේම බෙලි කොළ කැඳ, උදුපියලිය කැඳ ශරීරයේ විෂ නැසීම මෙන්ම අම්ල පිත්ත රෝගයටත් ඔසුවක් වෙනවා. ඒ වගේම වකුගඩුවල සහ මුත්‍රාශයේ ගල් ඇතිවීම වළක්වා ගැනීමට කැකිරි ඇට ඔසුවක් වෙනවා. කැකිරි ඇටවලට තිබෙනවා මුත්‍රා ගල් දිය කිරීමේ හැකියාව. අපිට පුළුවන් කැකිරි ඇට අඹරලා උයන වෑංජනවලට කලවම් කරන්න. අපේ පාරම්පරික සහල් වර්ගවලට පුළුවන්කම තිබෙනවා අපිව නිරෝගීව තබන්න. හීනැටි හාල්, මඩතවාලු, පච්චපෙරුමාල්, කුරුළුතුඩ වැනි දේශීය සහල් වගේම මෙනේරි, කව්පි, මුංඇට, කඩල, කුරක්කන්, ඕළු හාල් වැනි ධාන්‍ය වර්ග ආහාරයට එකතුකර ගැනීම කළ යුතු වෙනවා.
    “ප්‍රදේශයේ වැවෙන ස්වභාවික විෂ රසායන නොයෙදූ ජාන වෙනස් නොකළ ආහාරපාන වැඩිපුර ආහාරයට ගන්න හිතට ගත යුතුයි. ඒ වගේම අපේ විශේෂ අවධානයක් යොමු කළ යුතු දේශීය පලතුරු වර්ග කිහිපයක් තිබෙනවා. කටු අනෝදා, නෙල්ලි, දිවුල්, බෙලි, වෙරළු, උගුරැස්ස, ලාවුළු, මාදං, අඹරැල්ල වැනි දේශීය පලතුරු නිතර ආහාරයට එකතුකරගන්න පුරුදු වෙන්න ඕනෑ. මේ එකින් එකට විශේෂිත ගුණ තිබෙනවා. ඒවා වෛද්‍යවරයෙක් මුණගැසී විස්තරාත්මකව දැන ගන්න පුළුවන්. ආයුර්වේද වගේම බටහිර වෛද්‍යවරුත් අද අපේ සමාජයට කියන්නේ ආහාර රටාවේ වෙනසක් ඇති කරන්න කියලා.
    “අර්තාපල් භාවිතය අඩු කර ඒ වෙනුවට මඤ්ඤොක්කා, බතල, කිරිඅල, හිඟුරල කකුලල, හුළංකීරිය, බුත්සරණ වැනි දේශීය අල කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. වත්මන් සමාජයේ සමහර තරුණ දරුවො හුළංකීරිය කියන්නෙ මොනවද කියලා දන්නෙත් නැහැ. ගොටුකොළ, මුකුණුවැන්න, මුරුංගා කොළ ගැන දැනගෙන හිටියට තැල්කොළ, සාරණ, සුදු හඳුන්කොළ, තෙඹුකොළ, කිරිහැන්ද කොළ වැනි පලා වර්ග ගැන අපේ සමහර වැඩිහිටියොවත් දන්නෙ නැහැ. රසායනික යෙදූ උඩරට එළවළු හැකිතාක් අඩු කරන්න. අළු කෙසෙල්, කරවිල, පතෝල, වට්ටක්කා, එළබටු, තිබ්බටු, කැකිරි, රාබු දඹල වැනි එළවළු වර්ගවලට හුරුවෙන්න. හාල් මැස්සන්, කුඩා මසුන් ආහාරයට සුදුසු බව කිවයුතුයි. හත්මාළුව, නියඹලාව, කිරිහොද්ද, ආනම, තැම්බුන් හොද්ද, මුං ආදී සාම්ප්‍රදායික ආහාර අද අප අතරින් ගිලිහී ගොස් තියෙනවා. එම ආහාරවලට හුරු විය යුතු කාලය දැන් පැමිණ තිබෙනවා. මෙම ආහාර සකස් කරන්න දන්නා වැඩිහිටි අය අපේ සමාජයේ අදටත් ඉන්නවා. අපි ඒ අයගෙන් අපට උරුම වූ ආහාර සැකසුම් ක්‍රම උගත යුතුයි.
    “අද අපි හැම කෙනෙක්ම පුරුදුවී සිටිනවා කෘත්‍රිම රසකාරක යොදා ආහාර රස ගැන්වීමට. දිවට රහ දැනුණට මේවා ජීවිතයට නීරස බව හිතට ගන්න. කෘත්‍රිම රසකාරක කිසිවිටෙක යොදන්න එපා. සූදුරු, මාදුරු, කොත්තමල්ලි, උළුහාල්, ගොරකා, සුදුළූණු, කරපිංචා, කහ, කුරුඳු පොතු, එනසාල්, අබ, සියඹලා වැනි ස්වභාවික රසකාරක සෑම විටම යොදා ගන්න උත්සාහ කරන්න. ඉස්සර අපේ ගෙවල්වල ලුණු පොල්කට්ට තිබුණා. අද එය අභාවයට ගිහිං. නමුත් ලුණු පොල්කට්ටේ බහාලීම කරුණු කීපයක් නිසා වැදගත් වෙනවා. හැබැයි මතක තියාගන්න බෝනොවන රෝග බොහොමයකට මූලික හේතුව ලුණු, තෙල් සහ සීනි බව. කෘත්‍රිම වර්ණකාරක යෙදූ ආහාර හැකි තරම් අඩුකිරීමට උත්සාහ ගත යුතුයි.
    ආහාරවලට යොදා ඇති කෘත්‍රිම රසකාරක හඳුනා ගැනීමට යොදා ඇති අංක ක්‍රමය
    E 100 – E 199 –වර්ණක
    E 200 – 299 – කල් තබා ගැනීමේ කාරක
    E 300 – 399 – ප්‍රති ඔක්සිකාරක
    E 400 – 499 – ඝනකාරක
    E 500 – 599 – අම්ප පාලක
    E 600 – 699 – රස වර්ධක
    E 700 – 799 – ප්‍රති ජීවක
    “අපි යම් නිෂ්පාදනයක් මිලදී ගන්න විට කල් ඉකුත්වීමේ දිනය වගේම ඊ අංක
    කෙරෙහිත් අවධානය යොමු කළ යුතු වෙනවා. අපේ ගමේ ගෙදර ආහාර සකස් කිරීමේදී භාවිතයට ගත් මිරිස්ගල, වංගෙඩිය, කුරහංගල වැනි උපකරණ අද අපේ ගෙදර කුස්සියෙන් ඉවත් වෙලා. ඒ වෙනුවට නවීන විද්‍යුත් උපකරණ ආදේශ වෙලා. නමුත් පැරණි උපකරණ කුස්සියට ගෙනා යුතුයි. ඒවා නැවත පරිහරණයට ගත යුතුයි. විශේෂයෙන් රජරට ජනතාවට මෙය අපහසු දෙයක් නොවෙයි. රස්සාවකට යන මිනිස්සු ඇලුමිනියම් රයිස් කුකර් එක භාවිත කළාට ගමේ ගොවි ජනතාවට ඇයි මැටි මුට්ටියෙ උයන්න බැරි. නගරයේ මිනිසුන්ගේ නැති නාගරික ලක්ෂණ ගම්වල මිනිස්සු පෙන්වන්න උත්සාහ කරනවා. එහි විපාක තමයි අපි අද මේ විදිහට විඳවන්නෙ. වකුගඩු රෝගයෙන් මිදෙන්න කම්මැලිකමින් වැළකිලා අපේ පැරණි ආහාර රටාවකට යා යුතුයි.
    “ඒ වගේම ගොවිජනපදවල ජීවත්වන ඔබ අලුත් කැකුළු හාල් ආහාරයට ගන්න එපා. වී තම්බා වේළා සහල් සකස්කරගෙන ආහාරයට ගැනීම තමයි වැදගත් වෙන්නෙ. මේ ප්‍රදේශයේ අය දිරවීමට පහසු ආහාර භාවිතයට හුරු විය යුතුයි. වැටකොලු, පතෝල, කැකිරි, නෙළුම්අල, රාබු වැනි එළවළු පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. උඩරට තිබෙන ව්‍යාපාරික එළවළු වගාවට වැඩි වශයෙන් රසායනික යොදනවා. ඒවා සීමා කළ යුතුයි. ඒ වගේම කව්පි, මුං ඇට වගේ ධාන්‍ය වර්ගයක් තම්බන විට දිරවීමේ පහසුවට පොල් එකතු කරන්න. මස් වර්ග පිසින විට දේශීය කුළුබඩු යොදා ගැනීමට මතක තබා ගන්න.
    “විශේෂ අසනීපයක් නැත්නම් දිනපතා ස්නානය කිරීම වැදගත් වෙනවා. මෙහිදී වැවකට හෝ ඇළකට ගිහිං ආරක්ෂිත ස්ථානයක නෑම ඉතා වැදගත් වෙනවා. දිනකට පිරිසුදු වතුර බෝතල් පහක් හයක්වත් පානය කිරීම මෙන්ම ව්‍යායාම හා යෝග අභ්‍යාසවල යෙදීම නිරෝගී දිවි පැවැත්මට ඉතා වැදගත් වන බවත් මතක් කරනවා.
    “වකුගඩු රෝගීන්ට සුදුසු ආහාර ගැනත් පැහැදිලි කළ යුතුයි. මෙම රෝගීන් උදෑසන ව්‍යායාමයෙන් අනතුරුව කිරි වීදුරුවක් පානය කිරීම සුදුසුයි. උදෑසන ආහාරයට මුං ඇට, කඩල, කව්පි වැනි ධාන්‍ය අඬු කෝප්ප භාගයක් හෝ නිවුඩු හාල් බත් හෝ කැඳ වඩාත් සුදුසුයි. කැඳක් නම් දිවුල්, බෙලි, කරපිංචා වැනි කැඳ වර්ගයක් බොන්න පුළුවන්. උදේ දහයට තේ වෙනුවට කටු අනෝදා, නෙල්ලි, බෙලි වැනි දේශීය පාන වර්ගයක් යොදා ගැනීම කළ යුතුයි. දිවා ආහාරයට තැම්බූ හාල්වල බත් හෝ නිවුඩු හාල් බත් සමඟ කොළ මැල්ලුමක්, එළවළු වර්ගයක් සහ මස් හෝ මාළු ශරීරයේ බර අනුව ගත යුතුයි. සවස තේ පානය වෙනුවටත් දේශීය පලතුරු යුෂක් ගන්න පුළුවන්. රාත්‍රී ආහාරයට හාල් පිටි ඉඳි ආප්ප වැනි දෙයක් තමයි අපි නිර්දේශ කරන්නෙ.
    “ඒ වගේම වකුගඩු රෝගීන් නොගත යුතු ආහාර පිළිබඳව පැහැදිලි කළ යුතු වෙනවා. මෙහිදී ප්‍රොටීන් බහුල මස්වර්ග, ඉස්සො, දැල්ලො වැනි මුහුදු ආහාර මෙන්ම ප්‍රොටීන් බහුල සෝයා, බෝංචි, හතු, දඹල වැනි දෑ නොගත යුතුයි. කරවල, ජාඩි, සුප්කැට, සෝයා සෝස්, ඊස්ට්, ලුණු රස බිස්කට්, ලුණු යෙදූ කජු, හැම්බේකන්, සොසේජස් සහ බයිට් වර්ග සහ කෘත්‍රිම ආහාරපාන ප්‍රතික්ෂේප කළ යුතුයි. චොක්ලට් වැනි කිරි ආහාරත් වකුගඩු රෝගීන් නොගත යුතුයි. දෙහි, දොඩම්, අඹ, අන්නාසි, කෙසෙල්, ජම්බෝල, වියළි මිදි වැනි පලතුරුත් ආහාරයට නොගත යුතුයි. සුදු පාන් පිටි, අර්තාපල්, සුදු කැකුළු හාල් ආහාරයට නොගැනීමට කටයුතු කළ යුතුයි.
    “වකුගඩු රෝගීන්ට හිතකර ආහාර වර්ග කිහිපයයක් මතක් කරන්නම්. එළවළු විදිහට කෙකටිය, නීරමුල්ලිය, කැකිරි, ඕලු ඇට, සාරණ, එළබටු, පුහුල්, රතු ලූනු සහ කොමඩු, නෙල්ලි, සීනි කැකිරි, මිදි, පේර, බෙලිකටු, අනෝදා, බෙලි, පලතුරු ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. දේශීය සහල් වර්ග, කොත්තමල්ලි, බාර්ලි, බත්කැඳ, පලතුරු යුෂ මෙම රෝගීන්ට ගන්න පුළුවන්. වකුගඩු රෝගීන් වෛද්‍යවරයෙක් හමුවී තමන්ට ඇති අනෙකුත් රෝග පිළිබඳවත් අවධානය යොමුකොට ආහාර රටාවක් සකස් කර ගත යුතුයි.
    “කෙටියෙන්ම කිව්වොත් වකුගඩු සහ අනෙකුත් බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීමට නම් අම්මාගේ සිතුවිලි සහ මුළුතැන්ගේ වෙනස් විය යුතුයි. මානසික ආතතියෙන් මිදී සොබා දහම සමග සහයෝගයෙන් ජීවත් විය යුතුයි.”
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මෙච්චර අව්ල් තියෙද්දිද පෝර නිකන් දෙන්න හදන්නෙ....
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Haal kanna be ne owath promote kara kara hitapan.

    Issara minissu hodata bath kewa. owa hadunada

    issara minissu kewe bro me den thiyena samba, keeri samba kehelmal newei,,, ekai e kaalei denui wenasa. ape rate minisunta leda wedi aththatama Bath kema hinda.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Informative post....

    Low quality fertilisers. Unfortunately, Cd is readily absorbed by rice and you cannot get rid of it when cooking.
    Natural water or the soil itself does not have Cd in these areas. So it gets artificially introduced.

    This is a known issue in China, Thailand etc. Quite recently the Chinese researchers discovered a gene which plays an important role in cadmium accumulation in rice. The disruption of this gene resulted in a decrease of cadmium accumulation in the rice grain, by reducing the cadmium uptake in rice root itself.