වගා කන්න 03කට පසු පළමුවරට මඩ පොහොර නැවක් අද දිවයිනට

monson

Well-known member
  • May 7, 2007
    25,687
    28,741
    113
    වගා කන්න 03කට පසු පළමු වරට මෙරට ගොවි ජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොරොහ හෙවත් TSP පොහොර රැගත් MV INCE PACIFIC නෞකාව අද (16) අළුයම කොළඹ වරායට පැමිණ තිබේ.

    එම නෞකාව මගින් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් පමණ මෙරටට රැගෙන විත් ඇති අතර ඉදිරියේදී තමත් එවැනිම මඩ පොහොර නෞකාවක් මෙරටට පැමිණිමට නියමිතව ඇති බවත් සඳහන්.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ USAID ආයතනවල දායකත්වයෙන් එම මඩ පොහොර මෙරටට ලබා දී තිබේ.

    එමෙන්ම මෙරට ලක්ෂ 12ක් වන සියළුම වී ගොවීන්ට මෙම මඩ පොහොර තොගය නොමිලයේ බෙදා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි. ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති පරිදි හෙක්ටයාර් 01කට මඩ පොහොර කිලෝග්‍රෑම් 55ක් බැගින් නොමිලයේ ලබා දීමට නියමිතව තිබේ.

    ඒ අනුව වගා කන්න 03කට පසු සියලුම පොහොර වර්ග එකවර ලැබෙන එකම වගා කන්නය මෙම යල කන්නය බවත් සඳහන්.

    ඒ අනුව TSP පොහොර (මඩ පොහොර ), යූරියා සහ MOP (බණ්ඩි පොහොර ) යන රසායනික පොහොර වර්ග 03ම ගොවීන්ට ලබා දීමට කටයුතු කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම TSP පොහොර තොගය නිල වශයෙන් භාරදීම හා ගොවීන්ට බෙදා හැරීමේ කටයුතු ලබන ඉරිදා (19) පස්වරු 01.00ට වත්තල කොමර්ෂල් පොහොර සමාගම් පරිශ්‍රයේදී සිදුකෙරේ.

    - https://www.ada.lk/breaking_news/වගා-කන්න-03කට-පසු-පළමුවරට-මඩ-පොහොර-නැවක්-අද-දිවයිනට/
     
    • Like
    Reactions: Asmodeus and 2osama

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    දැන් පොහොර නෙමේ ගැටලුව. අස්වැන්න මිල අඩුයි.

    ගොඩක් එළවලු වර්ග ගොවියාගෙන් ගන්නේ රුපියල් 20-60 අතර වගේ ගණන් වලට. කැරට්,ගෝවා එහෙම සත්තුන්ට කන්න අතරලා තියෙන්නේ,
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    අන්න ගිය කන්නේ උබලගේ ලොක්කයි අමරවීරයි බය නැතිව වගාකරන්න කියලා වගා කරලා ගත්තු අස්වැන්න විකුණා ගන්න බැරිලු. රජය 100ට ගන්නවා කියල ගන්නේ නැහැල්ලු. 70ට 80ටලු විකුනන්න වෙලා තියෙන්නේ. ගිය වියදම cover කරගන්න 120ට වත් විකුනන්න ඕනෙලු (ලාබ නැතිව).
    රජය 100ට කියපු ගමන් මෝල් කාරයොත් ගණන් බැස්සුවලු.

    උන් ගැනත් මොකක්හරි කරන්න කියපන්.
    සුද්දෝ පිනට දෙන පොහොර ටික ගැන පම්පෝරි ගහන්නේ නැතිව.
     
    • Like
    Reactions: LahiruRaz

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,741
    113
    image_2ffe710e24.jpg
    image_0b2d1532e1.jpg
    image_8d74458c6e.jpg
    image_bc897f2ff4.jpg
    image_75b5f6c39d.jpg
    image_a960f3106c.jpg
    image_bfbd80a8a4.jpg
    image_e1c30a60f5.jpg
    image_d38fc3cb96.jpg
    image_59a05590c0.jpg
    image_5cde43a025.jpg
    image_9566413d20.jpg
    image_6519646f36.jpg
    image_82c8499a5b.jpg
    image_4faa4895d1.jpg
    image_6414146dd4.jpg
    error


    19 March 2023, Colombo – With funding from the United States Agency for International Development (USAID), the Food and Agriculture Organization of the United Nations (FAO) in Sri Lanka delivered 36 000 tonnes of Triple Super Phosphate (TSP) fertilizer to the Ministry of Agriculture today for immediate distribution to all paddy farmers across the country. This is the first shipment of Triple Super Phosphate (TSP) fertilizer to arrive in Sri Lanka since 2021 and will provide essential nutrients to paddy crops cultivated by over one million paddy farmers in the upcoming Yala cultivation season (April – August 2023) and beyond.




    ------ Post added on Mar 21, 2023 at 7:20 PM
     
    • Like
    Reactions: Asmodeus

    Similar threads