වජිර තව අනාවැකියක් කියයි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහ ඡන්ද 140ක් හෝ ඊට වැඩියෙන් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

    තමා මීට පෙර පැවසූ අනාවැකි එකක්වත් වැරදී නැති බව කී අබේවර්ධන මහතා "රනිල්" ජනපති වීම සියයට දහසක් "ෂුවර්" බව ද කීය.

    JyWAxo4.jpeg

    එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා වශයෙන් තමා පොහොට්ටුව ඇතුළු සෙසු පක්ෂවල මන්ත්‍රීවරුන් සමග රට අරාජිකත්වයෙන් මුදා ගැනීම සඳහා අවශ්‍ය කරුණු සාකච්ඡා කර තිබෙන බව කී අබෙිවර්ධන මහතා ජනාධිපතිවරයා තෝරන්නේ රහස් ඡන්දයකින් හෙයින් ඉක්මනින්ම ශ්‍රී ලංකාවට යහපතක් කාලයක් උදාවනු ඇතැයි විශ්වාසය තබා ගත හැකි බවද සඳහන් කළේය.

    පාර්ලිමේන්තුවේ 225 ම එකමුතුව කටයුතු කළොත් රට අරාජිකත්වයෙන් මුදා ගත හැකි බව ද එජාප සභාපතිවරයා කීය. එක්සත් ජාතික පක්ෂ විසින් ද අනුමත කළ ප්‍රජතාන්ත්‍රවාදී අරගලය ගිනි දැල් පත්තු වෙන තැනකට ගමන් කළ බවද රටේ මහජන නියෝජිතයන්ගේ නිවාස ගිනි බත් කරන, රාජ්‍ය දේපොළ විනාශ කරන ක්‍රියාදාමය ඉදිරියට ගමන් කළහොත් රට සම්පූර්ණයෙන්ම විනාශයට යන බවද වජිර අබේවර්ධන මහතා කීය.

    කිසිවෙක් රට ඉදිරියට ගෙනයන ප්‍රතිපත්ති මාලාවක් පැහැදිලිව ජාතියට ඉදිරිපත් නොකළ අර්බුදකාරී මොහොතක වැඩපිළිවෙලක් පැහැදිලිව ඉදිරිපත් කළ එකම නායකයා වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවද වජිර අබෙිවර්ධන මහතා පැවසීය .

    https://www.lankadeepa.lk/news/වජිර-තව-අනාවැකියක්-කියයි/101-616610