වට්‌ටක්‌කා වැලට දඩ

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
වට්‌ටක්‌කා වැලට දඩ

වට්‌ටක්‌කා වැලක්‌ මඟින් ඩෙංගු මදුරුවන් බෝවන බව පවසා රිදීගම පොලිසියේ පාරිසරික පොලිස්‌ ඒකකය මඟින් සිවිල් ආරක්‍ෂක කමිටු සාමාජිකයෙකු හට රුපියල් පන්දහසක දඩ මුදලක්‌ ගෙවන ලෙස නියම කොට ඇත.

සිද්ධිය වාර්තා වන්නේ මෙසේය,

ගිණිහිරිය පන්සලට නුදුරු ස්‌ථානයක සිල්ලර වෙළෙඳ සලක්‌ පවත්වාගෙන යන ඉහත කී සිවිල් ආරක්‍ෂක කමිටු සාමාජිකයා සහ ඔහුගේ බිරිඳ ගිණිහිරිය ග්‍රාම නිලධාරී වසමේ සිවිල් ආරක්‍ෂක කමිටුවේ සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් සිට ඇත.

එක්‌ දිනක්‌ රිදීගම පොලිසියේ පාරිසරික පොලිස්‌ ඒකකයේ නිලධාරීහු ප්‍රදේශයේ නිවාස පරීක්‍ෂාවේ යෙදෙන අතර අප කථානායකයාගේ වෙළෙඳ සලටද පැමිණ එහිදී සරුවට වැවී තිබූ වට්‌ටක්‌කා පරීක්‍ෂා කළ නිලධාරීන් මේ වැලේ කොළවලට වතුර පිරුණාම ඩෙංගු බෝ වෙන්න පුළුවන්. ඒ නිසා දඩ ගහන්න වෙනවා යෑයි පවසා ඇත.:confused: :eek:

වැළ ගලවල තියෙන්නේ. අපේ කඩේ තමා සිවිල් ආරක්‍ෂක කමිටුවේ සියලු සම්බන්ධීකරණ කටයුතු ලියකියවිලි සකස්‌ කිරීම් සිද්ධ කරන්නේ අපි දෙන්නම සිවිල් ආරක්‍ෂක කමිටුවේ ඉන්නවා උදව් කරනවා.

ආ එහෙමද? එහෙනම් දඩේ ඩබල් කරන්න ඕන. උසාවියට ගිහින් රුපියල් පන්දාහක්‌ ගෙවන්න වෙයි. සිවිල් ආරක්‍ෂක කමිටුවේ සාමාජික කියල සමාවක්‌ නෑ. :confused:

අවශ්‍ය කටඋත්තර ලබා ගැනීමෙන් පසු උසාවියට පැමිණෙන ලෙස දිනයක්‌ ලබාදුන් නිලධාරීන් පිටව ගොස්‌ ඇත. පසුව රම්බඩගල්ල උසාවිය වෙත අදාල දිනයේ පෙනී හිටි වට්‌ටක්‌කා වැල අයිතිකරු රුපියල් පන්දහසක දඩ මුදල ගෙවා නිදහස්‌වී ඇත. පසුගියදා ගිණිහිරිය ග්‍රාම නිලධාරී නිමල් කරුණාතිලක මහතා විසින් කැඳවා තිබූ ගිණිහිරිය සිවිල් ආරක්‍ෂක කමිටු රැස්‌වීමේදී මෙම සිද්ධිය හෙළිදරව් විය.

link
 

Similar threads