වටිනා මැණික් ටිකක් කීපයක් නොමිලේ...

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    වටිනා මැණික් ටිකක් කීපයක් නොමිලේ...

    ප්‍රඤ්ඤාණවන්තයන්ට පමණයි.......

    කළණ මිතුරු ඇසුර....

    වටිනා ඔවදනක්...

    1. $$ ඉදින් තැනට කලට නිසි නුවණැති,සමාන ගති පැවතුම් ඇති උසස් මිතුරකු නොලබන්නේද,දිනූ දේශය අත්හල රජකු මෙන් හුදකලා වියයුතුය.

    අතිපූජ්‍ය අපවත් වී වදාල බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමිපාණන් වහන්සේ...





    රේරුකානේ චන්දවිමල නාහිමියන් ලියූ"බුද්ධනීති සංග්‍රහය" නම් පොතෙහි මිත්‍රත්වය සම්බන්ධයෙන් මෙසේ සඳහන්වේ.




    1. සත් පියවරක් එක්ව ගමන් කිරීමෙන් මිත්‍රයෙක් වේ.
    2. දොලොස් දිනක් එක්ව විසීමෙන් සහායකයෙක් වේ;හෙවත් එක්ව හැසිරෙන යහළුවෙක් වේ.මසක් හෝ අඩමසක් එක්ව විසීමෙන් තම හා සමවූවෙක් වේ.
    මිත්තාමිත්ත ජාතකයෙහි යහපත් මිතුරාගේ සළකුණු මේසේ සඳහන් වේ.

    1. වෙන්ව වෙසෙන්නාවූ කල අනෙකා සිහිකරයි.ආ කල්හි සතුටු වෙයි.ඉක්බිති ඔහුට ආදරය දක්වයි.ප්‍රිය වචනෙන් පිළිසඳරේ කතා කරයි.
    2. අනෙකාගේ දියුණුවට සතුටු වෙයි.පිරිහීමට නොකැමති වෙයි.මිහිරි භෝජනයක් ලද කල්හි සිහි කරයි.
    3. තමාගේ රහස් මිතුරාට කියයි.මිතුරාගේ රහස් සඟවා තබයි.මිතුරාගේ වැඩවල හොඳ නරක පවසයි.ඔහුගේ ණුවන අගයීමට ලක් කරයි.
    4. මිතුරාගේ මිතුරන්ම ඇසුරු කරයි.මිතුරාගේ සතුරන් ඇසුරු නොකරයි.මිතුරාට දොස් කියන්නවුන් වළකයි.ගුණ කියන්නවුන් පසසයි.

    බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ගේ පළ නොකල අප්‍රකට ලිපි පොතෙන් උපුටා ගන්නා ලදී.

    ~~~~පවුසි~~~~