වටුකුරුළු කතාවට සමාන කතාවක් ජාඇළින්

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    රැනෙන් මිදී වෙළෙක වැටී සිටියදී අල්ලා කුඩුවක දමා සිරකර සිටි ගිරා පැටවකු ගිරා රංචුවක් පැමිණ කූඩුවේ දැල් ඈත් කර නිදහස් කර ගෙන යාමේ පුවත් මෙරට නිදහස් දිනය දා ජාඇළ බටගමින් වාර්තා වෙයි.
    image_6780f3455e.gif


    ගිරා රංචුවට බාධා කිරිමට ගිය ගෙහිමියාටද රංචුවේ සිටි එක ගිරවකු කෙටීම නිසා සුළු තුවාල ලබා ඇත.

    ජාඇල බටගම ප්‍රදේශයේ වෙල් යායක මීට මාසයකට පමණ පෙර වැටි සිටියේදි අහුලා ගත් ගිරා පැටවා ප්‍රදේශවාසි පුද්ගලයකු කුඩුකර ඇති දැඩි කොට ඇත. අවස්ථා කීපයකදී ගිරා රංචුවක් පැමිණ කූඩුව වාට ගැවසී ඇති අතර ඉකුත් 4 වැනි දා ගිරා රංචුවක් පැමිණ ඔවුන්ගේ හොටේ ආධාරයෙන් දැල් ඈත් කර තම රැහෙන් අතරමං වූ ගිරා පැටවා බේරාගෙන ඇත.

    මෙ රටට නිදහස ලැබුණු පෙබරිවාරි 04 වෙනි දිනම මේ සිද්ධිය ඇති වි තිබීම සුවිශේෂි බව අසල්වාසීහු කියති. ගිරා පැටවා කුඩුවක දමා ඇති දැඩි කළ අයගේ දියණිය වු චතුරිකා පෙරේරා මෙනවිය මෙසේ පැවැසුවාය.

    මිට මාසයකට ආසන්න කාලයකට පෙර තම නිවස අසල වෙල්යායක වැටි සිටි ගිරා පැටවාට ප්‍රතිකාර කර කුඩුවක දමා කවා පොවා ඇති දැඩි කළා.

    සිද්ධිය වු දින උදය 7.00 පමණ සිට එක් ගිරවකු ගිරා පැටවා රදවා සිටි කුඩුව උඩට පැමිණ කුඩුවේ කම්බි හපා කමින් යකුරු කුරු ඈත් කිරිමට මහත් වෙහසක් ගැනිමට උත්සහ කළා.

    මෙය නිවෙසේ සැමට විහුලුවක් මෙන්ම හස්‍යජනක සිද්ධියක් වුණා.

    නමුත් කිසිවකු බලාපොරොත්තු නොවු පරිදි දහවල 1 ට පමණ ගිරාවු 20 කට ආසන්න රංචුවක් පැමිණ එකිනෙකාගේ සහයෙන් කුඩුවේ කම් බි ඇත් කොට ගිරා පැටවා රැගෙන ගියා. ඒ අවස්තාවේ ගිරා රංචුවේ හැසිරිම් රටාව බිය උපදවන ආකාරයේ දැඩි චන්ඩ ස්වරුපයක් ගෙන තිබු බව ද ඇය කීවාය.
    image_2aab8cd5a4.gif
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    හැමෝගෙම අතේ ස්මාට් ෆෝන් තියන දැන් වගේ කාලෙක උදේ 7 ඉදලා දවල් 1 වෙනකන් උන එය සීන් එක රෙකෝඩ් කරන්න බැරි කමක් නෑනේ. අඩු ගානේ කම්බි එහෙ මෙහෙ කරපු කූඩුවේ ෆොටෝ එකක්වත් නෑ. මට පේන්නෙ නම් දාර නයෙක් තමයි.
     
    • Like
    • Haha
    Reactions: Sen-lu and GDKN2