වඩාත්ම පිළිකා කාරක කෑම 10 – මේවා කවදාවත් කන්න

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
වඩාත්ම පිළිකා කාරක කෑම 10 – මේවා කවදාවත් කන්න

මොන දේ කෑවත් පිළිකා හැදෙන්න පුළුවන්’’ කියන කතාව දැන් හැම තැනම පැතිරෙන එකක්. මේක වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ මේ වගේ පිළිකා කාරකයි කියලා හඳුනා ගත්තු දේවල් දාල හදපු කෑම විකුණන තැනුයි, ඒවාගෙන් නිතරම කන කට්ටියයි තමයි. මුලින් කියපු අය එහෙම කියන්නේ බිස්නස් එක පවත්වා ගන්න ඕනේ කමට, ඒවාගෙන් කාල පෙරේත කමට නවත්තා ගන්න බැරි අය තමන්ගේ කෑම සාධාරණීකරණය කර ගන්න තමයි ඔහොම කියන්නේ.

කොහොම වුනත් මේ දේවල් පිටිපස්සේ තියෙන්නේ බොහොම භයානක සත්‍යයක්. බොහොමයක් දෙනා නිතරම කන කෑම බීම වර්ග වල පිළිකා ඇති කිරීමේ හැකියාව වර්ධනය කරන බවට තහවුරු වුන දේවල් අඩංගුයි. දැන් මේ කියන්න හදන්නේ ඒ විදිහට වැඩියෙන්ම පිළිකා කාරකයි කියලා හඳුනා ගත්තු කෑම වර්ග 10 ගැනයි. ජීවත් වෙන්න ආසාවක් තියෙනවා නම් මේවා කන එකෙන් පුළුවන් තරම් ඈත් වෙන්න බලන්න.

1. ජාන වෙනස් කළ ආහාර (GMO)

GMO-Food1මේවා බහුලව හඳුන්වන්නේ GMO කියලයි, එහෙමත් නැතිනම් Genetically Modified Organisms හෙවත් ජාන වෙනස් කල දේවල් කියලයි. ස්වභාවිකව හැදෙන ගස් හා සතුන්ගේ විවිධ ලක්ෂණ වෙනස් කරලා වේගයෙන් හැදෙන, ඉතා විශාල වෙන විදිහට නිර්මාණය කරන එකයි මේකෙදි වෙන්නේ. හැබැයි මෙහෙම කරද්දී අනවශ්‍ය ජාන පවා මාරු වෙන නිසා පිළිකා ඇති වීම වැඩි බව තහවුරු වෙලා තියෙනවා. සියලූම පිළිකා රෝගීන්ගෙන් වැඩි පිරිසක් GMO ආහාර අනුභව කල අය බව පෙනී ගොස් තියෙනවා. මේ අතරට තිරිඟු පිටි වෙනස් කර හදන ආහාර, සෝයා හා කැනෝලා වගේ සුලබ දේවල් අයත්.

ඒත් මේවා පාවිච්චි කරලා විශාල ලාභ උපයන අයගේ බලපෑම නිසා මේ තොරතුරු වසන් වෙනවා. ඒත් අපිට පුළුවන් පරිස්සම් වෙන්න. කාබනික බවට තහවුරු කරපු ආහාර, ඨඵධ නොවන බවට තහවුරු කරපු ආහාර හෝ තමන්ව වවා ගත් දේවල් පාවිච්චි කරලා අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම වැඩි දෙනෙක් එහෙම කරාම මේ ලොකු කොම්පැනි වලට පාඩු සිද්ධ වෙන නිසා ඨඵධ හදන එක අධෛර්යමත් කරන්නත් අපිට වක‍්‍රාකාරයෙන් පුළුවන්.

2. සැකසූ මස් ආහාර.

Processed meatsසකස් කරපු මස් ආහාර, විශේෂයෙන් හැම්, බේකන්, සොසේජස්, මීට් බෝල්ස් වගේ දේවල් කල් තියා ගන්නත්, ලස්සනට පෙනෙන්නත් එකතු කරන දේවල් නිසා පිළිකා ඇති වීමේ ලොකු අවදානමක් තියෙනවා. මේවාට යොදන ප‍්‍රධානතම ද‍්‍රව්‍ය තමයි සෝඩියම් නයිට‍්‍රයිට් හා සෝඩියම් නයිටේ‍්‍රට්. ප‍්‍රධාන වශයෙන්ම පුරස්ථි ග‍්‍රන්ථි ආශ‍්‍රිත පිළිකා වර්ධනයට මේ සංයෝග බලපානවා. මේ නිසා මස් වර්ග තෝරා ගන්නවා නම් හැම වෙලාවකම අලූත් මස් වර්ග තෝරා ගන්න, මේ වගේ සකසලා පැකට් කරපුවා වෙනුවට. මාළු කන එකත් ප‍්‍රශ්නයක් නෑ.

3. මයික්‍රෝවේව් කරපු කෑම.

Microwave popcornආහාර මයික්‍රෝවේව් කරන එක හරිම පහසු දෙයක් වෙන්න පුළුවන්. ඒත් මයික්‍රෝවේව් කරපු කිසිම දෙයක සාමාන්‍ය විදියට උයපු/හදපු දෙක තියෙන රසය නෑ කියලා දැනිලා ඇති නේද? මයික්‍රෝවේව් උදුනකින් කරන්නේ ආහාරය තුල තියෙන ජල අංශු (සහ මේද අංශු වල ඇති අණුක ජලය) වේගයෙන් කම්පනය කරවන එකයි. මෙහෙම කිරීමෙන් ජලය අණුක තත්වයෙන් තියෙන මේදය, ප්‍රෝටීන් වගේ ආහාර සංඝටක වල විශාල වෙනස් කම් සිදු වෙන බව හොයා ගෙන තියෙනවා. මේ වගේ වෙනස් කම් වලින් පිළිකා කාරක ෙසෙල ඇති වෙන්න හොඳටම ඉඩ තියෙනවා. මේ නිසා ලේසියි පහසුයි කියලා බලන්නෙ නැතිව මයික්‍රෝවේව් කරපු කෑම ගන්න එක අදම නවත්වන්න පුළුවන් නම් හොඳයි.

4. සෝඩා වර්ග.

Soda popකොකා කෝලා වලට බනින එක දැන් බොහොම ජනප‍්‍රිය වුනත් ඇත්තම කාරණය ඒකෙ තියන නරක සංයෝග 90%ම අනිත් සෝඩා පානයන්ගේත් තියනවා. මේවායේ තියන අධික සීනි, ආම්ලික බව, ආහාර රසායනික හා වර්ණක නිසා අඩපණව තියෙන පිළිකා ෙසෙල පවා අලූතෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. විද්‍යාත්මකව පිළිකා කාරක කියලා නම් කරපු දේවල් ගොඩක් පාවිච්චි කරලා තමයි මේවාට යොදන රස කාරක, වර්ණක වගේම කල් තියා ගන්න ද‍්‍රව්‍ය වුනත් හදන්නේ. පිළිකා වගේම මේ අනවශ්‍ය සංයෝග නිසා වෙනත් ලෙඩ රෝග පවා වැළඳෙන්න ලොකු ඉඩක් තියනවා. මේ නිසා සෝඩා බීම වර්ග නම් නොබී ඉන්න තරමට හොඳයි.

5. ‘ඩයට්’ බීම වර්ග.

‘Diet’ foods, beveragesබොහොම සෞඛ්‍යාරක්ෂිත ආහාර තියෙන ලංකාව වගේ රටවල් වල පවා ක්ෂණික ආහාර වැඩිපුර කන්න ගිහින් මහත් වෙන අය එන්න එන්නම වැඩියි. මෙයාලා අතර ජනප‍්‍රිය බීමක් තමයි ඩයට් බීම. මේවායේ කැලරි අඩු සහ රසය එකම නිසා තමයි මෙයාලා මේවා බොන්න පෙළඹෙන්නේ, ඒ වෙනුවට සෞඛ්‍යාරක්ෂිත පානයක් බොනවා නෙවෙයි. ඒත් එහෙම වෙන්න හේතුව සාමාන්‍ය සෝඩා බීම වලට දාන සීනි වෙනුවට මේවාට දාන කෘත‍්‍රිම පැණි රස කාරක නිසයි. මේ සඳහා පාවිච්චි වෙන ඇස්පාටමේ (aspartame), සුක්‍රෝස් හා සැකරින් කියන ප‍්‍රධාන ද‍්‍රව්‍ය තුනම පිළිකා කාරක බව පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා.

6. පිරිසිදු කරපු තිරිඟු පිටි.

Refined ‘white’ floursමේක වක‍්‍රව පිළිකා වලට දායක වෙන ප‍්‍රධානතම දේවල් වලින් එකක්. තිරිඟු පිටි කියන්නේ පාන්, බිස්කට් හා බේකරි නිෂ්පාදන වලටත්, කොත්තු වගේ දේවල් වලටත් පාවිච්චි කරන ප‍්‍රධානම අමුද‍්‍රව්‍ය නිසා ලොකු බලපෑමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. පිළිකා හඳුනා ගැනීම, ලක්ෂණ හා වළක්වා ගැනීම පිළිබඳ ජර්නල් එකේ දක්වලා තියෙන විදිහට අධික ලෙස තිරිඟු පිටි ආහාර ගැනීම හා ගැහැණු අයගේ පියයුරු පිළිකා ඇති වීම අතර පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. මොන තරම්ද කියනවා නම් තිරිඟු පිටි අධික ආහාර ගන්න අයගේ පිළිකා වැළඳීමට ඇති හැකියාව 220%කින් වැඩියි. මෙහිදී මතක තියා ගන්න අවශ්‍යයි ඉඳ හිට කන එකෙන් නෙවෙයි ගැටලූව ඇති වෙන්නේ, නිතරම අධිකව තිරිඟු පිටි ආහාර ගන්න එක තමයි නරක කියන දේ. ඒ නිසා දැන්ම ඔබ බත් කන වේල් ගාන වැඩි කර ගෙන පාන්, රොටි, නුඞ්ල්ස්, කොත්තු කන වේල් ගාන අඩු කර ගන්න බලන්න.

7. සුදු සීනි

Refined sugarsසීනි සුදු කරන්නේ කොහොමද කියලා ඇහුවොත් වැඩි දෙනෙක් කියන්නේ දෙවරක් පිරිසිදු කරලා කියලයි. ඒත් කොහොමද ඒක කරන්නේ? සීනි වල හලලා / පෙරලා පිරිසිදු කරන්න පුළුවන් කුණු දුවිලි අඩංගු නිසා නෙවෙයි ස්වභාවික සීනි දුඹුරු පාට වෙන්නේ. ඒ තමයි සීනි වල පාට. ඒ නිසා සුදු සීනි හදන්න රසායනික විපර්යාසයක් කරන්න අවශ්‍යයි. මේක කිසිසේත්ම පිරිසිදු කිරීමක් නෙවෙයි. දුඹුරු පාට ඇති කරන පෝෂක ටික සීනි වලින් ඉවත් කිරීමක්. මෙතන ලොකුම ප‍්‍රශ්නය ඇති වෙන්නේ ඒකෙන් නෙවෙයි. මේ විදිහට දුඹුරු පාට ඉවත් කරපු සීනි පිළිකා ෙසෙල වලින් උරා ගන්න ඉඩ හොඳටම වැඩි වෙනවා. අපි කාගේත් ඇෙඟ් පිළිකා ෙසෙල තියෙනවා, නමුත් ඒවා වර්ධනය වෙන්නේ නැති නිසයි පිළිකා වැළඳෙන්නේ නැත්තේ. සුදු සීනි නිතර කෑවම මේවාට වර්ධනය වෙන්න වැඩි ඉඩක් ලැබෙනවා. නැති ලෙඩ හදා ගන්නවා කියන්නේ ඒකටයි. අදම ඒ නිසා දුඹුරු සීනි වලට මාරු වෙන්න.

8. ඇපල්, දොඩම්, මිදි.

Conventional apples, grapes, and other ‘dirty’ fruitsඅද හැම තැනම සීයට හතරයි පහයි කියලා විකුණන ගොඩක් පලතුරු එන්නේ චීනයෙන්. මේවා බොහෝ විට හදන්නේ විවිධ උත්තේජක බොහොමයක් දාලා වගේම වායු ¥ෂණය අධික, මිනිසුන්ට ජීවත් වෙන්න අමාරු පැති වල තියෙන ගොවිපළවල් වලින්. මේ නිසා මේ දේවල් නිතර කන එක ඒ තරම් නුවණට හුරු වැඩක් නෙවෙයි. කාබනික බවට තහවුරු කරපු තැනකින් මිසක් මේවා ගන්නෙ නැතිව ඉන්න පුළුවන් නම් හොඳයි. මේවාට යොදන උත්තේජක සහ කෘමි නාශක වලිනුත්, ඒ ගස් උරා ගන්න වාතයේ තියෙන විෂ වර්ග නිසාත් පිළිකා කාරක අවදානම ඉහල යනවා.

9. සැමන්

Farmed salmonටින් කරපු මාළු සඳහා වැඩිපුර පාවිච්චි කරන්නේ මුහුදෙන් අල්ලා ගන්න මාළු නෙවෙයි. කෘත‍්‍රිමව හදපු පොකුණු කර දිය විදිහට සකස් කරලා කුකුල් කොටු වගේ මාළුවන් පුරවලා තමයි හදන්නේ. මොකද එතකොට ලාභය වැඩි කර ගන්න පුළුවන්. අනික මේ මාළු ඉක්මනින් වැඩෙන්න විවිධ රසායනික හා ආහාර අතිරේක යොදනවා. මෙච්චර ගානක් එක තැන ඉන්න කොට රෝග බෝ වෙන එක නවත්තන්න වතුරටමයි බෙහෙත් දාන්නෙත්, ඉතින් හොඳට ඉන්න මාළුවන් පවා ඒ දේවල් උරා ගන්නවා. ඒ නිසා සැමන් වර්ග කෑවාට මාළුවන්ගේ ගුණය ලැබෙන්නේ නෑ. මේ නිසා ඔබට කන්න ඕනේ නම් මුහුදු මාළු හෝ වැව් මාළු කෑමට ගන්න. ඒක ඔබේ ඇඟට ඉතා ගුණදායකයි.

10. හයිඩ‍්‍රජනීකෘත තෙල් වර්ග

Hydrogenated oilsසැකසූ ආහාර, අල පෙති වගේ දේවල් මුඩු රහක් එන්නේ නැතිව කල් තියා ගන්න පාවිච්චි කරන්නේ හයිඩ‍්‍රජනීකෘත තෙල් වර්ග. මේවා සාමාන්‍ය තෙල් වලට හයිඩ‍්‍රජන් යවලා තමයි හදන්නේ. මේ ආහාර වැඩිපුර ගත්තම අපේ ඇෙඟ් තියෙන ෙසෙල වල ෙසෙල පටලයේ විවිධ වෙනස් කම් ඇති වෙලා පිළිකා ෙසෙල ඇති වෙන්න තියන අවදානම ඉහළ යනවා. මීට අමතරව මේවායේ ට‍්‍රාන්ස් මේදය බහුලව අඩංගු වෙන එකත් පිළිකා අවදානම වැඩි වෙන්න හේතු වෙන බව තහවුරු වෙලා තියෙනවා.

ඉතින් පේනවා නේද අපි රස කර කර කන ගොඩක් දේවල් පිළිකා කාරක බව? මේ නිසා පුළුවන් තරම් ස්වභාවික ආහාර වලට නැඹුරු වෙන්න. ලංකාව බොහොම නිරෝගී මිනිස්සු හිටපු රටක්. කනගාටුවට වගේ මේ අනවශ්‍ය කෑම බීම වලට හුරු වෙලා අපේ මිනිස්සුත් දැන් ජීවිතය ගෙවනවාට වඩා කරන්නේ ඉස්පිරිතාල වලට වෙලා කාලේ ගෙවන එකයි. හොඳට බලන්න අපේ දේශීය ආහාර එකක් මේ ලැයිස්තුවේ තියෙනවාද කියලා? ඉතින් මොනවටද අපි මළ ජරාව කාලා නිකන් ලෙඩ වෙන්නේ? බටහිර මිනිස්සු මේවා කාල එපා වෙලා ගුණවත් ආහාර කද්දී අපේ අය හොඳ ආහාර අහක දාල මේවා කනවා. පෝෂ්‍යදායක එළවලූ, පලතුරු වවන මිනිස්සු හිඟා කද්දී ලෙඩ හදන කෑම විකුණන මුදලාලිලා පොහොසත් වෙනවා.

මේ ලිපිය පුළුවන් තරම් share කරලා ලංකාවේ මිනිස්සු දැනුවත් කරන්න දායක වෙන්න. අපේ රට ලෙඩ ගොඩක් වෙන්න යන එක නවත්තන්න අපි කවුරුත් දායක වෙන්න අවශ්‍යයි. අදම හිතට ගන්න මේක වෙනස් කරලා හිටියා වගේම නිරෝගී ජාතියක් වෙන්න ශ‍්‍රී ලංකාවට උදව්‍ වෙනවා කියලා තමන්ට පුළුවන් විදිහට. කවදා හරි අපේ දරුවෝ අපිට පින් දේවි. දැන්ම ක‍්‍රියාත්මක වෙමු.


wadagathnm rep koranta
 

MCGSLG

Active member
  • Aug 22, 2011
    359
    135
    43
    Microwave ovens do not cause cancer

    Microwave ovens do not make foods radioactive. Microwave ovens heat food by producing radiation which is absorbed by water molecules in the food. This makes the water molecules vibrate and produce heat, which cooks the food. Microwaves heat food. They do not make any changes to food that aren’t made in any other cooking method. So they do not make food any more likely to cause cancer. If you follow the instructions for use for a microwave oven there is no known harmful effect on humans. For more information on radiation emissions from microwave ovens please refer to the Australian Radiation Protection and Nuclear Safety Agencywebsite.

    Read more at https://www.cancercouncil.com.au/86...vens-do-not-cause-cancer/#UuVCtGzhgrEuj38u.99
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,645
    113
    3. මයික්‍රෝවේව් කරපු කෑම.

    ප්‍රෝටීන් වගේ ආහාර සංඝටක වල විශාල වෙනස් කම් සිදු වෙන බව හොයා ගෙන තියෙනවා.

    රිසර්ච් පේපර් එකක් පෙන්නන සුදු :dull::dull: