වතිකානුවේ_තුන්වැනියා_හිරේ

Juntavo

Member
Feb 25, 2019
47
5
0
වතිකානුවේ_තුන්වැනියා_හිරේ

වතිකානුවේ තුන්වැනියා ළමා අපචාර වලට වැරදිකරු වේ.

ළමුන් සමඟ ලිංගිකව හැසිරීම: කාදිනල් වැරදිකරු වෙයි

AL4hqPx.jpg

ඉහත පින්තුරයේ වම් පසින් සිටින්නේ වතිකානුවේ රෝමානු කතෝලික පල්ලියේ තෙවනියට ඉහලම පුද්ගලයා වන
කාර්දිනල් ජෝර්ජ් පෙල් වන අතර දකුණු පස සිටින්නේ පාප්තුමාය.

වතිකානුවේ රෝමානු කතෝලික පල්ලියේ තෙවනියට ඉහලම පුද්ගලයා වන කාර්දිනල් ජෝර්ජ් පෙල් ඕස්ට්‍රලියාවේදී සිදු කළා යැයි පැවසෙන ලිංගික අපරාධ සඳහා වැරදිකරුවෙක් ලෙස නම් කර තිබේ. මෙවැනි චෝදනාවකට වැරදිකරු වූ ඉහළම කතෝලික පූජකවරයා වන්නේ ඔහුය. පෙල් විසින් මෙල්බර්න් නුවර පල්ලියක කාමර තුළ දී ගීතිකා කණ්ඩායමක පිරිමි ළමුන් දෙදෙනෙක් අපයෝජනය කර ඇති බව ජුරිය තීරණය කළේය. නමුත් තමා නිවැරදි බව ඔහු පවසයි. මෙම උසාවි තීරණය පසුගිය දෙසැම්බර් මාසයේදී ලබා දුන්නද, එය මේවනතෙක් වාර්තා කිරීමට නොහැකි වුයේ නීතිමය කාරණා හේතුවෙනි.

අශෝභන ක්‍රියා

දඬුවම් නියම කිරීම සම්බන්ධ නඩුව හෙට (පෙබ 27) සිට ඇසීමට නියමිත අතර ඔහු වැරදිකරුවෙක් බවට පත්කිරීමට එරෙහිව පෙල් දැනටමත් අභියාචනාවක් ඉදිරිපත්කර ඇත.

වතිකානයේ භාණ්ඩාගාරික වශයෙන් ද කටයුතු කළ 77 හැවිරිදි ඔහු කතෝලික පල්ලියේ තෙවැනි ඉහලම ප්‍රධානියාය.
තීන්දුවකට එළඹීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය වසරේ මෙම නඩුව දෙවරක් අසන ලදි.

වයස අවුරුදු 16ට අඩු ළමයෙකු සමඟ ලිංගිකව එක්වීමේ චෝදනාවට, දෙවන වර නම් කළ ජූරි සභාව විසින් ඒකමතිකව ඔහු වැරදිකරුවෙක් බවට පත් කරන ලදී.
එමෙන්ම, අවුරුදු 16ට අඩු ළමයෙකු යොදා ගනිමින් සිදු කරන ලද අශෝභන ක්‍රියා සම්බන්ධයෙන් එල්ල වූ තවත් චෝදනා හතරකට ද ඔහු වැරදි කරු විය.
අද දින උසාවියෙන් පිටතට පැමිණෙන විට මාධ්‍යවේදීන් විසින් පෙල් වට කර ගත් අතර ජනතාව ඔහුට උසුළු විසුළු කළේය.
පසුගිය වසර කිහිපය තුළදී ලොව පුරා කතෝලික පල්ලිය හා සම්බන්ධ පූජකවරුන්ට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා එල්ල විය.
එසේම සමහර සිදුවීම් හෙළිදරව් නොකළ බවටද කතෝලික පල්ලියට චෝදනා එල්ල විය.

උසාවියේදී හෙළි වුයේ කුමක්ද?

වික්ටෝරියා ප්‍රාන්ත අධිකරණයේදී හෙළි වූ කරුණු අනුව, මෙල්බර්න්හි අගරදගුරු ලෙස පෙල් කටයුතු කරන සමයෙහි, එනම් 1996 දී, අවුරුදු 13ක් වූ ළමුන් දෙදෙනෙක් දේව මෙහෙයෙන් පසුව පල්ලියේ කාමරයක සිටිනු ඔහුට හමුවී ඇත.

පසුව පල්ලිය මගින් දෙන වයින් පානය කිරීම හේතුවෙන් ඔවුන් වරදක් කර ඇති බව පවසා, ඔවුන් බිය ගන්වා එම ළමුන් දෙදෙනා බලහත්කාරයෙන් අශෝභන ක්‍රියා සඳහා යොදවා තිබෙන බව නීතිවේදීහු හෙළි කළහ.
1997 දී නැවත වරක් ඉන් එක් පිරිමි ළමයෙකු ඔහු විසින් අපයෝජනය කරනු ලැබ ඇති බවද හෙළිවිය.
අපයෝජනයට ලක් වුවා යැයි පැවසෙන එක් ළමයෙක් උසාවියේදී සාක්ෂි ලබාදුන් අතර අනෙක් පුද්ගලයා 2014 දී ඖෂධ අධිමත්‍රාවක් ගැනීම නිසා මිය ගොස් ඇත.
පූජක පෙල් ගේ නීතිඥයා වූ රොබට් රික්ටර් ගෙන ආ තර්කය වූ "වින්දිතයින් මතුකර ඇති චෝදනා මනස්ගාත" ලෙස බැහැර කළ යුතුය යන්න ජූරිය ප්‍රතික්‍ෂේප කළේය.

මේ අතර දැනට ජීවත්වන වින්දිතයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම නඩුව තමාට මානසික පීඩනයක් බවත් එය තවම නිමවී නොමැති බවත්ය.
ඔහුගේ නම හෙළිදරව් කිරීමට තවමත් අවසර නොමැත.

මේ සම්බන්ධ CNN වාර්තාව පහලින්.



-bbc-
 

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ශාදුලා ගල් කපපුවා පෝස්ට් කර කර ආතල් දීපු අන්‍යාගමික ෆොන්ස්ලා කාගේ කාගේත් කිල්ලෝටවල හුණු අඩු වැඩියෙන් තියෙනබව මතකතියාගත්තනම් එච්චරයි. :eek::eek:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    අපචාරකයො කොයි ආගම ඇතුලෙත් රිංගලා ඉන්න පුළුවන්. මේ වගේ අපචාරකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන එක ඒ ආගමේ යුතුකමක්. නීතිය ක්‍රියාත්මක කරන්න බල කරන එක ඒ ආගමික භක්තිකයොන්ගෙ යුතුකමක්. නීතිය ක්‍රියාත්මක කරන එක ඒ රටේ අධිකරන වල යුතුකමක්.
     

    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    ශාදුලා ගල් කපපුවා පෝස්ට් කර කර ආතල් දීපු අන්‍යාගමික ෆොන්ස්ලා කාගේ කාගේත් කිල්ලෝටවල හුණු අඩු වැඩියෙන් තියෙනබව මතකතියාගත්තනම් එච්චරයි. :eek::eek:

    ආගම කියන්නේ ගූ ගොඩක්
     

    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    අපචාරකයො කොයි ආගම ඇතුලෙත් රිංගලා ඉන්න පුළුවන්. මේ වගේ අපචාරකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන එක ඒ ආගමේ යුතුකමක්. නීතිය ක්‍රියාත්මක කරන්න බල කරන එක ඒ ආගමික භක්තිකයොන්ගෙ යුතුකමක්. නීතිය ක්‍රියාත්මක කරන එක ඒ රටේ අධිකරන වල යුතුකමක්.

    උබ ආගම අදහන්නේ නෑ නේද
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    අර සංගායනාවක්ද මොකක්ද එකක් කලානම් ඔය රෙකෝඩ් එක කඩන්න තිබ්බා ලංකාවේ උන්ට.. නෑ මේ නිකමට කිව්වේ..
     

    Similar threads