මොකක්ද සත්තුන්ගේ කුල භේදය කියන්නේ? බල්ලෝම ගමුකෝ උදාහරණයකට.බල්ලා කියන්නේ එක සත්ව විශේෂයක්.
විශේෂයක් කියන්නේ මේකයි.සත්තු දෙන්නෙක්ගේ සංවාසයෙන් පස්සේ උන්ට සරු ජනිතයෙක් උපදිනවා නම් ඔන්න උගේ අම්මා තාත්තා එකම විශේෂයේ සත්තු.ඒ කියන්නේ අලුත උපන් එකා වැඩිවියට පත් වුනාට පස්සේ ඌටත් පුලුවන් වර්ගයා බෝ කරන්න.තවත් සරල කලොත් අලුත උපන් එකා වඳ සතෙක් නෙමෙයි.
අශ්ව-බූරු සංවාසයෙන් කොටලුවා කියන වඳ සතා හැදෙන්නේ උන් දෙන්න විශේෂ දෙකක සත්තු නිසා.
බල්ලා කියන විශේෂය ඇතුලේ තමයි බලු කුල ඔක්කොම තියෙන්නේ.ඒකනේ උන්ගේ කුල-කුල අතරේ සංවාසවලින් සරු සත්තු ඇති වෙන්නේ.ඕක මිනිස්සු කෘත්‍රීමව කරලා අන්තිමට අලුතෙන් හැදෙන කුලේ සත්තු තමයි විදවන්නේ.උන්ට ශාරීරිකව එක එක ආබාධ තියෙනවා ඒ සත්තුන්ට.හොයලා බැලුවොත් තේරෙයි ඇත්ත නැත්ත.ස්වභාවධර්මයට විරුද්ධව ගියාම වෙන දේවල් තමයි ඕවා.
බලු කුල වගේම උප විශේෂ කියන ඒවා හැදෙන්නේත් ඒ සත්තු ජීවත් වෙන ස්ථානය අනුව.බලු කුල ඔක්කොම එක රටක හොයාගන්න බෑනේ.මම කියන්නේ ස්වභාවිකව හොයාගන්න බෑ කියලා.උප විශේෂවලට ඔය කතාව පොදුයි.හොඳම උදාහරණය දිවියා.ලංකාවේ ඉන්න උප විශේෂය නෙමෙයි ඉන්දියාවේ ඉන්නේ.එතකොට අප්‍රිකාවේ හම්බ වෙන්නේ තවත් උප විශේෂයක්.ඉන්න ප්‍රදේශය අනුව උප විශේෂ නිර්මාණය වෙලා.
උප විශේෂ දෙකක සත්තු අතර සංවාසයක් වුනොත් සරු ජනිතයෙක් ඇති වෙනවා.
මකුළුවන්ටත් ඕක පොදුයි.මකුළු විශේෂ දෙකක ගෑණු පිරිමි සංවාසයේ යෙදුනට සරු සතෙක් හැදෙන්නේ නෑ.
එක විශේෂයේ පිරිමි සත්තු අතරේ ගෑණු බෙදාගන්න නම් තරඟයක් තියෙනවා.ඒක ඉතින් ඔය තිරිසන් ලෝකෙට වගේම අපිටත් ටිකක් අදාලයි නේද.චීත්ත කෑලි වෙනුවෙන් අද කාලේ මිනී මරාගන්න උන් ඉන්නවා වගේම ඒ කාලේ යුද්ධ පවා කරලා තියෙනවානේ.මකුළුවෝත් එහෙම තමයි.උන්ගෙත් පිරිමි සත්තු මරා ගන්නවා.ශක්තිමත් එකා දිනනවා.
ප්‍රමාණයෙන් විශාල වීම ගෑණු සතෙක්ගේ අවදානය දිනා ගන්න හේතුවක්.
ඒත් සමහර අවස්ථාවලදී සයිස් එකෙන් පොඩි උන්ට වාසිත් තියෙනවා.
සටන් කරලා අතපය කඩාගෙන ආවොත් උන්ටත් ගෑණුන්ගේ කැමැත්තක් නෑ.සයිස් එකෙන් ලොකු වුනත් උගේ ෆිට්නස් මදි නම් ඒත් ප්‍රතික්ෂේප වෙනවා.
බහු පුරුෂ සේවනයේ යෙදෙන ගෑණු මකුළුවොත් ඉන්නවා.
එක ගෑණු සතෙකුට විතරක් #කන්න පිරිමි සත්තු හුගක් ට්‍රයි කරන අවස්ථා තියෙනවා.මේකෙන් බේරෙන්න ගෑණු සතා කරන්නේ අහවල් තැනට ඇබයක් ගහ ගන්න එක.ඊට පස්සේ ඉතින් හැම එකාට ඇවිත් ඇරලා යන්න බෑ.
හුගක් වෙලාවට පිරිමි සතෙකුට දෙපාරකට වඩා සංසර්ගයේ යෙදෙන්න බෑ.උන්ගේ අහවල් එක කැඩිලා යන කතාවකුත් තියෙනවා.
ගෑණු සත්තු පිරිමි සත්තුන්ව ආකර්ශණය කර ගන්නේ "පෙරොමෝන්" කියන රසායනික ද්‍රව්‍ය නිකුත් කරලා.මකුළුවෝ ගද සුවඳ හඳුනගන්නේ උන්ගේ කකුල්වල තියෙන, ගන්ධයට සංවේදී රෝම විශේෂයකින්.පෙරොමෝන් රසායනිකය විශේෂයෙන් විශේෂයට වෙනස් වෙනවා.ඒ නිසා වෙන විශේෂයක මකුළුවෙක් ඒකට ආකර්ශණය වෙන්නේ නෑ.වෙන විශේෂයක එකෙක් ආවත් ලේසියකට සංවාසයක් කරන්න බෑ.
ගන්ධයට සංවේදී රෝම
මොකද විශේෂයෙන් විශේෂයට ලිංගික අවයව වල හැඩය ප්‍රමාණය වෙනස් වෙනවා.ඉතුරු ටික කියන්න ඕනේ නෑනේ.
පිරිමි සත්තු වර්ණවත් වෙලා තියෙන්නේ ගෑණු සතෙක් දැලේ දාගන්න.සමහරු නැටුම් එහෙම පෙන්නනවා.ඌ යෝජනාව ඉදිරිපත් කලාට පස්සේ ගෑණු සතා තමයි කැමැත්ත අකමැත්ත කියන්නේ.
සමහර විශේෂ ඉන්නවා,පිරිමි සත්තු කීපදෙනෙක් එක්ක එකතු වෙලා හොඳම යෝජනාව ඉදිරිපත් කරපු එකාගේ ශුක්‍රාණු විතරක් තියා ගන්න.අනිත් පිරිමි සත්තුන්ගේ ශුක්‍රාණු අයින් කරනවා.
කුල භේදයක් කියලා දෙයක් මුන්ගේ නෑ දන්න තරමින්.ඒත් ඔය වගේ හොඳම පිරිමි සතා තෝරා ගැනීමක් සිද්ධ වෙනවා.උප විශේෂ හැදෙන්නේ නම් ඒ ඒ ප්‍රදේශයට අනුකූලව.දැකපු දැකපු එකාට ගහන්නත් බෑ.මොකද ගෑණු සතා තමයි තෝරා ගැනීම කරන්නේ.