වද වෙන්න කලින් දැනගන කන්න.

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    සොයන්නා;22918020 said:
    ලංකාව මේ තරම් වත් වස විසින් ආරක්ෂා වෙලා තියෙන්නේ පොල් කිරි නිසා....

    ඉගනගන්න සිංහලු.... පොල් කිරට සෑහෙන්න වස විස මැරෙනවා...

    සිංහල වෙදකමේ දී පාවිච්චි කරන ශාකයක් තියෙනවා ඕකෙ නම තමයි "නිටුල" ශෝධනය මාරණය නොකළ මේ ශාකය අධික විෂ සහිතයි...

    මේක දන්න සිංහල වෙද මහත්තුරු මේ ශාකය කොටස් පොල් කිරෙන් තම්බා විස මරලා තමයි ගන්නේ....

    වස විසෙන් ආරක්ෂා වීමට කැමති සිංහලු පමණක් දිනපතා අමු නෙල්ලි ගෙඩි හතක් අටක් පමණ හිස්බඩ ආහාරයට ගන්න...

    හීන් ගොටුකොළ එහෙම නැත්තං බෙහෙත් ගොටුකොළ කියා හඳුන්වන ගොටුකොල කොටා අමුවෙන් පානය කරන්න

    හීන් උදුපියලිය අමු සම්බල සේ සකසා ආහාරයට ගන්න

    සිංහල ජාතියට ජයවේවා

    :yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    TFS REP++++++



    හොද ලිපියක්

    ඕවා ගැන කථා කරලා වැඩක් නෑ බන්.අපේ උන් දැන් පරිප්පු කන්නෙත් චිකන් රසට.නෙද්දකින්



    Good post 👍

    15+
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ගෙදර හදා ගන්න තුන පහ වල තියෙන ගතිය කඩෙන් ගත්තම ලොවේ ත් නෑ......අපි ඉතින්් වස කන්න පුරැදු වෙච්ච ජාතියක් ේ....

    good post macho

    සොයන්නා;22918020 said:
    ලංකාව මේ තරම් වත් වස විසින් ආරක්ෂා වෙලා තියෙන්නේ පොල් කිරි නිසා....

    ඉගනගන්න සිංහලු.... පොල් කිරට සෑහෙන්න වස විස මැරෙනවා...

    සිංහල වෙදකමේ දී පාවිච්චි කරන ශාකයක් තියෙනවා ඕකෙ නම තමයි "නිටුල" ශෝධනය මාරණය නොකළ මේ ශාකය අධික විෂ සහිතයි...

    මේක දන්න සිංහල වෙද මහත්තුරු මේ ශාකය කොටස් පොල් කිරෙන් තම්බා විස මරලා තමයි ගන්නේ....

    වස විසෙන් ආරක්ෂා වීමට කැමති සිංහලු පමණක් දිනපතා අමු නෙල්ලි ගෙඩි හතක් අටක් පමණ හිස්බඩ ආහාරයට ගන්න...

    හීන් ගොටුකොළ එහෙම නැත්තං බෙහෙත් ගොටුකොළ කියා හඳුන්වන ගොටුකොල කොටා අමුවෙන් පානය කරන්න

    හීන් උදුපියලිය අමු සම්බල සේ සකසා ආහාරයට ගන්න

    සිංහල ජාතියට ජයවේවා


    TFS REP++ :love: :D


    +19 lilman. thaanks bro :)



    15+
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    දවසක් මම දන්න කියන හිතවතෙකුගේ ආපනශාලවකට ගියා රාත්‍රී ආහාරය ගන්න. කෑම පිළියෙළ කරන අතරතුරේ අපනශාලාවේ හිමිකාර මගේ මිතුරා එක්ක ටිකක් කතා බහේ ඉන්න කොට කඩේ එක බිත්තියක අලවල තිබුන ලොකු අකුරෙන් ලියලා MSG අඩංගු නැත කියලා. එම ආපනශාලාවේ ආහාරවල MSG - මොනෝ සෝඩියම් ග්ලුටමේටේ, එහෙමත් නැත්තන් අජිනමොටෝ අඩංගු නෑ කියලා තමයි ඔහු කියන්න උත්සාහ කරලා තිබුනේ. මම ඒ ගැන ඔහුගෙන් බොහොම සුහදව විමසනකොට ඔහු බොහොම ආඩම්බරයෙන් මට කිව්වා "අපි අජිනමොටෝ දාන්නේ නෑ, අපි පාවිච්චි කරන්නේ මැගී සුප් පවුඩර් එක. ඒක හොඳයිනේ". "ඉතිං අයියේ ඒකේ MSG තියෙනවනේ"මම කිව්වා. "නෑ ???" "ඔව්, ගේන්නකෝ බලන්න පැකට් එක, ආහ් මේ තියෙන්නේ ingredients වල" මගේ මිතුරාගේ නළලේ රැළි මතු විය. "මැගී වල විතරක් නෙමෙයි නෝ සුප් කැටවලත් MSG තියෙනවා".
    අපේ රටේ මින් ඉස්සු වැඩිදෙනා ලෙඩ වෙන්නේ වැරදි ආහාර පුරුදු නිසා. අවිවේකි ජීවන රටාව එක්ක ගොඩක් දෙනාට නිවසින් පිට තැනකින් ආහාර ගන්න සිද්දවෙලා තියෙනවා. ආප්ප, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් වගේ ආහාර තමයි මේ ආහාර වර්ග අතර ප්‍රමුඛ වෙලා තියෙන්නේ. පිටි, ලුණු, තෙල්, සීනි, රසකාරක, කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය තමයි වැඩිපුරම මේවායේ අඩංගු වෙලා තියෙන්නේ. අපේ රටේ සාතිශය බහුතරයකගේ උදේ ආහාරය එක එක රසට හදපු තිරිඟු පිටි නිෂ්පාදන. අඩු වැඩි වෙලා තියෙන්නේ තෙල්, ලුණු හා සීනි.
    තිරිඟු පිටි වලට යොදන විරංජනකාරක ගැන ඔබ දන්නවද? ඔය තරම් සුදු පාටක් ලබාගන්න මොන තරම් රසායනික ද්‍රව්‍ය යොදනවා කියලද හිතන්නේ? ඉන් ප්‍රමුඛ රසායනික ද්‍රව්‍යක් තමයි ක්ලෝරීන් වායුව. මේ ක්ලෝරීන් වායුව යොදාගෙන කෙරෙන රසායනික ක්‍රියාවලියේදී හැදෙනවා Alloxan කියලා කාබනික අතුරු ඵලයක්. එය බොහෝවිට පිටි සමග මුසු වෙනවා. Alloxan වලට පුළුවන් ඉතාම පහසුවෙන් මුක්ත ඛණ්ඩක (Free radicals) හදාගෙන අපේ අග්න්‍යාශයේ බීටා සෛල විනාශ කරන්න. ඔබ දන්නවා අග්න්‍යාශයෙන් තමයි ඉන්සියුලින් නිපදවෙන්නේ. වැඩියෙන් පාන් පිටි කනවා කියන්නේ ඔබ කඩිනමින් දියවැඩියාවට ළඟා වෙනවා කියන එකයි. වෛද්‍ය විද්‍යාවෙන් මේ වෙද්දී තහවුරු කරගෙන ඉවරයි විරංජන කාරක යෙදු තිරිඟු පිටි හා දියවැඩියාව වැළඳීමේ සම්භාවිතාවය අතර සම්බන්ධය. ඒ පිළිබඳ ඕනෑතරම් විද්‍යාත්මක ලිපි, පර්යේෂණ පත්‍රිකා අන්තර්ජාලයේ තියෙනවා.
    ඔබ දන්නවා තවමත් ලෝකයේ අංක එකේ ඝාතකයා හෘදයාබාධ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව අපේ රටේ මරණවලට 26% ක් වගකියන්න ඕන කිරීටක හෘදයාබාධ. ලෝකයේ හෘදයාබාධ වලින් වැඩිපුරම මිය යන රටවල් අතර අපි ඉන්නේ 31 වෙනියට. ඔබ දන්නවා කොලෙස්ටරෝල් තමයි හෘදයාබාධ වලට ප්‍රධාන වගකිවයුත්තා. ඇත්තටම කොලෙස්ටරෝල් නිපදවන්නේ අපේ ශරීරයමයි. කිසිම ශාක තෙල් වර්ගයක කොලෙස්ටරෝල් අඩංගු නෑ. ඒ කියන්නේ පොල්තෙල්වල කොලෙස්ටරෝල් නෑ. හැබැයි සත්ව තෙල් වල කොලෙස්ටරෝල් තියෙනවා. ඒ කියලා වැඩිපුර පොල් තෙල් කෑම හොඳ වෙන්නේ නෑ. ඕනෑම තෙලක් වැඩිපුර කනකොට ශරීරයේ කොලෙස්ටරෝල් නිපදවෙනවා. ඒ විතරක් නෙමෙයි වැඩිපුර පිටි කනකොටත් කොලෙස්ටරෝල් හැදෙනවා. වෛද්‍ය විද්‍යාවේදී de novo lipogenesis කියන්නේ අන්න ඒ ක්‍රියාවලියටයි. කොලෙස්ටරෝල් වලින් අපේ ශරීරයේ වැදගත් කෘත්‍යයන් රැසක් ඉටුකරනවා. සෛල ව්‍යුහය පවත්වා ගන්නත්, හෝමෝන ක්‍රියාකාරීත්වයට, මේද ද්‍රාව්‍ය විටමින් අවශෝෂණයට වගේම ආහාර ජීර්නයටත් කොලෙස්ටරෝල් උපකාරී වෙනවා. ඒ නිසා වැදගත් වෙන්නේ රුධිරයේ තිබිය යුතු කොලෙස්ටරෝල් ප්‍රමාණය නොඉක්මවන ලෙස ආහාර පුරුදු සකස් කරගැනීමයි.
    තෙල් ගැන කතා කරද්දී තවත් වැදගත් දෙයක් තමයි Trans Fat කියන්නේ. Trans fat අපේ ශරීරයට එතරම් හිතකර නෑ. වරක් පිසූ (බැදපු) තෙල් වලින් නැවත නැවත ආහාර සකස් කරන කොට තෙල් වල CIS ව්‍යුහය trans බවට පරිවර්තනය වෙනවා. Trans fat වල අමුතු සුවඳක් වහනය වෙනවා. ඔය වඩේ බදින තැනක් ලඟින් යන කොට අපිට දැනෙන්නේ ඒ සුවඳ තමයි. (ගෙදර හදන කොට අලුත් තෙල්වල බදින නිසා එක එතරම් දැනෙන්නේ නෑ). ඒ වගේම මේවා තරමක් කල් තියාගන්නත් පුළුවන්. නමුත් මේවායේ තියෙන නරක තමයි ඒවාට පිළිකා කාරක වෙන්න පුළුවන් මුක්ත ඛණ්ඩ නිපදවීමේ හැකියාව. ඒ නිසා හැකිතරම් ඒ වගේ ආහාර මඟ හැරීම නුවණට හුරුයි.
    අපිට හිතකර මේද අම්ලයක් තමයි ඔමේගා 3 කියන්නේ. මාළුවල යහමින් ඔමේගා 3 අඩංගු වෙනවා.
    බත් වුනත් පමණට කන්න ඕන. ඉස්සර සමාජය වගේ නෙමෙයි, අද අපි බොහෝ දෙනා කය වෙහෙසා වැඩ කරනවා අඩුයි. නමුත් කාබෝහයිඩ්රේට් වැඩියෙන් අඩංගු ආහාර ගැනීමෙන් අපේ ශරීරයට විශාල ශක්තියක් එකතු වෙනවා. ඒ ශක්තිය හරියට යෙදෙව්වේ නැත්තන් ඒ ශක්තිය අපේ ශරීරය ඇතුලේ වෙනත් ආකාර වලට හැරෙනවා. බොහෝවිට එහෙම හැරෙන ආකාරයන් ශරීරයට අහිතකරයි. පිටි සහිත ආහාර වලින් රුධිරයට ග්ලුකෝස් එකතුවන ශීඝ්‍රතාවය පදනම් කරගෙන ග්ල්යිසීමික දර්ශකය නිර්මාණය කරලා තියෙනවා. එයට අනුව සුදු සහල් වල සහ රතු සහල් වල එම අගයේ විශාල වෙනසක් නෑ. නමුත් නිවුඩු සහල් වල විටමින් B, ජීර්ණය කළහැකි තන්තු හා Phytosterol (හිතකර ශාක තෙල්) අඩංගු වෙනවා. තන්තු සහිත ආහාර වගේම කහට රසැති පළතුරු වල ප්‍රති ඔක්සිකාරක ඔබව මුක්ත ඛණ්ඩ පිළිකා කාරක වලින් ආරක්ෂා කරදෙනවා.
    සමබල ආහාර වේලක් යන්නෙහි සරල අදහස තමයි, අපි ගන්නා ආහාරයෙන් අපිට ශක්තිය ලැබෙන්න ඕන, වර්ධනය හා අලුත් වැඩියාවට සහයක් වෙන්න ඕන. ඒ වගේම ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට උපකාරී වෙන්න ඕන. ඔය කාරණා ටික අපේ බත් පිඟානට ආදේශ කලොත් දැන් ඔය කන බත් ප්‍රමාණය සෑහෙන අඩු කරන්න වෙනවා (බොහෝ කය වෙහෙසා වැඩ කරන්නෙකු නම් අවශ්‍ය නොවේ). මස් මාළු කරවල බිත්තර හෝ වෙනත් ප්‍රෝටීන ප්‍රභවයක් ලබාගන්න වෙනවා. නැවුම් එළවලු යහමින් මීට වඩා වැඩි ප්‍රමාණයක් කන්න වෙනවා. ඔන්න ඊළඟට කෘෂි රසායන ගැන ගැටළුවක් එනවා. ඇත්තටම අපි කෘෂි රසායන අවභාවිතයේ ඉහළින්ම ඉන්න රටක්. නමුත් අපි මේ තරමින් හරි ඔය හැම රසායනයකින්ම බේරිලා ඉන්නේ හේතු 2ක් නිසා. පළවෙනි එක තමයි අපේ ආහාර පිසින උෂ්ණත්වය. ඒ උෂ්ණත්වයට ආහාරයේ තියෙන බොහෝ නරක දේවල් විතරක් නෙමෙයි බොහෝ විටමින් වර්ගත් විනාශ වෙනවා කියන එක අපි මතක තියාගන්න ඕන. දෙවෙනි හේතුව තමයි අපේ කුළුබඩු. ඇත්තෙන්ම අපි භාවිතා කරන කුළුබඩු වට්ටෝරුව කියන්නේ ඖෂධ ගබඩාවක්. නමුත් අවාසනාවකට මෑතකදී අපිට දැකගන්න පුළුවන් වුනා කුළුබඩු බාල කිරීම ගැනත්. ඇත්තෙන්ම එය නම් විශාල අපරාධයක් බව කිව යුතුමයි. ඒ නිසා විශ්වසනීය තැනකින් හැර කුළුබඩු මිලට ගැනීමෙන් වැළකීම වඩාත් සුදුසුයි. ඔබට හැකිනම්, ඔබට තියෙන ඉඩකඩ හා කාල වේලාව කළමනාකරණය අනුව හැකියමක් ගෙවත්තේ වගා කරගැනීම ඔබට වඩාත් විශ්වසනීය වනවා වගේම සාක්කුවටත් ඉතුරුවක් වේවි. හැකි සෑම විටකම නිවසින්ම ආහාර ගන්නත් පිටතින් අහාර මිලදී ගන්නා විට වඩාත් විශ්වසනීය තැනකින් ආහාර ලබාගන්නත් කල්පනාකාරී වන්න. අධික තෙල් සහිත ආහාර, ලුණු, සීනි හා පිටි ආහාර නොගැනීමට උත්සහ කරන්න. එය ඔබ මිහිපිටින් වඳ වීම ප්‍රමාද කරාවි.

    උපුටාගත්තේ සාරභුමියේ රංජන රවිදු සහෝදරයගේ ලිපියකිනි....

    thanks for sharing machan :) +

    සොයන්නා;22918020 said:
    ලංකාව මේ තරම් වත් වස විසින් ආරක්ෂා වෙලා තියෙන්නේ පොල් කිරි නිසා....

    ඉගනගන්න සිංහලු.... පොල් කිරට සෑහෙන්න වස විස මැරෙනවා...

    සිංහල වෙදකමේ දී පාවිච්චි කරන ශාකයක් තියෙනවා ඕකෙ නම තමයි "නිටුල" ශෝධනය මාරණය නොකළ මේ ශාකය අධික විෂ සහිතයි...

    මේක දන්න සිංහල වෙද මහත්තුරු මේ ශාකය කොටස් පොල් කිරෙන් තම්බා විස මරලා තමයි ගන්නේ....

    වස විසෙන් ආරක්ෂා වීමට කැමති සිංහලු පමණක් දිනපතා අමු නෙල්ලි ගෙඩි හතක් අටක් පමණ හිස්බඩ ආහාරයට ගන්න...

    හීන් ගොටුකොළ එහෙම නැත්තං බෙහෙත් ගොටුකොළ කියා හඳුන්වන ගොටුකොල කොටා අමුවෙන් පානය කරන්න

    හීන් උදුපියලිය අමු සම්බල සේ සකසා ආහාරයට ගන්න

    සිංහල ජාතියට ජයවේවා

    උදුපියලිය kathawa 1st time ahuwe.
    anyway.. thanks for sharing.. :yes: +