වද_දෙන_උපකරණ

Sep 15, 2014
87
27
0
වද දෙන උපකරණ ලොවට බෙදන චීනය


140923172144_chinese_toturing_tools_512x288_reuters.jpg


වද හිංසා පැමිණ වීම සඳහා යොදා ගන්නා උපකරණ නිෂ්පාදනය කර ලෝව වටා ඇති පොලිස් බලකා වෙත අපනයනය කරන බවට චීන සමාගම්වලට චෝදනා එල්ල වේ.එම උපකරණ නිෂ්පාදනය කරන චීන සමාගම් එක සිය තිහක් අතරින් වැඩි ප්‍රමාණයක් චීන රජයට අයත් බවයි ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් මානව හිමිකම් සංවිධානය පවසන්නේ.විදුලි කම්පනයක් ඇති කරන බැටන් පොලු, බරින් වැඩි කකුල් වලට දමන මාංචු, තුවක්කු ඇතුළු බෙල්ලට, හිසට සහ දෑත් වලට වේදනා ගෙන දෙන ලෝහ සහ ලී වලින් සමන්විත පුටු මෙම සමාගම්වල නිෂ්පාදනය කෙරේ.

එම උපකරණ ඉතා භයානක ලෙස මානව හිමිකම් කඩ කරන රටවල් අතරට පත්ව ඇති බවත් ඒවා අනිසි ලෙස පාවිච්චි කරන බවත් මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙයි.


140923172241_chinese_toturing_tools_512x288_reuters.jpg


එ අතර අප්‍රිකානු රටවල් හා අග්නිදිග ආසියානු රටවල් ප්‍රධාන බව ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් මානව හිමිකම් සංවිධාන වාර්තාවේ සඳහන්.

140923172330_chinese_toturing_tools_512x288_reuters.jpg


2012 වසරේ සිට එම උපකරණ අප්‍රිකානු රටවලට අලෙවි කිරීමෙන් චීන රජයට අයත් එක් සමාගමක් වසරකට ඩොලර් මිලියන සියයක් පමන උපයා ගන්නා බව ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් මානව හිමිකම් සංවිධානය සිය වාර්තාවේ දක්වා තිබේ.ඇම්නෙස්ටි ඉන්ටන්ෂනල් සංවිධානය සෑමවිටම චීනයට විරුද්ධව පක්ශාග්රාහී ලෙස කටයුතු කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චන්යින් කියා සිටියාය.
 
Last edited:
  • Like
Reactions: earl007

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕවා කරන උන්ව ආයුධ පෙන්නන්න එක්කගෙන ගියානන් ඉවරයි.