වධක සැමියෙක්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    වධක සැමියෙක්



    11-gallery.png



    අල්ලපු ගෙදර ඉන්නවා ගැහැණික්
    ඒකිගේ වයස 30ක් විතර ඇති
    ඉන්නවා එක පුංච් දරුවෙක්

    ඒකිගේ මිනිහා බේබද්දෙක්

    බිව්වෙනැති වෙලාවට මිනිහා පොන්නයෙක්.



    "පරට්ට බැල්ලී.....තොට මම සලකනවා වැඩි... ** **** *****. "

    ඔන්න මිනිහා අදත් බීගෙන ඇවිත් ගෑනිට ගහනවා.



    "ඩිග්... ඩිග්....ඩිග්...."

    කොන්දටම පාතබන කොටනම්

    සද්දේ හොඳ හැටි ඇහෙනවා.




    කොණ්ඩේ අල්ලා අඹරලා අරන් මුනටම තඩි ගහනවා

    කෑ ගසන නිසාවෙන්,
    අතකින් මිරිකගෙන ඒකිගේ කට

    කෙදිරුමක් යන්න්තමින් ඇහෙනව
    උගේ ඇඟිලි කරු අතරින්.




    " ආයි....ගහන්න එපා....අම්මේ...."



    ඒකිගේ අම්මවත්
    කවුරුවත් ගෙදර නෑ

    ඔන්න දරුවා අඩනවා.




    බිම දිගේ ඇදගෙන ඇවිත් ඇය

    අතක් අඹරා පිටුපසට කර

    තාප්පෙට තද කරන් හිරකර

    අපේ ගෙදරට පේනවා.



    දිනක් මම දුටුවා ඇයට ඌ

    වයර් එකකින් ගහනවා.



    එකීගේ බෙරිහන් හඬට දෝ

    සියොලඟම කිලිපොලා යනවා

    දුකින් සහ කෝපයෙන් පිරි සිත

    නෙතට කඳුලැලි ගලා එනවා....



    එත් මම මුකුත් නොකර ඔහේ බලාගෙන ඉන්නවා.



    "මගේ මිනිහනේ මට ගැහුවේ......ඔහේ මැදිහත් වෙන්න ඕන නෑ......."



    මිනිහා අතහැර ගියෝතින් ඇය

    අන්ත අසරණ වෙන නිසා


    ගුටිකකා හරි පවුල් කයි ඇය

    පුංචි පුතු සිටිනා නිසා.......



    හෙට උදෙත් මම ඒ ගෙදර ඉස්සරහින් යනකොට

    ඒකිගේ ඉදිමෙච්ච මුහුන,

    හිනාවෙයි මට ආයාසයෙන් වගේ
    වෙනදවගේම.

    කිසිත් නොදන්නා ගානට හිනාවෙලා මමත් යනවා.



    මම ගොලුවෙක් . මම බීරෙක් .