වන්ද්‍යාභාවය...
වන්ද්‍යාභාවය හෙවත් දරුවන් නොලැබීම වෛද්‍ය විද්‍යානුකූල ව අර්ථ දක්වන්නේ යුවලක් කිසිදු උපත් පාලන ක්‍රමයක් අනුගමනය නොකර දරුවන් අපේක්ෂාවෙන් එක්වීමේ යෙදුන ද වසරක් ගතවීත් දරු පිළිසිඳ ගැනීමක් නොවීම ය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙය ගැඹුරින් විග්රහ කරන අතර එහි දී පිළිසිඳ ගැනීමට සීමා නොවන අතර අවශ්‍ය අවස්ථාවේ නිරෝගී දරුවෙකු ලැබීමට නොහැකියාව යන අර්ථ දැක්වීම වන්ද්‍යාභාවය ලෙස අර්ථ දැක්වේ.
වන්ද්‍යාභාවයට හේතු
දරුවකු පිළිසිඳ ගැනීම සඳහා ප්‍රධාන හේතු හතරක් බලපාන බව සඳහන් ය.
01. සෘතුව - කාලය හා පුද්ගල වයස
02. කේෂත්ර - ජනන පද්ධතිය හා ලිංගික අවයව
03. අමිබු - හොමෝන
04. බීජ - ස්ත්‍රී ඩිමිබ හා පුරුෂ ශුක්‍රානු
මෙම අංග සතරෙහි එකක් හෝ කිහිපයක විෂමතාවය වඳ භාවයට හේතුවේ.
වඳභාවය සඳහා පුරුෂයාගේ දායකත්වය
කරන ලද සමීක්ෂණ ප්‍රතිඵලවලට අනුව වන්ද්‍යාභාවය ඇති කිරීම සඳහා ස්ත්‍රී ය 40 - 50 % ක අගයක් ද පුරුෂයා 30 - 40 % අගයක් ද දෙදෙනා ම 10% ද දායකත්වයක් දරයි. ඉතිරි 10% ප්‍රමාණය හඳුනා නොගත් සාධක හේතුවෙන් සිදු වේ. මේ අනුව වන්ද්‍යාභාවය සඳහා පුරුෂයාගේ දායකත්වය 50% පමණ වන බැවි පෙනී යයි.
පුරුෂ වන්ද්‍යාභාවයට බලපාන සාධක
ආසාදන
තරුණ වියෙහි ද දී වැළඳෙන කමිමුල්ගාය හෝ වෙනත් ආසාදන, ජ්වර නිසා වන වෘෂණ කෝෂවල ආසාදන තත්ත්වය, ක්ලැමීඩියා ආසාදන වෘෂණකෝෂවල ශුක්‍රාණු නිශ්පාදනය තාවකාලිකව හෝ ස්ථිර ලෙස නතර කරනු ලබයි.
සහජ විකෘති
වෘෂණකෝෂ නියමිත පරිදි වර්ධනය නොවීම හෝ උපතින් ම වෘෂණකෝෂ ශරීරයෙන් පිටතට නොපැමිණීම ශුක්‍රාණු නිශ්පාදනයට හා ඒවායේ ස්රාවයට බලපායි.
වයස හා වන්ද්‍යාභාවය
සෘතු දෝෂ ලෙස ආයුර්වේදයේ දැක්වෙන්නේ මෙයයිග එම විද්‍යාවට අනුව දරුවෙකු ලැබීමට පුරුෂයෙකු සඳහා සුදුසු වයස් සම්පුර්ණ වනුයේ අවුරුදු 25 දී ය. ඔවුන්ගේ දරුඵල ලැබීමේ හැකියාව අවුරුදු 40 සිට අඩුවන බව නව්‍ය පරීක්ෂණවලින් සොයා ගෙන ඇත.
උෂ්ණත්වය හා ශුක්‍රාණු නිෂ්පාදනය
වෘෂණකෝෂ තද උණුසුමට නිරාවරණය වීම, අවම තරමින් තාවකාලිකව හෝ ශුක්‍රාණු නිෂ්පාදනය අවහිර කරයිග මිනිසාගේ වෘෂණකෝෂ ශරීරයේ බාහිරින් පිහිටා ඇත්තේ ද යහපත් ශුක්‍රාණු නිෂ්පාදනයක් සඳහා වෘෂණ කෝෂ ශරීර උෂ්ණත්වයට වඩා අංශක 2 කින් පමණ අඩු උණුසුමින් පැවතිය යුතු වීම හේතුවෙනිග නිතර උණුදිය ස්නානය, සිදුරු අවම කෘත්‍රිම රෙද්දෙන් කළ යට ඇඳුමි ඇඳීමග තද උණුසුමි ස්ථානවල නිතර බොහෝ වේලා රැඳී සිටීම, තද යට ඇදුමි දීර්ඝ වේලාවක් ඇඳ සිටීමග ආදිය වෘෂණකෝෂවල උෂ්ණත්වය වැඩි කිරීමට බලපායි.
මත්පැන් හා දුමිවැටි
අධික දුමිවැටි පානය ශුක්‍රාණු නිෂ්පාදනයට බලපාන බව පර්යේෂණවලින් සොයා ගෙන ඇතග එමෙන් ම දීර්ඝකාලීන ව මත්පැන් පානය ශුක්‍රාණු නිෂ්පාදනයට පමණක් නොව ලිංගික කාර්යට ද බලපෑම් වන බව ඔප්පුවී ඇතග එහි දී ප්‍රධාන වශයෙන් ලිංගික හෝමෝන නිෂ්පාදනය අඩපන කරයි.
ශුක්‍රාණු ස්ත්‍රී යෝනියට ඇතුළු කිරීමේ අපහසුතා
ශිෂ්ණය ප්‍රාණවත් නොවීම ශුක්‍රාණු අකලට පහවීමල ආදි තත්ත්ව ආයුර්ෙවිදයට ක්ලයිම්ය ධ්වජභංග යන නමිවලින් පැහැදිලිකර ඇත. මේ සඳහා ප්‍රධාන වශයෙන් මානසික හේතු බලපාන අතර අමතර ව සමහර ඖෂධ වර්ග හා ශල්‍ය කමවල දී සිදුවන ස්නායු ආසාදන බලපායි.
ශුක්‍ර තරලයේ විකෘතිතා
නිරෝගී පුරුෂයෙකුගේ ශුක්‍ර තරලය පරිමාවෙන් මිලි ලීටර් 2 - 5 විය යුතු අතර එහි ශුක්‍රාණු සංඛ්‍යාව මිලියන 60 ක් හෝ ඊට වැඩිවිය යුතුය. චලන හැකියාව සැලකීමේ දී 50% හෝ ඊට වැඩි අගයක් සීඝ්‍ර චලනයක් දැක්විය යුතුයග 50% වඩා සංඛ්‍යාවක් විකෘතිතා රහිත ශූක්රාණු විය යුතුයග මෙයින් අපගමනය වන අවස්ථා විවිධාකාර වන අතර ඒවා ආයුර්වේද වෛද්‍යක්‍රමයේ ආකාර 8 ක් ලෙස දක්වයි.
දෝෂ භේදය අනුව වාතජ, පිත්තජ, කළුජ, ශුක්‍ර, දුෂ්ටි සේම, ක්ෂීණ ශුක්‍ර දුෂ්ටි, ග්‍රන්ථි භූත, කුනළු ගන්ධී මුත්රපුරිෂ ගන්ධි, සන්නිපාතජ ලෙස නමි වේ. එහි දී ශුක්රානුවල ප්‍රමාණයේ අඩුවැඩි වීමි චලන හැකියාෙවි වෙනස් වීමි සහ ශුක්‍ර තරලයට සැරව සෛල ඇතුළු වීම, අනෙකුත් ද්‍රව්‍ය මිශ්රවීම්, දැකිය හැකි ය. ෙමි සියලූ තත්ත්ව පුරුෂ වන්ධ්‍යාභාවය හා බැඳී පවතී.
පුරුෂ වන්ධ්‍යාභාවය හදුනා ගැනීම
දරුඵල ප්‍රමාදවන යුවලක් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීමේ දී මූලික අවස්ථාවේදී ම පුරුෂ වන්ද්‍යාභාවයට අදාළ පරීක්ෂණවලට යොමු කිරීම වැදගත් යග එමගින් පහසුවෙන් මගහැරවිය හැකි තත්ත්වය ඉවත් කළ හැකිසේම බොහෝ මුදල් වැය වන සංකීරණ පරීක්ෂණ ක්‍රම අනවශ්‍ය ලෙස යොදා ගැනීමෙන් වැළකිය හැකිය.
ශුක්‍රාණු නියම පරිදි ඇතුල් කිරීමේ අපහසුතා ඇති දැයි දැනගැනීම අදාළ යුවල සමග සිදු කරන සාකච්ඡා මගින් බොහෝ දුරට ඉටු කර ගත හැකි ය. ජනන ඉන්ද්රිය ආශ්රිත ව පවතින විකෘතිතා හැඳිනීමට පුරුෂයා පරීක්ෂා කර බැලීම වැදගත් ය. ශුක්‍ර තරලයේ විකෘතිතා හැඳිනීමට කරන ශුක්‍රාණු පරීක්ෂාව මෙයින් වැදගත් තැනක් ගනී. එය මූලික අවස්ථාෙවි ම හඳුනා ගන්නා තත්ත්ව සඳහා ප්‍රතිකාරයට උදව් වේ.
පුරුෂ වන්ධ්‍යාභාවයට ප්‍රතිකාර
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ පුරුෂ වන්ද්‍යාභාවය සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් පවතී. එහි දී ප්‍රධාන අංග කිිහිපයක් යටතේ ප්‍රතිකාරය පෙළ ගැසේ.
1. මානසික උපදේශනය
2. ජීවන රටාව පිළිබඳ උපදෙස්
3. ආහාර
4. ඖෂධ
5. පංචකම_ ප්‍රතිකාර
උපදේශනය
බොහෝ විවාහපත් යුවල අතර ලිංගික දිවියේ පවතින ගැටළු උපදේශනය මගින් සමථයකට පත් කළ හැකි යග ලිංගික අප්‍රාණිකත්වය, අකල්හි ශුක්‍රාණු පහවීම, එක්වීමේ දී ඇති වන වේදනාව ආදී තත්ත්ව හුදෙක් මානසික ව පවතින බිය, සැකය, ලැජ්ජාව ආදිය මත පදනමි ව පවතී. පෞද්ගලිකත්වය ආරක්ෂාවන පරිදි සුහද සාකච්ඡා මගින් ඉහත සදහන් බොහෝ තත්ත්ව මගහැර විය හැකි ය.
ජීවන රටාව පිළිබඳ උපදෙස්
ඉහත සඳහන් කළ ශුක්‍රාණුවල නිෂ්පාදනය අඩු කරන ජීවන හේතු වෙනස් කිරීමෙන් බොහෝ උසස් ප්‍රතිඵල ලද හැකි ය. මෙහි දී වෘෂණකෝෂවලට ලැබෙන උෂ්ණත්වය පාලනය කිරීෙමි උපක්‍රම ප්‍රධාන වේ.
. කපු යට ඇඳුමි ඇඳීම
. තද යට ඇඳුමි භාවිතයෙන් වැළකීම
තද උණුසුම පවතින ස්ථාන
01. උදුන් අසල වෑල්ඩින් වැඩ කරන අය ඒ සඳහා යෙදෙන කාලය සීමා කිරීම වැදගත් ය.
02. නිතර ඇල්දියෙන් ඇඟ සේදීම හා ස්නානය.
03. මෙහි දී ගංගා ආදියෙහි ගිලී නෑම නිර්දේශිත ය.
04. මත්පැන් හා දුමි පානයෙන් වෙන් වීම.
05. ඖෂධ භාවිතයේ දී වෛද්‍ය උපදෙස් මත කි‍්‍රයා කිරීම.
06. මානසික ආතතියෙන් දුරුවීම.
ආහාර
පහත දැක්වෙන ආහාර ශුක්‍රාණුවල ගුණාත්මක භාවය වැඩි කිරීමට මෙන්ම ප්‍රමාණය වැඩි කිරීමට උදවිවන බව කරන ලද පර්යේෂණවලින් ඔප්පුකර ඇත.
01. උඳු, තල, වැල්පෙනෙල
02. රතු පොකුරු වදමල්
03. කිරි බටර්
04. වඳුරු මෑ කරල්
05. එළගිතෙල්, දූරියන්
06. කජු, නෙල්ලි, ආමන්ඩිස්, රටඉඳි
ඖෂධ
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පුරුෂ වන්ද්‍යාභාවය සඳහා පවතින ඖෂධ විවිධ ය.
. ශුක්‍ර තරලයේ ගුණාත්මක බව වැඩි කිරීම
. ශුක්‍ර තරලය පිරිසිදු කිරීම
. ලිංගික ශක්තිය ඇති කිරීම වාජීකරණ ඖෂධ
මේ සඳහා කසාය, අරිෂ්ඨ, ආසව, ගුලි, චූර්ණ, කල්ක ආදී විවිධ ඖෂධ සංයෝග පවතී. මේ සියල්ල පර්යේෂණයන්ට භාවිතා කර ගුණාත්මක භාවය තහවුරු කර ඇත.
පංචකර්ම හා අනෙකුත් ඖෂධ ප්‍රතිකාර
⋆ වෘෂණකෝෂ සිසිල් කිරීම සඳහා ආලේප
⋆ දෝෂ තත්ත්ව දුරුකිරීමට වමන, විරේචන, වස්ති
⋆ මානසික සමතුළිතතාවයට ශිරෝධාරා
එලකිරි සහෘදයන්ගේ දැනුම පිනිස උපුටා ගැනීමකි...
විශේෂ ස්තූතිය
වෛද්‍ය කොමදී කරුණාගොඩ කථිකාචාර්ය B A M S ලංකා M D ඉන්දියා.
ප්‍රසූති තන්ත්ර කෞමාරභෘත්‍ය අධ්‍යන අංශය
දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය
කොළඹ විශ්වවිද්‍යාලය, රාජගිරිය.

Last edited: