Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
වම්බොට්ටා මැරූ හීංමල්ලී අවසානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඝාතන දෙක පිටුපස සිටින්නේ ආමි ජිනේ සහ බෝසුජිත් නමැති පාතාල කෙරුම්කාරයන් දෙදෙනා බව ධර්මදාස අමරසිංහ දැන ගත්තේය.

සාමකාමී ජීවිතයකට ඇතුළුවීමට අඩිතාලමක් දමාගෙන සිටි ධර්මදාස නැවතත් සර්පයකු බවට පත් කිරීමට මේ සිදුවීම සමත් විය. ආමි ජිනෙයා දන්නෙ නැහැ මම කව්ද කියලා. මම ඕකාගෙන් පන්න පන්නා පලියගන්නවා.

ධර්මදාස තම ඥතීන් ඝාතනය කිරීමේ පලිය ආමි ජිනේගෙන් ගැනීමට පිඹුරුපත් සකස් කරන්නට වුණේය.

වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ ආමි ජිනේ මාතර රෝහලට ඇතුළත් කරන්නේ ඔය අතරතුරදීය. ආමි ජිනේ රෝහල්ගත කළ පුවත ධර්මදාසගේ කනවැකුණේය. ඔහුගෙන් පලිගැනීමට හොඳම අවස්ථාව එය බව තේරුම්ගත් ධර්මදාස ඊට අවශ්‍ය කටයුතු සම්පාදන කරන්න පටන් ගත්තේය.

2004 වර්ෂයේ මැයි මස 06 වැනිදා වීරකැටිය පොලිසියේ නිලධාරීන් සමඟ සටනකට මැදිවූ ආමි ජිනේ ඇතුළු කල්ලිය පොලිස් නිලධාරියකු වෙඩි තබා ඝාතනය කළේය. ආමි ජිනේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබන්නේ එම සටනේදීය. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආමි ජිනේ පරලොව යෑවීම සඳහා අවශ්‍ය කටයුතු ධර්මදාස සම්පාදනය කළේය. ඊට තවත් බොහෝ දෙනෙකු දායකත්වය ලබා දුන්නේය. ධර්මදාසගේ දාමරික වැඩ සඳහා යොදා ගත් පුංචා නැමත්තා මාර්ගයෙන් ආමි ජිනේ ඝාතනය කිරීමට සැලසුමක් සකස් කළේය. ධර්මදාස සහ පුංචා මාතර රෝහල වෙත ගියේ රෝගීන් බලන පුද්ගලයන් ලෙසය.

එදින මුළු මාතර රෝහලම දෙවනත් කරමින් වෙඩි ප්‍රහාර එල්ල කළ පුංචා සහ ධර්මදාස ප්‍රතිකාර ලබමින් සිටි ආමි ජිනේ ඝාතනය කර පලා ගියහ.

එයින් නොනැවතුණු ධර්මදාස බෝසුජිත්වද ඝාතනය කළේය.

ආමි ජිනේ සහ බෝසුජිත් අහිමිවීම වම්බොට්ටාගේ පාතාල කල්ලියට එල්ලවූ මරුපහරක් විය. තමන් දේවත්වයෙන් සැලකූ තම ගුරුවරයා ලෙස සිටි ආමි ජිනේ අමු අමුවේම මරා දැමීම පිළිබඳව පාලංකඩ හීන්මල්ලී සිටියේ මහා වෛරයකින්ය.

ඔය ධර්මදාසය තමයි මේ හැමදේටම මුල උගේ පවුල් පිටින් නැති කරලා දාන්න ඕනෙ. වම්බොට්ටා තම ගෝලබාලයන්ට කීවේය.

ආමි ජිනේ සහ බෝසුජිත් ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් පුංචා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. එහෙත් ධර්මදාස කොටුකර ගැනීමට පොලිසියට ඉඩ ලැබුණේ නැත.

වම්බොට්ටාගේ කල්ලිය ධර්මදාස සහ පුංචාගෙන් පලිගැනීමට පටන් ගත්තේ එතැන් සිටය.

පුංචාගේ සොහොයුරියන් දෙදෙනකු පැහැරගෙන ගොස් දූෂණය කළ වම්බොට්ටා ඇතුළු සගයන් ඔවුන්ගෙන් පලිගත්තේය.

පුංචා බන්ධනාගාරගතව සිටීම නිසා ඔහුට ජීවිතය බේරා ගැනීමට හැකි වුණේය.

පාලංකඩ හීන්මල්ලී ඇතුළු සහචරයන් ධර්මදාස ලුහුබඳින්නට වුණේය. දිනක් ධර්මදාස තම අට හැවිරිදි පුත්‍රයාද සමඟ විතාරන්දෙණිය කෝන්වැව ප්‍රදේශයේදී හීන්මල්ලීට කොටු වුණේය.

උඹ කාගෙන් ගැලවුණත් අපෙන් ගැලවෙන්න බැහැ.

කාලයක් තිස්සේ තම සිතේ සිරකරගෙන සිටි වෛරය එදින හීන්මල්ලී පිටකළේය. අට හැවිරිදි පුත්‍රයා පන්නා දැමූ පාතාල මැරයන් ධර්මදාසව වෙඩි තබා ඝාතනය කළහ.

මේ ඝාතනයෙන් විතාරන්දෙණිය පමණක් නොව මුළු දකුණු පළාතම හෙල්ලුනේය.

සියලුදෙනාම සිතා සිටියේ වෛරයේ පළිගැනීම එතැනින් නිමවී ඇති බවයි. එහෙත් එය සත්‍ය නොවන බව සියලු දෙනාටම පසක් වුණේ ධර්මදාසගේ මෘත දේහය විතාරන්දෙණියේ පිහිටි නිවසට රැගෙන ආ දිනයේදීය.

එදින රාත්‍රි ඩොල්µsන් වර්ගයේ වෑන් රථයක පැමිණි වම්බොට්ටා පාලංකඩ හීන්මල්ලී ඇතුළු සගයන් දොලොස් දෙනෙකු ධර්මදාසගේ අවමඟුල පැවති නිවස දෙවනත් කරන්නට වූහ.

ධර්මදාසගේ මෘත දේහයට තනි රකිමින් සිටි ඔහුගේ සොහොයුරියන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කළ පාලංකඩ හීන් මල්ලී ඇතුළු පාතාල නරුමයන් අසල කාමරයක නිදා සිටි ඔහුගේ සොහොයුරන් දෙදෙනාද ඝාතනය කළෝය.

ආමි ජිනේගේ ඝාතනයට කිසිම ආකාරයකින් සම්බන්ධයක් නොදැක්වූ අහිංසකයන් සිව්දෙනෙකු අමු අමුවේම මරා දැමූ පාලංකඩ හීන්මල්ලී ඇතුළු සගයන් පලා ගියහ.

ආමි ජිනේ පරලොව යැමෙන් පසු වම්බොට්ටාගේ කල්ලියේ ප්‍රධානම වෙඩික්කාරයා බවට පත්වුණේ පාලංකඩ හීන්මල්ලීය.

දකුණු පළාත පුරා සිදුවන අපරාධ, මීනිමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් දිනෙන් දිනම ඉහළ යමින් තිබුණේය. මේ අතර හීන්මල්ලී නිවිතිගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවස කොල්ලකෑමට යන්නේ තම සගයන් කීපදෙනෙකුද සමඟය.

රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැණික්

තොගයක් කොල්ලකාගෙන හීන්මල්ලී ඇතුළු කොල්ලකරුවන් පලා යද්දී නිවිතිගල පොලිසියේ නිලධාරීන් ඔවුන් වටකළහ.

ගිනි අවියක් අතටගත් පසු හීන්මල්ලී ක්‍රිsයා කරන්නේ කිසිදු අණක් ගුණක් ඇති පුද්ගලයෙකු ලෙසයි. තමන් අත්අඩංගුවට ගන්නට උත්සාහ කරමින් සිටින පොලිස් නිලධාරීන් වෙත ටී 56 ගිනි අවියකින් ඉවක් බවක් නොමැතිව වෙඩි තැබූ හීන්මල්ලි පොලිස් නිලධාරීන් ගෙන් බේරී පලා ගියේය.

මෙම වෙඩි තැබීමෙන් නිවිතිගල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු හා කොස්තාපල්වරයෙකු මිය ගියහ. පාලංකඩ හීන් මල්ලි ඇතුළු සගයන් සිදු කරන කොල්ලකෑම් දිනෙන් දින ඉහළ යන්නට වුණේය.

බණ්ඩාරගම, ඇඹිලිපිටිය, බෙලිඅත්ත, වලස්මුල්ල, වීරකැටිය. අඟුණකොලපැලැස්ස, කුට්ටිගල, තණමල්විල, පාලංකඩ ඇතුළු ප්‍රදේශ රැසක මොහු කළ කොල්ලකෑම් ප්‍රමාණය 40 කට අධිකය.

එමෙන්ම කොන්ත්‍රාත්තුවකට සිදු කළ මිනිස් ඝාතන පුද්ගලික ආරවුල් මත පුද්ගලයන් මරා දැමීම, සම්බන්ධයෙන් මොහුට ඇති චෝදනා 22 කි. පාලංකඩ හීන්මල්ලී විවාහ වුණේ කාලයක් තිස්සේ තිබූ ප්‍රේම සම්බන්ධතාවක් මතය. නදීරා ඇඟලුම් සේවිකාවක වූවාය. මහරගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කළ ඇය හීන්මල්ලී හඳුනා ගත්තේ කොළඹදීය.

අවසානයේ හීන්මල්ලී සමඟ විවාහ වන නදීරා ඌරුගමුව ප්‍රදේශයේ පිහිටි නිවසට යන්නේ අලුත් ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණු ඇතිවය. විවාහයෙන් පසු නදීරාට ලැබුණු ඉඩමක දෙමහල් නිවසක් ඉදිකළ හීන්මල්ලි එහි පදිංචි වුණේය.

නදීරා හීන්මල්ලිගේ කැරට්ටුව දැන ගත්තේ විවාහ වී මාස කීපයක් ගත වීමෙන් පසුවය.

ගාමිණි අබේසේකර ඌරුගමුව ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකි. පිටරටින් භාණ්ඩ ගෙන්වා විකිණීම, වාහන විකිණීම වැනි ව්‍යාපාරවලින් ඔහු ධනවතකු වී සිටියේය.

ගාමිණී අබේසේකරගේ නිවස තිබුණේ පාලංකඩ හීන්මල්ලී පදිංචි නිවසට මීටර් 300 ක් පමණ දුරින්ය. ඉකුත් 2010 වර්ෂයේ මාර්තු 03 වැනිදා ගාමිණී අබේසේකර ප්‍රදේශයේ හිතවතකුගේ මංගල උත්සවයකට සහභාගීවන්නට ගියේ බිරිඳ සහ දරුවන්ද සමඟය.

ගාමිණිගේ බිරිඳ සහ දරුවන් රන් ආබරණවලින් සැරසී මංගල උත්සවයට සහභාගි වීමට යන අයුරු පාලංකඩ හීන්මල්ලි හොර රහසේම බලා සිටියේය.

එදින රාත්‍රිය උදාවිය. ගාමිණී අබේසේකරගේ නිවස ඉදිරිපිට වෑන් රථයක් නතර කළේය. ඉන් බැසගත් සන්නද්ධ පුද්ගලයන් සිව්දෙනෙක් ගාමිණීගේ නිවසට කඩාවැදුනේය.

තොපි උදේ මගුල් ගෙදරට දාගෙන ගිය රත්‍රං බඩු සේරම දීපල්ලා එහෙම නැති උනොත් සේරම මරලා දානවා.

කොල්ලකරුවන් කෑගැසුවෝය. දැඩි ලෙස බියට පත්වූ ගාමිණී තමන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා රන් ආභරණ සහ මුදල් කොල්ලකරුවන්ට ලබාදී ජීවිතය බේරා ගත්තේය. පසු කලක හීන්මල්ලි ඇතුළු සගයන් මේ කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුණේය. ගාමිණී මංගල උත්සවයට යන අයුරු බලා සිට මෙම කොල්ලය මෙහෙයවූ බව හීන්මල්ලී පිළිගත්තේය.

මේ ආකාරයට හීන් මල්ලී ඇතුළු පාතාල කල්ලිය සිදු කළ අපරාධ ප්‍රමාණය අතිවිශාලය. ඇතැම් අපරාධ පොලිස් පොත්වල ලියෑවී තිබුණේය. තවත් සමහර අපරාධ කාලයේ වැලි තලාවෙන් වැළලී ගියේ සැකකරුවන් නොහඳුනන අපරාධ ලෙසය.

කාලයක් ගතවෙද්දී වම්බොට්ටාගේ පාතාල කල්ලිය බෙදී වෙන්වන්නට පටන් ගත්තේය. දිවෙන් දිව ගාගෙන එකම අපරාධ කළවුන් බද්ධ වෛරකාරයන් බවට පත්ව සිටියහ.

වම්බොට්ටාගේ කල්ලියේ ප්‍රබල චරිත බවට පත්ව සිටි සීසර් කපිල, ආමි සුරංග, පාලංකඩ හීන්මල්ලී ඇතුළු පාතාල අපරාධකාරයන් පිරිසක් වෙනම කල්ලියක් බිහිකර ගත්තේය.

තම නම පාවිච්චි කරමින් කොල්ලකෑම් සිදු කිරීම මහා පරිමාණයෙන් කප්පම් ගැනීම වැනි ක්‍රියා නිසා සීසර් කපිල වම්බොට්ටාගේ උදහසට ලක් වුණේය.

මේ වෛරය කොතෙක් දුර ගියේද යත් සීසර් කපිලගේ අවසානය වම්බොට්ටාගේ කල්ලිය අතින් සිදුවිය.

සීසර් කපිල පැහැරගෙන ගොස් ඝාතනය කළ වම්බොට්ටාගේ කල්ලියේ සාමාජිකයන් ඔහුගේ සිරුර මඩ වළක සැඟවූහ.

සීසර් කපිල ඝාතනය කිරීම වම්බොට්ටාගේ අනුදැනුම මත සිදුවූ බව ආමි සුරංග මෙන්ම පාලංකඩ හීන්මල්ලී හොඳින් දැන සිටියහ. තම සමීපතමයා මරාදැමීම පිළිබඳව ඔවුන් දැඩි වෛරයකින් පසුවූහ.

හීන්මල්ලී සහ ආමි සුරංග තම වෛරකාරයා බවට පත්ව සිටින වම්බොට්ටාගෙන් පලිගැනීමට සැලසුම් කළේය.

කොස්ගමදී තම ඉලක්කය සපුරාගැනීමට හීන්මල්ලීට හැකිවිය. වම්බොට්ටා තම සගයන් කීපදෙනෙකු සමඟ කොස්ගම ප්‍රදේශයේ වෑන් රථයක යමින් සිටියදී ඒ පසුපස තවත් වෑන් රථයකින් පන්නාගෙන ආ පාලංකඩ හීනා ආමි සුරංග ඇතුළු සගයන් සිය ප්‍රහාරය දියත් කළහ.

මුළු දකුණු පළාතම භීතියට පත් කරගෙන පාතාල ලෝකයේ කිරුළුපලන් රජු ලෙස සිටි වම්බොට්ටා අවසන් ගමන් ගියේ ඒ ආකාරයටය.

පාතාල ලෝකයේ මහා කෙරුම් කාරයන් සමග ගැටෙමින් මුළු දකුණු පළාතටම මහා පිළිලයක් බවට පත්ව සිටි පාලංකඩ හීන්මල්ලී නමැති කෙසඟ පුද්ගලයාටද අවසානයේදී උරුම වුණේ අකල් මරණයකි.

රත්නපුර බලංගොඩ දී කෝටිපති මැණික් ව්‍යාපාරික සුමිත් ගුණසේකර මරා දැමීමේ පාපය හීන්මල්ලීට ගෙවා දැමීමට සිදුවූයේ තම ජීවිතය ඒ වෙනුවෙන් පූජා කරමින්ය.

ඒ වන විටත් හීන් මල්ලි තවත් කීප දෙනකු ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තු භාරගෙන සිටියේය. ඒ අතර තංගල්ල ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් කීප දෙනකුද සිටියේය.

හීන් මල්ලී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූ පුවත සැලවීමත් සමගම රත්නපුරයේ ජනතාව රතිඤ්ඤ්ඤා පත්තු කළහ. තංගල්ල ජනතාව කිරිබත් කෑහ. ඇඹිලිපිටියේ ජනතාව ප්‍රීති ප්රමෝදයට පත් වූහ.

මේ නරුම අපරාධකාරයා නිසා අහිංසක ජනතාව මොන තරම් පීඩනයක සිටියේද යන්න හොඳම නිදසුන එය විය.

හීන් මල්ලීගේ අනියම් බිරිඳ පදිංචිව සිටි කඩවත කිරිල්ලවල නිවසේ වළ දමා තිබී සුමිත් ගුණසේකර ඝාතනයට යොදාගත් ආයුධය පොලිසිය සොයා ගත්තේය.

අපරාධකාරයන්ට වැඩි ආයුෂ නැත යන කියමන සත්‍ය කරමින් හීන් මල්ලී අවසන් ගමන් ගියේ රටේ අනෙකුත් අපරාධකාරයන්ට අනතුරු ඇඟවීමක් කරමින්ය.

[QUOTE="Dead Cupid, post: 31078010, member: 118969"] මේ ඝාතන දෙක පිටුපස සිටින්නේ ආමි ජිනේ සහ බෝසුජිත් නමැති පාතාල කෙරුම්කාරයන් දෙදෙනා බව ධර්මදාස අමරසිංහ දැන ගත්තේය. සාමකාමී ජීවිතයකට ඇතුළුවීමට අඩිතාලමක් දමාගෙන සිටි ධර්මදාස නැවතත් සර්පයකු බවට පත් කිරීමට මේ සිදුවීම සමත් විය. ආමි ජිනෙයා දන්නෙ නැහැ මම කව්ද කියලා. මම ඕකාගෙන් පන්න පන්නා පලියගන්නවා. ධර්මදාස තම ඥතීන් ඝාතනය කිරීමේ පලිය ආමි ජිනේගෙන් ගැනීමට පිඹුරුපත් සකස් කරන්නට වුණේය. වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ ආමි ජිනේ මාතර රෝහලට ඇතුළත් කරන්නේ ඔය අතරතුරදීය. ආමි ජිනේ රෝහල්ගත කළ පුවත ධර්මදාසගේ කනවැකුණේය. ඔහුගෙන් පලිගැනීමට හොඳම අවස්ථාව එය බව තේරුම්ගත් ධර්මදාස ඊට අවශ්‍ය කටයුතු සම්පාදන කරන්න පටන් ගත්තේය. 2004 වර්ෂයේ මැයි මස 06 වැනිදා වීරකැටිය පොලිසියේ නිලධාරීන් සමඟ සටනකට මැදිවූ ආමි ජිනේ ඇතුළු කල්ලිය පොලිස් නිලධාරියකු වෙඩි තබා ඝාතනය කළේය. ආමි ජිනේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබන්නේ එම සටනේදීය. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආමි ජිනේ පරලොව යෑවීම සඳහා අවශ්‍ය කටයුතු ධර්මදාස සම්පාදනය කළේය. ඊට තවත් බොහෝ දෙනෙකු දායකත්වය ලබා දුන්නේය. ධර්මදාසගේ දාමරික වැඩ සඳහා යොදා ගත් පුංචා නැමත්තා මාර්ගයෙන් ආමි ජිනේ ඝාතනය කිරීමට සැලසුමක් සකස් කළේය. ධර්මදාස සහ පුංචා මාතර රෝහල වෙත ගියේ රෝගීන් බලන පුද්ගලයන් ලෙසය. එදින මුළු මාතර රෝහලම දෙවනත් කරමින් වෙඩි ප්‍රහාර එල්ල කළ පුංචා සහ ධර්මදාස ප්‍රතිකාර ලබමින් සිටි ආමි ජිනේ ඝාතනය කර පලා ගියහ. එයින් නොනැවතුණු ධර්මදාස බෝසුජිත්වද ඝාතනය කළේය. ආමි ජිනේ සහ බෝසුජිත් අහිමිවීම වම්බොට්ටාගේ පාතාල කල්ලියට එල්ලවූ මරුපහරක් විය. තමන් දේවත්වයෙන් සැලකූ තම ගුරුවරයා ලෙස සිටි ආමි ජිනේ අමු අමුවේම මරා දැමීම පිළිබඳව පාලංකඩ හීන්මල්ලී සිටියේ මහා වෛරයකින්ය. ඔය ධර්මදාසය තමයි මේ හැමදේටම මුල උගේ පවුල් පිටින් නැති කරලා දාන්න ඕනෙ. වම්බොට්ටා තම ගෝලබාලයන්ට කීවේය. ආමි ජිනේ සහ බෝසුජිත් ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් පුංචා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. එහෙත් ධර්මදාස කොටුකර ගැනීමට පොලිසියට ඉඩ ලැබුණේ නැත. වම්බොට්ටාගේ කල්ලිය ධර්මදාස සහ පුංචාගෙන් පලිගැනීමට පටන් ගත්තේ එතැන් සිටය. පුංචාගේ සොහොයුරියන් දෙදෙනකු පැහැරගෙන ගොස් දූෂණය කළ වම්බොට්ටා ඇතුළු සගයන් ඔවුන්ගෙන් පලිගත්තේය. පුංචා බන්ධනාගාරගතව සිටීම නිසා ඔහුට ජීවිතය බේරා ගැනීමට හැකි වුණේය. පාලංකඩ හීන්මල්ලී ඇතුළු සහචරයන් ධර්මදාස ලුහුබඳින්නට වුණේය. දිනක් ධර්මදාස තම අට හැවිරිදි පුත්‍රයාද සමඟ විතාරන්දෙණිය කෝන්වැව ප්‍රදේශයේදී හීන්මල්ලීට කොටු වුණේය. උඹ කාගෙන් ගැලවුණත් අපෙන් ගැලවෙන්න බැහැ. කාලයක් තිස්සේ තම සිතේ සිරකරගෙන සිටි වෛරය එදින හීන්මල්ලී පිටකළේය. අට හැවිරිදි පුත්‍රයා පන්නා දැමූ පාතාල මැරයන් ධර්මදාසව වෙඩි තබා ඝාතනය කළහ. මේ ඝාතනයෙන් විතාරන්දෙණිය පමණක් නොව මුළු දකුණු පළාතම හෙල්ලුනේය. සියලුදෙනාම සිතා සිටියේ වෛරයේ පළිගැනීම එතැනින් නිමවී ඇති බවයි. එහෙත් එය සත්‍ය නොවන බව සියලු දෙනාටම පසක් වුණේ ධර්මදාසගේ මෘත දේහය විතාරන්දෙණියේ පිහිටි නිවසට රැගෙන ආ දිනයේදීය. එදින රාත්‍රි ඩොල්µsන් වර්ගයේ වෑන් රථයක පැමිණි වම්බොට්ටා පාලංකඩ හීන්මල්ලී ඇතුළු සගයන් දොලොස් දෙනෙකු ධර්මදාසගේ අවමඟුල පැවති නිවස දෙවනත් කරන්නට වූහ. ධර්මදාසගේ මෘත දේහයට තනි රකිමින් සිටි ඔහුගේ සොහොයුරියන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කළ පාලංකඩ හීන් මල්ලී ඇතුළු පාතාල නරුමයන් අසල කාමරයක නිදා සිටි ඔහුගේ සොහොයුරන් දෙදෙනාද ඝාතනය කළෝය. ආමි ජිනේගේ ඝාතනයට කිසිම ආකාරයකින් සම්බන්ධයක් නොදැක්වූ අහිංසකයන් සිව්දෙනෙකු අමු අමුවේම මරා දැමූ පාලංකඩ හීන්මල්ලී ඇතුළු සගයන් පලා ගියහ. ආමි ජිනේ පරලොව යැමෙන් පසු වම්බොට්ටාගේ කල්ලියේ ප්‍රධානම වෙඩික්කාරයා බවට පත්වුණේ පාලංකඩ හීන්මල්ලීය. දකුණු පළාත පුරා සිදුවන අපරාධ, මීනිමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් දිනෙන් දිනම ඉහළ යමින් තිබුණේය. මේ අතර හීන්මල්ලී නිවිතිගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවස කොල්ලකෑමට යන්නේ තම සගයන් කීපදෙනෙකුද සමඟය. රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැණික් තොගයක් කොල්ලකාගෙන හීන්මල්ලී ඇතුළු කොල්ලකරුවන් පලා යද්දී නිවිතිගල පොලිසියේ නිලධාරීන් ඔවුන් වටකළහ. ගිනි අවියක් අතටගත් පසු හීන්මල්ලී ක්‍රිsයා කරන්නේ කිසිදු අණක් ගුණක් ඇති පුද්ගලයෙකු ලෙසයි. තමන් අත්අඩංගුවට ගන්නට උත්සාහ කරමින් සිටින පොලිස් නිලධාරීන් වෙත ටී 56 ගිනි අවියකින් ඉවක් බවක් නොමැතිව වෙඩි තැබූ හීන්මල්ලි පොලිස් නිලධාරීන් ගෙන් බේරී පලා ගියේය. මෙම වෙඩි තැබීමෙන් නිවිතිගල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු හා කොස්තාපල්වරයෙකු මිය ගියහ. පාලංකඩ හීන් මල්ලි ඇතුළු සගයන් සිදු කරන කොල්ලකෑම් දිනෙන් දින ඉහළ යන්නට වුණේය. බණ්ඩාරගම, ඇඹිලිපිටිය, බෙලිඅත්ත, වලස්මුල්ල, වීරකැටිය. අඟුණකොලපැලැස්ස, කුට්ටිගල, තණමල්විල, පාලංකඩ ඇතුළු ප්‍රදේශ රැසක මොහු කළ කොල්ලකෑම් ප්‍රමාණය 40 කට අධිකය. එමෙන්ම කොන්ත්‍රාත්තුවකට සිදු කළ මිනිස් ඝාතන පුද්ගලික ආරවුල් මත පුද්ගලයන් මරා දැමීම, සම්බන්ධයෙන් මොහුට ඇති චෝදනා 22 කි. පාලංකඩ හීන්මල්ලී විවාහ වුණේ කාලයක් තිස්සේ තිබූ ප්‍රේම සම්බන්ධතාවක් මතය. නදීරා ඇඟලුම් සේවිකාවක වූවාය. මහරගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කළ ඇය හීන්මල්ලී හඳුනා ගත්තේ කොළඹදීය. අවසානයේ හීන්මල්ලී සමඟ විවාහ වන නදීරා ඌරුගමුව ප්‍රදේශයේ පිහිටි නිවසට යන්නේ අලුත් ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණු ඇතිවය. විවාහයෙන් පසු නදීරාට ලැබුණු ඉඩමක දෙමහල් නිවසක් ඉදිකළ හීන්මල්ලි එහි පදිංචි වුණේය. නදීරා හීන්මල්ලිගේ කැරට්ටුව දැන ගත්තේ විවාහ වී මාස කීපයක් ගත වීමෙන් පසුවය. ගාමිණි අබේසේකර ඌරුගමුව ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකි. පිටරටින් භාණ්ඩ ගෙන්වා විකිණීම, වාහන විකිණීම වැනි ව්‍යාපාරවලින් ඔහු ධනවතකු වී සිටියේය. ගාමිණී අබේසේකරගේ නිවස තිබුණේ පාලංකඩ හීන්මල්ලී පදිංචි නිවසට මීටර් 300 ක් පමණ දුරින්ය. ඉකුත් 2010 වර්ෂයේ මාර්තු 03 වැනිදා ගාමිණී අබේසේකර ප්‍රදේශයේ හිතවතකුගේ මංගල උත්සවයකට සහභාගීවන්නට ගියේ බිරිඳ සහ දරුවන්ද සමඟය. ගාමිණිගේ බිරිඳ සහ දරුවන් රන් ආබරණවලින් සැරසී මංගල උත්සවයට සහභාගි වීමට යන අයුරු පාලංකඩ හීන්මල්ලි හොර රහසේම බලා සිටියේය. එදින රාත්‍රිය උදාවිය. ගාමිණී අබේසේකරගේ නිවස ඉදිරිපිට වෑන් රථයක් නතර කළේය. ඉන් බැසගත් සන්නද්ධ පුද්ගලයන් සිව්දෙනෙක් ගාමිණීගේ නිවසට කඩාවැදුනේය. තොපි උදේ මගුල් ගෙදරට දාගෙන ගිය රත්‍රං බඩු සේරම දීපල්ලා එහෙම නැති උනොත් සේරම මරලා දානවා. කොල්ලකරුවන් කෑගැසුවෝය. දැඩි ලෙස බියට පත්වූ ගාමිණී තමන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා රන් ආභරණ සහ මුදල් කොල්ලකරුවන්ට ලබාදී ජීවිතය බේරා ගත්තේය. පසු කලක හීන්මල්ලි ඇතුළු සගයන් මේ කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුණේය. ගාමිණී මංගල උත්සවයට යන අයුරු බලා සිට මෙම කොල්ලය මෙහෙයවූ බව හීන්මල්ලී පිළිගත්තේය. මේ ආකාරයට හීන් මල්ලී ඇතුළු පාතාල කල්ලිය සිදු කළ අපරාධ ප්‍රමාණය අතිවිශාලය. ඇතැම් අපරාධ පොලිස් පොත්වල ලියෑවී තිබුණේය. තවත් සමහර අපරාධ කාලයේ වැලි තලාවෙන් වැළලී ගියේ සැකකරුවන් නොහඳුනන අපරාධ ලෙසය. කාලයක් ගතවෙද්දී වම්බොට්ටාගේ පාතාල කල්ලිය බෙදී වෙන්වන්නට පටන් ගත්තේය. දිවෙන් දිව ගාගෙන එකම අපරාධ කළවුන් බද්ධ වෛරකාරයන් බවට පත්ව සිටියහ. වම්බොට්ටාගේ කල්ලියේ ප්‍රබල චරිත බවට පත්ව සිටි සීසර් කපිල, ආමි සුරංග, පාලංකඩ හීන්මල්ලී ඇතුළු පාතාල අපරාධකාරයන් පිරිසක් වෙනම කල්ලියක් බිහිකර ගත්තේය. තම නම පාවිච්චි කරමින් කොල්ලකෑම් සිදු කිරීම මහා පරිමාණයෙන් කප්පම් ගැනීම වැනි ක්‍රියා නිසා සීසර් කපිල වම්බොට්ටාගේ උදහසට ලක් වුණේය. මේ වෛරය කොතෙක් දුර ගියේද යත් සීසර් කපිලගේ අවසානය වම්බොට්ටාගේ කල්ලිය අතින් සිදුවිය. සීසර් කපිල පැහැරගෙන ගොස් ඝාතනය කළ වම්බොට්ටාගේ කල්ලියේ සාමාජිකයන් ඔහුගේ සිරුර මඩ වළක සැඟවූහ. සීසර් කපිල ඝාතනය කිරීම වම්බොට්ටාගේ අනුදැනුම මත සිදුවූ බව ආමි සුරංග මෙන්ම පාලංකඩ හීන්මල්ලී හොඳින් දැන සිටියහ. තම සමීපතමයා මරාදැමීම පිළිබඳව ඔවුන් දැඩි වෛරයකින් පසුවූහ. හීන්මල්ලී සහ ආමි සුරංග තම වෛරකාරයා බවට පත්ව සිටින වම්බොට්ටාගෙන් පලිගැනීමට සැලසුම් කළේය. කොස්ගමදී තම ඉලක්කය සපුරාගැනීමට හීන්මල්ලීට හැකිවිය. වම්බොට්ටා තම සගයන් කීපදෙනෙකු සමඟ කොස්ගම ප්‍රදේශයේ වෑන් රථයක යමින් සිටියදී ඒ පසුපස තවත් වෑන් රථයකින් පන්නාගෙන ආ පාලංකඩ හීනා ආමි සුරංග ඇතුළු සගයන් සිය ප්‍රහාරය දියත් කළහ. මුළු දකුණු පළාතම භීතියට පත් කරගෙන පාතාල ලෝකයේ කිරුළුපලන් රජු ලෙස සිටි වම්බොට්ටා අවසන් ගමන් ගියේ ඒ ආකාරයටය. පාතාල ලෝකයේ මහා කෙරුම් කාරයන් සමග ගැටෙමින් මුළු දකුණු පළාතටම මහා පිළිලයක් බවට පත්ව සිටි පාලංකඩ හීන්මල්ලී නමැති කෙසඟ පුද්ගලයාටද අවසානයේදී උරුම වුණේ අකල් මරණයකි. රත්නපුර බලංගොඩ දී කෝටිපති මැණික් ව්‍යාපාරික සුමිත් ගුණසේකර මරා දැමීමේ පාපය හීන්මල්ලීට ගෙවා දැමීමට සිදුවූයේ තම ජීවිතය ඒ වෙනුවෙන් පූජා කරමින්ය. ඒ වන විටත් හීන් මල්ලි තවත් කීප දෙනකු ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තු භාරගෙන සිටියේය. ඒ අතර තංගල්ල ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් කීප දෙනකුද සිටියේය. හීන් මල්ලී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූ පුවත සැලවීමත් සමගම රත්නපුරයේ ජනතාව රතිඤ්ඤ්ඤා පත්තු කළහ. තංගල්ල ජනතාව කිරිබත් කෑහ. ඇඹිලිපිටියේ ජනතාව ප්‍රීති ප්රමෝදයට පත් වූහ. මේ නරුම අපරාධකාරයා නිසා අහිංසක ජනතාව මොන තරම් පීඩනයක සිටියේද යන්න හොඳම නිදසුන එය විය. හීන් මල්ලීගේ අනියම් බිරිඳ පදිංචිව සිටි කඩවත කිරිල්ලවල නිවසේ වළ දමා තිබී සුමිත් ගුණසේකර ඝාතනයට යොදාගත් ආයුධය පොලිසිය සොයා ගත්තේය. අපරාධකාරයන්ට වැඩි ආයුෂ නැත යන කියමන සත්‍ය කරමින් හීන් මල්ලී අවසන් ගමන් ගියේ රටේ අනෙකුත් අපරාධකාරයන්ට අනතුරු ඇඟවීමක් කරමින්ය. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom