වයස අවුරුදු 6 දී මමයි තාත්තයි මේ අත්දැකීමට &#3

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කිරින්ද මුහුදේ රැල්ල පාගමින් සිටි හැටන් ප්‍රදේශයේ එකම පවුලේ හතරදෙනකු මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර ඉන් දැරියන් දෙදෙනකු සහ ඔහුගේ පියා ඊයේ (23) පෙරවරුවේ මියගිය බව
    කිරින්ද පොලිසිය කියයි.
    මෙම දරු දෙදෙනාගේ මව මුහුදේ ගසාගෙන යද්දීම බේරාගෙන ඇති අතර, ඇය තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට යැවූ බව තිස්සමහාරාම රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.



    මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ නුවන් විජේසූරිය (33) පියා, දියණියන් දෙදෙනා වූ නදීෂා මිනෝමි විජේසූරිය (4) සහ එසත්මා තනාලි විජේසූරිය (6) යන අය බව පොලිසිය පවසයි. නුවරඑළියේ පිහිටි පෞද්ගලික බැංකුවක සුබ සාධක අංශය විසින් වාර්ෂිකව සංවිධානය කළ විනෝද චාරිකාවකට මෙම පිරිස සහභාගී වී ඇති අතර ඔවුන් කිරින්ද වෙරළට ගොස් රැල්ල පාගමින් සිටීයදී මෙම අනතුරට ලක්වී ඇතැයි පොලිසිය කළ මූලික පරික්‍ෂණවලදී අනාවරණය වී ඇත.

    මෙම පිරිස යාල සංචාරක හෝටලයක පෙරේදා (22) රාත්‍රීයේ නැවතී සිට ඇති අතර ඊයේ (23) උදේ කිරින්ද මුහුදට පැමිණ සිටියදී සැඩ රල පහරකට හසුවි ඇති බව පොලිසිය කියයි.

    මියගිය අයගෙන් පියාගේ සිරුර කිරින්ද රෝහලේ ද දැරියන් දෙදෙනාගේ සිරුරු දෙබරවැව රෝහලේ ද ඊයේ (23) තබා තිබිණි.

    මියගොස් ඇත්තේ නුවන් නැමැති ව්‍යාපාරිකයෙකු බවත් දැනට අම්පාර මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඔහුගේ බිරිඳ පුද්ගලික බැංකුවක සේවිකාවක බවත් පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    මෙම තිදෙනාගේ මරණ පරික්‍ෂණ දෙබරවැව රෝහලේදී ඊයේ (23) සිදු කිරීමට නියමිතව තිබූ බව කිරින්ද පොලිසිය පවසයි. මරණ පරීක්ෂණයට සහභාගිවීමට ඔවුන්ගේ ඥාතීන් ඊයේ (23) පැමිණීමට නියමිතව තිබූ අතර ඔවුන් පැමිණි පසුව මරණ පරික්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

    මියගිය නුවන්ගේ මව ඔහු පදිංචි නිවසේ නතර කර ඔවුන් සිය විනෝද චාරිකාව ගොස් ඇති අතර ඊයේ (23) උදේ තමන්ට දුරකතනයෙන් කනා කර රාත්‍රියේ නිවසට පැමිණෙන බව පුතා දැන්වූ බව මව පැවැසුවාය.

    කිරින්ද පොලිසිය පරික්ෂණ පවත්වයි.


    comment:

    වයස අවුරුදු 6 දී මමයි තාත්තයි මේ අත්දැකීමට මුහුණ දුන්නා. ගල් පර වල වැදිලා මට හොදටම තුවාල වුනා. රැල්ල ඉතා වේගයෙන් ඇවිත් කිරින්ද ගලට වැදිලා, රැදිලා තියෙනවා විනාඩි 2 ක් විතර . ඉන් පස්සෙ රැල්ල බහින්නෙ වෙරලෙ තිබූ සියල්ල අරගෙන.
    මම අදටත් මුහුදට නාන්න යන්නෙ නැහැ. අවදානමක් ගන්න එපා. මේවා බලලා පාඩමක් ඉගෙන ගමු. කිරින්ද නම් ඉතා අවදානම්. අපේ සිංහල පැටව් රැකගමු.


    කිරින්ද , ගල්කිස්ස වගේ තැන් භයානකයි මචන් . මේවා හරිනම් දැන්වීම් පුවරු ගහලා මිනිස්සු දැනුවත් කරන්න ඕනේ . දියවැල් වගේ ඒවා එක පාරට සෙට් වෙන මුහුදු තීර තියෙනවා . කොච්චර වැඩ්ඩන්ට උනත් බේරෙන්න බැරි .