වයස 22 මොලයේ ලේ කැටියක් 🙁

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    26004343_123800.jpg


    “අම්මේ මම විශ්වවිද්‍යාලයට ගියාම දුරස් වෙන්න අමාරුයි.. ඒත් අඬන්න එපා එහෙනම් මම යන්නේ නැහැ... කොහොමහරි මම ගුරුවරියක් වෙලා අම්මගේ ප්‍රාර්ථනාව කවදහරි ඉටු කරනවා.” කියමින් සිටි තරුණියක නින්දට ගොස් නිදිඇඳේ ම මියයාමේ සිද්ධියක් නිසා අම්පිටිය ප්‍රදේශය කම්පනයටත් කනගාටුවටත් පත්වී තිබේ.




    සිද්ධියෙන් මිය ගියේ මහනුවර අම්පිටිය තලාතුඔය උඩුවෙල ප්‍රදේශයේ සඳුනි හංසමාලි බණ්ඩාර නමැති 22 හැවිරිදි තරුණියකි.
    මියගිය තරුණියට නිතර උනසන්නිපාතය හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම හැර වෙනත් අසනීප තත්වයක් නොතිබූ බව නිවැසියන් පවසා තිබේ.
    ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටියද වෙනත් කිසිදු අසනීපයක් නොමැතිව සිටියදී එකවරම ඇය මියයාම ඛේදවාචකයක් ඇති කර තිබෙයි.


    වෛද්‍යවරුන් පැවසුවේ දැරිය නින්දට ගොස් නොසෙල්වී සිටි පසු ඇය රෝහලට ගෙන ගියත් ඒ වන විටත් මියගොස් සිටි බවයි. සිද්ධිය වූ දින රාත්‍රියේ නිවසේ සිට ඇත්තේ දියණිය සහ මව පමණි. පියා ව්‍යාපාරික කටයුත්තක් සඳහා විදේශගතව සිටි බවද පැවසේ.
    පශ්චාත් මරණ පරීක්‍ෂණය මහනුවර රෝහලේදී සිදුකළ අතර වෛද්‍ය පරීක්‍ෂකවරයා පැවසුවේ මරණයට හේතුව මොළයේ ලේ කැටි ගැසීමක් බවයි.
    මරණයෙන් දින දෙකකට පසු ඇය විශ්වවිද්‍යාලයට යාමට සූදානමින් සිටි අතර ඇඳුම් සකස් කරමින් සිටිය බව මව කඳුළු සලමින් සඳහන් කළාය. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨයේ පළමු වසර කණ්ඩායමට ඇය අයත්වූවාය.
    සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පව්. දෙමව්පියෝ කොහොම දරාගන්නද? දෙමව්පියෝ හැටියට දරුවෙක්ගේ මරණය දකින එක තරම් තවත් දුකක් කොහෙන්ද?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තනියම ඉන්න එමිල් අයියා වගේ කෙනෙක්ට මෙහෙම උනොත් කවුද දන්නේ :sorry:

    මේකත් Vaccine එකේ අතුරු ප්‍රතිඵලයක් ද @pitiye.appu :confused:
    උණ නිතර හැදෙනවලු නේ. ඒකෙන් වෙන්න පුළුවන් ඔය වැඩේ.
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Do you have any idea how suddenly blood clots can form?
    It could have been a clot or even a brain aneurysm. One is caused by a clot blocking the brain's blood supply and the other a brain bleed. Both can be fatal.
    Just a few years ago one of my friend's son passed away at the age of 22 due to a aneurysm. There are multiple causes of blood clot formation, a bit too lengthy to discuss here. :(
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    It could have been a clot or even a brain aneurysm. One is caused by a clot blocking the brain's blood supply and the other a brain bleed. Both can be fatal.
    Just a few years ago one of my friend's son passed away at the age of 22 due to a aneurysm. There are multiple causes of blood clot formation, a bit too lengthy to discuss here. :(
    He must have been taking late night showers definitely , that is the most common cause.