කිරි සුවද පුරවාගෙන මවු කුසින් විත් ලෝකය දකින
කිරි කැටි මෙලෙක් ලදරුවාගේ සිත කොයිතරම් පිරිසිදුද?
නමුදු කාලය කෙමන් ගතවෙද්දී දෑතේ නැලවුන පොඩි දරුවා
පොලවේ පයගසා ඇවිද යන ශක්තිවන්තයකු වී ඇත
දැන් මේ ශක්තිවන්තයාගේ සිතෙහි
හොද පුද්ගලයකු ජීවත් වීමට ඉඩ ඇත
තවද හොරෙකු,සල්ලාලයකු,බේබද්දකු ජීවත් වීමටද ඉඩ ඇත
උපදුන දා කිරි සුවදින් සුවද වු පුංචි සිත
හොද මිනිසකු වීමටත් නරක මිනිසකු වීමටත්
හේතුව කිමයි බැලූ කල
වරද දෙමාපියන්ගෙද නැතිනම් සමාජයේදැයි
සිතා ගත නොහැකි විය
by-පුබුදුවා
එන්න සිත් මල් යාය සැරිසරන්න
Last edited: