මේක පරන කතාවක් මේ දවස් වල නිදන් සීන් එකේ ඉන්න හින්දා මතක් උනේ. අපෙ පත්තෙ ගෙදරක් තියෙනවා ඒ ගෙදර මිනිහා බීලා ඇවිත් හැමදාම ගෑනිට ගහනවා. මේ පැත්තෙ සමහර කොල්ලො ගෑනි බෙරිහන් දෙද්දි ගිහින් වැටෙන් හොරෙන් බලනවා ගේ ඇතුලෙ මොනාද වෙන්නෙ කියලා. දවසක් මිනිහා ගෑනිට ගහලා ගෑනිව තල්ලු කරලා ඇරියම ගෑනිගෙ ඔලුව බුදුපහනේ වැදිලා, එතකොට ගෑනි “ එම්බල නරය $%^&“ කියලා ආවේශ වෙන්න පටන් අරන්. එදා ඉදන් මිනිහා ගෑනිට බයයි. මුන් දෙන්න දැම්මා දේවාලෙකුත්. මිනිහත් ඒ අතරෙ කේන්දර බලන්න ඉගෙනගත්තා. වැඩේ නැගලා ගියා. හොදට හම්බකරගත්තා. එන්නෙම බහුතරයක් බීඑම්ඩබ්ලිව්, ප්රාඩෝ වගේ වාහන. රවී කරුනානායකගෙ නඩුව ගිය දවස් වල උගෙ පවුලෙ අයත් ආවා දේවාලෙට. කට තියෙනවන්ම් දේවාල බිස්නස් එකත් හොද ආදායම් මාර්ගයක්