වර්තමාන සමාජය ගැන සිතන්නට යමක්…
එදා අතීතයේ අපේ මුතුන් මිත්තන් සීයලා ආච්චිලා අම්මලා තාත්තලාගේ කාලේ සමාජය ගැන මොහොතකට සිතන්න. තාක්ෂනය අතින් එදා සමාජය අද වගේ දියුණු මට්ටමක නොපැවතුන ද සමාජයේ ජිවත්වන එකිනෙකා අතර වූ සුහදත්වය සහ එකමුතු බව කිසිසේත්ම අඩුවුණේ නෑ. පරිසරයට ගහකොළට සතාසීපාවා ට ආදරය කරන්නත් පරිසරයේ ඇති සුන්දරත්වය විඳීමටත් එය ආරක්ෂා කරගැනීමටත් ඔවුන් බොහෝ සේ කටයුතු කළා. නමුත් වර්තමානයේ ඇති සමාජය , නූතන ලෝකයේ තරුණ පරම්පරාව එදා වගේම අදත් අප අවට ජිවත්වන පිරිස සමඟ සුහඳව කටයුතු කරයි ද ? පරිසරයට ආදරය කරයි ද ? එහි ඇති සුන්දරත්වය තුලින් වින්දනයක් ලබයි ද ? අනෙකාගේ ව තේරුම් ගැනීමටත් ඔවුන්ගේ සිතුම් පැතුම් වටහා ගැනීමටත් අවශ්‍ය අවස්ථාවල දී නොපැකිලිව උපකාර කිරීමටත් ඉදිරිපත් වෙයි ද ?
ලෝකයේ ඇති තරඟකාරීත්වය හමුවේ එකෙකු පසුකර අනෙකා ඉදිරියට යාමට දරන ප්‍රයත්නය , මුදල් පසුපස හඹායන අවිවේකි ජිවිත , ගුණධර්ම අමතක වුනු කරුණාව දයාව තොරවූ සිත් ඇති අකාරුණික මිනිසුන් බහුල සමාජයක් කරා වර්තමානයේ දී අපි ගමන් කරමින් සිටිනවා. වර්තමාන තරුණ සමාජය තාක්ෂණික ලෝකයේ මංමුලා වී සිටිනවා. අන්‍යොන්‍ය සබඳතා ගොඩනගා ගැනීමේ දී ඔවුන් ගැටළු රාශියකට මුහුණ දෙනවා. ඔවුන් දෙමාපියන්ගෙන් සහ සමාජයෙන් වෙන්වී ගොසින් වෙනම ම මනංකල්පිත ලෝක තුල නිමග්න වී සිටිනවා. මේ සෑම දෙයක් දෙසම බලන කල පැහැදිලි වන එක කරුණක් වන්නේ අපි දැන් ගමන් කරන්නේ යාන්ත්‍රිකරණයට ලක්වූ සමාජයක් වෙත බවයි.පහතින් දැක්වෙන්නේ මේ සමාජ යතාර්ථය ඔබට මොහොතකට හෝ පසක් කර දෙන ප්‍රබල ඡායාරූප පෙළකි.
මේ දෙස හොඳින් බලන්න. මොහොතක් සිතන්න. ඔබ මේ දකින ඡායාරූප වල කෙතරම් ගැඹුරු අරුතක් සැඟවී ඇති ද ? අනාගත පරම්පරාව සඳහා නිර්මාණය වන ලෝකය සැබවින්ම සුරක්ෂිත එකක් වනු ඇති ද ?
ඉස්සුවෙ මෙතනින්.