වරායේ දී විපතට පත් අලි පැටවා අවසන් ගමනේ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වරායේ දී විපතට පත් අලි පැටවා අවසන් ගමනේ

    2016_05_30_153155_834x350.jpg


    හම්බන්තොට වරායේ දෙවන අදියරට අයත් මාර්ගයක අනාරක්ෂිත කාණුවකට වැටි සිටියදී බේරා ගත් මාස තුනක් පමණ වයසැති අලි පැටවා මිය ගොස් තිබේ.
    පසුගිය මැයි මස 29 වනදා වරාය සේවකයන්ගේ ද සහයෝගය ඇතිව වනජීවී නිලධාරීන් විසින් බේරා ගනු ලැබූ අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවන වෙත රැගෙන යෑමට කටයුතු කොට තිබුණේ තුවාලවලට ප්‍රතිකාර ලබා දීම සඳහායි.
    අලි පැටවා සම්බන්ධයෙන් කළ විමසීමකදී උඩවලව ඇත් අතුරු සෙවනේ නිලධාරියෙක්‌ කියා සිටියේ පසුගිය 17 වනදා සිට ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය නිලධාරියකු නොමැති වීම නිසා අලි පැටවාට නිසි ප්‍රතිකාර ලබා දීමට නොහැකි වූ බවයි .
    උඩවලව ඇත් අතුරු සෙවනේ සේවය කරන එකම පශු වෛද්‍යවරයා විදේශ ගත වීම සඳහා නිවාඩු ලබා ගෙන ඇති අතර ඔහු වෙනුවට වැඩ බැලීම යොදවා සිටි පශු වෛද්‍යවරයා වනජීවී අමාත්‍යංශය විසින් වෙනත් ප්‍රදේශයක සිටින අලියකුට ප්‍රතිකාර කිරීම සඳහා යොමු කර ඇති බවයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට හම්බන්තොට සිට වාර්තා කළේ.
    සඳුදා (20) උදෑසන අලි පැටවාගේ අසාධ්‍ය තත්වය පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවට දන්වා යැවූ බවත් ඊට ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් අඟහරුවාදා (21) ඇඹිලිපිටිය පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු රැගෙනවිත් අලි පැටවාට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කලත් අලි පැටවාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බවයි ඉහත කී නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ.
    මේ වන විට උඩවලව ඇත් අතුරු සෙවනේ අධිකරණ නියෝග මත අලි පැටවුන් 14 දෙනෙකු රඳවා සිටින බවත් තවත් පුනුරුත්තාපනය වන අලි පැටවුන් 45 දෙනකු සිටින බවත් ඔහු පැවසීය.
    ශ්‍රී ලංකාවේ වනජීවී දෙපාර්තමේන්තුවට සිටින්නේ පශු වෛද්‍යවරුන් නව දෙනකු පමණක් බව සමස්ත ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් පශු වෛද්‍ය සුහද ජයවර්ධන කියා සිටියි.
    :(:(:(:(:(
     
    Last edited: