වරායේ හිරවුණ ග්ලයිෆොසේට් මහරාජාගේ බඩු
වරායේ හිරවුණ ග්ලයිෆොසේට් මහරාජාගේ බඩු
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ග්ලයිෆෝසේට් කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම් කිරීමට යන බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලද ඔත්තුවකට අනුව ඒ වන විට ගෙන්වා තිබූ අදාල කෘෂි රසායන ද්‍රව්‍ය කන්ටේනර් 15 මුදා ගැනීමට කටයුතු යොදා ඇත්තේ හාක්‍රොස් කෙමිකල්ස් පුද්ගලික සමාගම (Harcros Chemicals (Pvt) Ltd) හා හැරිසන්ස් කෙමිකල්ස් පුද්ගලික සමාගම (Harrisons Chemical) යන සමාගම් 2ක බව වාර්තා වේ.
මේ සමාගම් දෙකම රාජා මහේන්ද්‍රන් (කිලී මහරාජා) මහතාට අයත් ද කැපිටල් මහරාජා ඔගනයි සේෂන් සමාගමට (The Capital Maharaja Organisation Limited) අනුබද්ධ ඒවාය.
කෙසේවුවද රජරට ඇතුළු ප්‍රදේශ කිහිපයක පවතින වකුගඩු රෝගයට ප්‍රධාන හේතු කාරකයක් වූ ග්ලයිෆෝසෙට් නම් වල් නාශකය ඇතුළු කෘමි නාශක තුනක් කෘෂිකාර්මික ප්‍රදෙශ්වල භාවිතා කිරීම තහනමු කෙරුණේ 2014 දෙසැම්බර් මාසයේදීය.
වෛද්‍ය චන්න ජයසූරිය ඇතුළු පිරිසක් ඇමරිකාවේ කැලිෆෝනියා සරසවියේ සිදු කළ පර්යේෂණයකදී ද ග්ලයිෆෝසේට් වකුගඩු රෝගයට ප්‍රධාන හේතු සාධකයක් බව පළමුවරට අනාවරණය කරනු ලැබිණි.
මේ කාරණා මත ග්ලයිෆෝසේට් වල් නාශකය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට කටයුතු යොදනු ලබුවේ මැයි 22 වැනිදාය.
මේ කාරනා සියල්ල මෙසේ තිබියදී හාක්‍රොස් කෙමිකල්ස් පුද්ගලික සමාගම (Harcros Chemicals (Pvt) Ltd) හා හැරිසන්ස් කෙමිකල්ස් පුද්ගලික සමාගම (Harrisons Chemical) යන සමාගම් මෙරටට ගෙන්වන ලද ග්ලයිෆෝසේට් කන්ටේනර් 15ක් මුදා ගැනීමට රේගුවෙන් අවසර ලබාගෙන ඇත්තේ ඉකුත් මැයි 11 වැනිදාය.
ග්ලයිෆෝසේට් තහනම් කිරීමට යන බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලද ඔත්තුවකට අනුව මෙසේ මුදාගෙන ඇති කන්ටේනර් 15ක ප්‍රමාණය මෙරට වසර එකහමාරක කාලයකට ප්‍රමාණවත් බව වාර්තා වේ.
(එසේ මුදාගත් බවට වන ලියවිලි පහත දැක්වේ)
http://www.sinhala.srilankamirror.com/news/item/5677-maharaja-owned-glyphosate-stuck-at-port
අනායනකරු මනාපනම් එවපු රටටම යළි යැවිය හැකියි - ලෙස්ලි ගාමිණී
කෙසේවුවද මේ සම්බන්ධයෙන් අප රේගු මාධ්‍ය ප්‍රකාශය ලෙස්ලි ගාමිණී මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ජුනි මස 11 වැනි දිනෙන් පසුව මෙරටට ආනයනය කරන ග්ලයිෆොසේට් රේගුවෙන් මුදා නොහැරීමට දැන් රේගුවට බලය ඇති බවයි.
එසේම, දැනට වරායේ ග්ලයිෆොසේට් කන්ටේනර් ගණනාවක් තිබෙන බවත්, නමුත් 2015 ජුනි මස 10 වැනි දිනට පෙර මෙරටට ආනයනය කරන ලද ග්ලයිෆොසේට් කන්ටේනර් සම්බන්ධයෙන් නිසි ආනයන බලපත්‍ර ඇති බවත්, ඒවා මුදාගෙන යාමට ඔවුන් කටයුතු කර නොමැති බවත්, ඉදිරියේදි එම ග්ලයිෆොසේට් එවූ රටටම යැවීමට ආනයනය කරන ලද අය කැමැතිවුහොත් යැවිය හැකි බවද ඒ මහතා කියා සිටියේය.
- http://www.sinhala.srilankamirror.com/news/item/5677-maharaja-owned-glyphosate-stuck-at-port