වරාවැව මහතානෙනි ඔබට ජාතියේ උත්තමාචාරය

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
වරාවැව මහතානෙනි ඔබට ජාතියේ උත්තමාචාරය

නඩු තීන්දු ලබාදීමේදී විනිසුරුවරුන් ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් එම කාර්යය ඉටුනොකළ යුතු බව සුදු කොඩි නඩුවෙන් විත්තිකාර සරත් ෆොන්සේකා මහතා නිදහස් කරමින් තීන්දුව ලබාදුන් මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී වරාවැව විවෘත අධිකරණයේ දී අද(10) ප්‍රකාශ කළේය.

මිනීමරුම් නඩුවක තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේය.

නඩු තීන්දු ලබාදීමේදී විනිසුරුවරුන් සතර අගතියෙන් තොරව කටයුතු කළ යුතු බව විනිසුරුවරයා මෙහිදී කියා සි‍ටියේය.

ලාභ ඉපයීමේ අදහසින් හා සැප සම්පත් නැතිවේ යන බියෙන් නඩු තීන්දු ලබානොදිය යුතු බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම යම් පුද්ගලයෙකු අමාරුවේ දැමීමේ අදහසින් හා තවත් පුද්ගලයෙකු සැනසීමේ අරමුණින් නඩු තීන්දු ලබානොදිය යුතු බව ද ඔහු පැවසුවේය.

වෙනත් අධිකරණවල පවතින නඩු තමන් වෙත අද්දාගැනීමේ වැඩ පිළීවෙළක් කිසිසේත්ම තමන් අනුගමනය නොකළ බව සඳහන් කළ විනිසුරුවරයා බුදු දහමට අනුව තමන්ගේ තීන්දු ලබාදුන් බව ද කියා සිටියේය.

අනතුරුව මිනීමරුම් නඩුව සම්බන්ධව චෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනාට මහාධිකරණ විනිසුරුවරයා විසින් මරණීය දණ්ඩනය ද නියම කරනු ලැබුවේය.

 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    වරාවැව මහතානෙනි ඔබට ජාතියේ උත්තමාචාරය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක ඇත්ත එයාටත් එක්ක සියලු මහාධිකරණ විනිසුරුන්ට ජාතියේ උත්තමාචාරය හිමිවිය යුතුයි.මොකද ලංකාවේ නිතියේ උත්තරීතරම ස්ථානයේ කටයුතු කරන අය හින්ද.