වලකමු..!!

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    qqww22222.jpg


    සත්ව හිංසනය වලකමු..!!
    සතුන් උපයෝගී කරගනිමින් කරනා නිෂ්පාදන මිලයට ගැනීමෙන් වළකිමු..!!

    ඔයාල දන්නවද අපි ගෙවන සෑම තත්පරයකදීම ලෝකයේ සතුන් දස ලක්ෂ ගණනක්
    හිංසනයට ලක්වන බව..සත්ව ආරක්ෂණ සංවිදාන කොතරම් ලෝකයේ තිබුනත් ඒවායින් කිසිම වැඩක් වෙලා නෑ.
    ඉතා අමානුෂික ලෙස සතුන් හිංසනයට ලක්වෙමින් පවතිනවා.. අද කාන්තාවන්ගේ විසිතුරු බඩු සහ ආලේපන
    වර්ග බොහෝමයක් නිෂ්පාදනය කෙරෙන්නේ සතුන් උපයෝගී කරගෙනයි.. ඒ වගේම නොයෙකුත් අත්හදා බැලීම්
    සඳහාද සතුන් විශාල වශයෙන් යොදා ගන්නවා.. වාසනාවකට අපේ රටේ මෙවන් වූ අත්හදා බැලීම් සිදු වෙන්නේ නෑ.. එත් නංගියේ
    ඔයාල නොදැනුවත්කමින් අදටත් මෙවන් වූ දෑ භාවිතා කරනවා ඇති ඔයාලගේ රුව වඩවා ගන්න.. ටිකක් හිතන්න "මිනිස්සු, තිරිසන්නු"
    කියල වෙන්කරගෙන තියෙන්නේ අපි අපිමයි.. එත් තිරිසන් වැඩ කරන්නෙත් අපි අපිමයි.. සතා සිව්පාවට වුනත් ජීවිත අයිතිවාසිකමක් තියෙනවා..
    සත්තුන්ගේ ලේ, මල කුණු ඇඟ පුර පෙරවාගෙන ඉන්නවට වඩා ඔයාලගේ ස්වාබාවික ලස්සන හොඳටම ඇති.. ඒ නිසා මෙවන් දෑ මිලයට ගැනීමෙන්
    වලකින්න.. හිංසනයට ලක්වෙන ඒ අහිංසක එක ජීවිතයක් හරි බේර ගන්න ඔයාලත් උදව් වෙන්න...!!