කියන්න හුගක් දේවල් තියනවා......
හුහුහුහුගාගාගාගාගාගාක් දේවල්!
ළමායි ලෑස්ති වෙන්න ලස්සන කතාවක් අහන්න
කියන්න හුගක් දේවල් තියනවා......
හුහුහුහුගාගාගාගාගාගාක් දේවල්!
ඉස්සර වගේ මම දැන් ඔයා එන මග බලන්නේ නැහැ කියලා හිතුවත් ,,
පුරුද්දට වගේ බැලෙනවා.. ඒ බලන හැමවෙලේම.. මට දුකක් ආවත්,,
ඒ දුක වැහෙන්න වෙන මොනා හරි හිතට ගන්නවා.. කොහොම හිතුවත්
සිතුවිලි නම් නතර වෙන්නේ නැහැ.. වෙලාවකට ලස්සන දිය ඇල්ලක්
වගේ කඩා හැලෙනවා.. ඒ ලස්සන දිය ඇල්ලම,, වෙලාවකට ඉඩෝරයකට
අහුවෙලා වගේ හිත කඩාගෙන වැටෙනවා.. හැමදෙයක්ම මේ හිතට
දරාගන්න අමාරුයි.. ඒත් අසරන වුන හිතකට,, මේ හැමදෙයක්ම දරාගන්න වෙනවා
Ela machan. Matath eka danila tyenawa. Eka amuthuma feeling ekak. Dukama sathutak widiyata widhinawa![]()
ඕක හුගක් උන්ට තියෙනවා...
මටත් එහෙමයි.... දැන් කසාද බැදලත්....

මාත් එසේයදරුවා එය සේ නොවෙන්න නම් අපි රහත් විය යුතුයි..නිවන් ලැබූ කෙනෙක් යනු අත හැරීම මනාව තේරුම ගත්තු කෙනායි...
අප ආසාවල් පස්සෙන් එලවන නිසා අපි "මනුෂ්යයයෝ" වෙමු...
ඔබ විවාහය පත් තරුණයෙක් විදියට තව දුරටත් අතීතය මතක්වූ විට දුඛිත තත්වයට පත් නොවිය යුතුය...මන්ද ඔබට දැන් වර්ථමානයක් ඇත...
වර්ථමානයේ තම බිරිඳ සමග සතුටෙන් යෙහෙන් ජීවත් විය හැකි නම් ඔබට සුභ දායක අනාගතයක් හිමිවනූ ඇතී...
(ලිව්වා බර වැඩීද මන්දා)


....
....ඊයෙ හදිස්සියේ වෙච්ච සිදුවීමක් නිසා මේක මෙහෙම දාන්න හිතුනේ.....අනිත් අයටත් කොහොමද බලන්න
හිත පෑරෙන ත්‍රේඩ් දාන්න එපා ඕයි
ඒ වගේ වෙලාවල් වලට හිතට දැනෙන දේවල් ගොඩක් තියේ
වචන කරන්න තමා අමාරු

ආදරේ සනාතනයි සිතා...
මං මුලාවූ ප්‍රේමවන්ති මා...
පෙර දාක මා ඔබෙන්.. යදිමින් පැතු පැතුම්...
මා දන්නෙ නෑ සිතින් මැකී ගිහින්...
ආදරේ සනාතනයි සිතා...
පෙම් බැදී දිනූ ලදුන්..
ලෝකයේ ඉදින් එදා.. සෑමදාම උන් පරාජිතයි..
සදාකාලිකයි කියු ආදරේ පවා ලදේ..මේ මිනිස් ලොවේ අනිස්තිරයි..
ආදරේ සනාතනයි සිතා.... මං මුලාවු ප්‍රේමවන්ති මා..
පෙරදාක මා ඔබෙන් යදිමින් පැතූ පැතුම් මා දන්නෙ නැ සිතින් මැකී ගිහින්..
ආදරේ සනාතනයි සිතා..
කාලයා ගෙවී ගිහින් සෑමදෙ වෙනස් වෙලා.. මා පවා ඔබෙන් දුරස් කලා...
මා වගේම කවුරු හො එයි ඔබත් සොයා යලී..
දුකයි සැපයි කුසුම් දෙකක් වගේ..
ආදරේ සනාතනයි සිතා...


ඉස්සර වගේ මම දැන් ඔයා එන මග බලන්නේ නැහැ කියලා හිතුවත් ,,
පුරුද්දට වගේ බැලෙනවා.. ඒ බලන හැමවෙලේම.. මට දුකක් ආවත්,,
ඒ දුක වැහෙන්න වෙන මොනා හරි හිතට ගන්නවා.. කොහොම හිතුවත්
සිතුවිලි නම් නතර වෙන්නේ නැහැ.. වෙලාවකට ලස්සන දිය ඇල්ලක්
වගේ කඩා හැලෙනවා.. ඒ ලස්සන දිය ඇල්ලම,, වෙලාවකට ඉඩෝරයකට
අහුවෙලා වගේ හිත කඩාගෙන වැටෙනවා.. හැමදෙයක්ම මේ හිතට
දරාගන්න අමාරුයි.. ඒත් අසරන වුන හිතකට,, මේ හැමදෙයක්ම දරාගන්න වෙනවා

මණ්ඩලේ කචල් යන්නේ ගොඩක් වෙලාවට සිංදු නිසා තමා

උඹ ලස්සනට මේ ත්‍රෙඩ් එක දාල තියනව මචං.. උඹේ වචන ටික කියවද්දි හිතට ආවේ මීට අවුරැදු 5කට විතර කලින් හිතේ තිබ්බ හැගීම්.. සුන්දර අතීතයක් එක්කම හිත කීරි ගැහෙන සිදුවීම් පෙලක්... අමතක කරන්නනම් බෑ මචං.. මම කරන්නෙ මතක් වෙන හැම වෙලේම ගේම් එකක් ගහන එක.. ඒත් මචං හිත පාරන සොදුරැ වගේම අදුරැ සිතුවිලි විටින් විටේ කරදර කරන එක ඒකෙන් නවතින්නෙ නෑ බං...
අනේ මංදා ටිකක් විතර හැගීම්බර වුනා වගේ නේද මචං...
මට අදත් සමහර සිංදු අහද්දි මණ්ඩලේ කචල් වෙනවා බං.. පරණ එක එක දේවල් මතක් වෙලා.. මොනා කරන්නද ඉතිං..
.....

ඇත්තටම ඒ වෙලාවට ගොඩක් වෙලාවට නොදැනීම කල්පනාවට වැටෙනවා,
දුක හිතෙන දෙයක් නම් අහ අහ එන්නේ සින්දුව මාරු කරලා mood එක fix කරගන්නවා,
(Linkin Park ලගේ සින්දු බොහෝ දුරට මට යෝග්‍යයි)

ගෙවී ගිය අතීතයක,මතකයේ ඉපදෙමින්, මතකයේ මියදෙමින්
අතීතයෙන් අහුලන මතකයන් වෙලාවකට හිත අස්සෙන් පොඩි රිදුමක් දුන්නට,
ඇස් මල් හීනියට තෙත් උනාට ඒක ඇතුලෙත් හැංගිච්ච අමුතු රසයක්, අමුතු කික් එකක් තියෙනවා.
ගොඩක් වෙලාවට හෙඩ්සෙට් එකත් ගහගෙන කොහෙ හරි යනකොට තමා මූඩ් එකක් සෙට් වෙන්නේ, සිංදුව ගොඩක් ෆීල් වෙනවා නම් සොරිම තමා. ඒ වෙලාවට ඉතින් වෙනම ලොකේක තමා (විරහ සීන් විතරක් නෙමේ, ඒ උනාට ගොඩක්ම සෙට් වෙන්නේ ඒවා තමා)
පළමු එක නම් පාසල් පෙමක් තමා
....
අඳුරන්න බෑ යකෝ අවතාරේ වෙනස් කරලා නිසා.....
සිංදු තමා ගොඩක්ම කුණු අවුස්සන්නේ කියල හිතෙනවා වෙලාවකට![]()
බස් එහෙක වගේ නං බස් එකටම ඇහෙන්න හරකෙක් වගේ වැලපෙනව![]()
බස් එකේ ජනේලෙක හයියෙන් ඔළුව ගහගන්නව![]()
ඉස්සරහ සීට් එකට පයිං ගහනව![]()
කොහෙ වේදනාකාරී සිතුවිලි එන්නද බං බස් වල යද්දි එන එකම සිතුවිල්ල බස් වල දාන සින්දු ඇහුවාම මේකෙ ඩ්‍රයිවර්ව මරන්නෙ කොහොමද කියල![]()
![]()