වල් පට්ට ගැන ඇත්ත දැන ගන්න

May 28, 2015
377
67
0
වල් පට්ට ගැන ඇත්ත දැන ගන්න

මොනාද මේ වල් පට්ට?
walla1.jpg


වල්ලපට්‌ටා වසරේ ජනප්‍රියම ශාකය බවට පත්ව තිබේ. ඒ මෙම ශාකය කපා රට පැටවීම නිසාය. නොහොත් මෙම ශාකය මධ්‍යයේ අරටුවක්‌ ලෙස නිපදවෙන ගණ රෙසිනයක්‌ (අගාවුඩ්) සඳහා ලෝක වෙළෙඳ පොළේ පවතින අධික ඉල්ලුම හේතුකොට ගෙන වර්තමානයේ වල්ලාපට්‌ටා ජාවාරමක්‌ බවට පත්වීම නිසාය. කිඹුල් හූනන් මෙන් නොව, සැබෑවටම වල්ලපට්‌ටා සඳහා වෙළෙඳ පොළක්‌ තිබේ. එහෙත් එය තනිකරම ලංකාවේදී "කළුකඩ" ජාවාරමකි. නොහොත් හොර බිස්‌නස්‌ එකකි. එනිසාම ගන්නෝද, දෙන්නෝද අප්‍රකටය. එනමුත් ඇති තරම් රහසේ වල්ලපට්‌ටා ගස්‌ කැපෙති. අභාග්‍යයකට කපන තරම් සියලු වල්ලපට්‌ටා ගස්‌වල "අගාවුඩ් ඉල්ලම" නැත.

වල්ලපට්‌ටා ගස්‌ සියයකින් එකක්‌වත් මෙම අගාවුඩ් නොමැතිබව දැන් තහවුරු කරගෙන ඇත. මන්දයත් අගාවුඩ් යනු පැහැදිලිවම රෝගී වල්ලපට්‌ටා ගසකින් ලබා ගන්නා "පිළිකාවක්‌" නොහොත් පිළිලයක්‌ වැනි ද්‍රව්‍යයක්‌ වන නිසාය. මේ නිසා "අගාවුඩ්" කිලෝවක්‌ ලබා ගැනීම විටෙක කළු නික සොයනවා තරම් දුලබ කටයුත්තකි. මේ නිසා සිදුවන්නේ ස්‌වාභාවික පරිසරයේ වල්ලපට්‌ටා ශාකය සීඝ්‍ර වඳවී යාමකට ලක්‌වීමය. එනිසාම දැන් වල්ලපට්‌ටා ශාකය නීති විරෝධී ලෙස කපා දැමීම තහනමට ලක්‌කර තිබේ. ශාකය කපන්නෝද, අගාවුඩ් එකතු කරන්නෝද, ප්‍රවාහනය මිලදී ගැනීම හා රට පැටවීම යනාදී කටයුතු කරන්නෝ නීතියේ රැහැනට හසුකර ගනිති. වන ආඥ පනත අනුව කිසිදු වනජ (වනාන්තරයෙන් ලබාගන්නා ශාක කොටස්‌, පැළෑටි යනාදී) ද්‍රව්‍යයක්‌ වන සංරක්‍ෂක ජනරාල්වරයාගේ අවසරය නැතිව පිටරටකට ගෙන යා නොහැකිය. එනිසා කවුරුත් හොර රහසේ වල්ලපට්‌ටා එනම් අගාවුඩ් එකතු කරගෙන, මිලදීගෙන සිටියත් රටින් පිට කිරීම නීති විරෝධී, අත්අඩංගුවට ගත හැකි බලවත් වරදක්‌ වෙයි. මෙනිසාම වල්ලපට්‌ටා ශාකය කැපීම දැන් පාලනය වී ඇති අතර කපා දමන්නන් ගැනද තොරතුරු ක්‍ෂණිකව අනාවරණය වෙමින් පවතී.

එහෙත් මෙතෙක්‌ කලක්‌ අප්‍රසිද්ධියේ එක්‌රැස්‌ කළ වල්ලපට්‌ටා තොග, ජාවාරම්කරුවන් ළඟ තිබෙන්නට හැකි බව විශ්වාස කළ හැකිය. එවන් තොග විටෙන් විට රටින් පිටමං කරන්නටද උත්සාහ කරනු පෙනෙන්නට තිබේ. මෙවන් ජාවාරමක්‌ අතටම අල්ලා ගන්නට පසුගියදා ශ්‍රී ලංකා රේගුවට හැකිවිය. රේගු ජෛව විවිධත්ව සංස්‌කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ අංශය මගින් කළ වැටලීමකදී මෙරටින් වල්ලපට්‌ටා (අගාවුඩ්) කිලෝ ග්‍රෑම් 48 ක්‌ සූක්‍ෂම ලෙස "බ්‍රීෆ් කේස්‌" තුළ සඟවා ඉන්දියාවට රැගෙන යන්නට ගිය ඉන්දියානුවන් දෙදෙනකු සහ ශ්‍රී ලාංකිකයකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන්ට කොටු වූහ. මෙසේ සඟවාගෙන රැගෙන යන්නට තැත් දැරූ වල්ලපට්‌ටා කිලෝ ග්‍රෑම් 48 දළ වශයෙන් ලෝක වෙළෙඳ පොළේ වටිනාකම රුපියල් තුන්කෝටි අසූහතර ලක්‍ෂයද ඉක්‌මවා තිබූ බව රේගුව නිවේදනය කළේය. වරදකරුවන්ට දඩ නියම කළ රේගුව ඔවුන් නිදහස්‌ කර හැරියේය.

වල්ලපට්‌ටා නොහොත් එහි ඇති රෙසිනය වන "අගාවුඩ්" සඳහා මෙතරම් ඉහළ ඉල්ලුමක්‌ ඇත්තේ එය ස්‌වාභාවික සුවඳ විලවුන් කර්මාන්තයට යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යයක්‌ වන නිසාය. මැදපෙරදිග ඇතුළු ඉස්‌ලාම්වරුන්ගෙන් විශාල ඉල්ලුමක්‌ ඇති මෙම අගාවුඩ් සුවඳ විලවුන් ලොව ඉහළම මිලකට අලෙවි වේ. ධන කුවේරයන්ගේ පළමු තෝරා ගැනීම බවට පත්ව ඇති මෙම අගාවුඩ් සුවඳ විලවුන් කර්මාන්තය ලොව පළමු පෙළේ මුදල් ඉපැයීමේ කර්මාන්තයක්‌ බවටද පත්ව ඇත. මේ සඳහා ස්‌වාභාවික අගාවුඩ් බහුල වශයෙන් ලැබෙන්නේ වියට්‌නාමය, තායිලන්තය වැනි රටවල වාණිජ අගාවුඩ් වගාවන් වලිනි. ශ්‍රී ලංකාවේ රබර්, තේ වැනි වාණිජ වගාවන් ලෙස ව්‍යාප්ත වී ඇති මෙම රටවල "අගාවුඩ්" එරට ආර්ථිකය සරිකරන වැදගත් වගාවන් ලෙස ගැමි ආර්ථිකය නඟා සිටුවයි. Aqමක්‌රස්‌ Cර්ssබ් යන විද්‍යාත්මක නමින් හඳුන්වන ශාකය යොදාගෙන සිදුකරන මෙම වාණිජ අගාවුඩ් වගාවන්වලදී අගාවුඩ් නිපදවා ගැනීම සඳහා එම ශාකයට නිශ්චිත කාලයේදී එන්නත් ලබාදීම සිදුකෙරේ. කෘත්‍රිම ලෙස දිලීරයක්‌ වැනි ආසාදනයක්‌ ඇති කිරීමෙන් අගාවුඩ් බහුලව ලබාගනී.

එනමුත් ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවලදී මෙසේ අගාවුඩ් සඳහා වල්ලපට්‌ටා ශාක කපා ගනු ලබන්නේ සියයට සියයක්‌ම ස්‌වාභාවික පරිසරය තුළිනි. ඨහරසබදචි උaකක්‌ ලෙස විද්‍යාත්මකව හඳුන්වන මෙම ස්‌වාභාවික අගාවුඩ් ශාකය නිසා වාණිජ අගාවුඩ්වලටත් වඩා ඉල්ලුමක්‌ ශ්‍රී ලංකාව වැනි රටවල අගාවුඩ්වලට ලැබී ඇත. මෙනිසා වැඩි වශයෙන් වල්ලපට්‌ටා ඉල්ලුම රට තුළ ඉහළ ගොස්‌ ඇති නමුත් මෙම ශාකයේ පැවැත්ම තහවුරු කරනු වස්‌ මෙම ජාවාරම නවතා දැමීමට සංරක්‍ෂණ අංශ පියවර ගත යුතුව ඇත. විකල්පයකට ඇත්තේ වාණිජ අගාවුඩ් වගාව රටට හඳුන්වාදී තේ, රබර්, පොල් ලෙසම වාණිජ වශයෙන් වගා කිරීමය. එයින් සුවිසල් ආර්ථික වාසියක්‌ රටටත් ගැමි ආර්ථිකයටත් ලබාගත හැකිය.

එසේ හෙයින් ආර්ථිකයේ නව මානයන් සොයා යන අතරේ දේශීය ජෛව විවිධත්වය, පාරිසරික හා ස්‌වාභාවික සම්පත් සංරක්‍ෂණය ද සිදුවිය යුතු විය. සංරක්‍ෂණවේදීන් කටයුතු කරන්නේ ඒ වැදගත් අරමුණු වෙනුවෙනි.

විශේෂ ස්‌තූතිය රේගු ජෛව විවිධත්ව සංස්‌කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර මහතා ඇතුළු රේගු නිලධාරීන්ට)

දෙනෙත් අරින්න
 

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    විකල්පයකට ඇත්තේ වාණිජ අගාවුඩ් වගාව රටට හඳුන්වාදී තේ, රබර්, පොල් ලෙසම වාණිජ වශයෙන් වගා කිරීමය. එයින් සුවිසල් ආර්ථික වාසියක්‌ රටටත් ගැමි ආර්ථිකයටත් ලබාගත හැකිය.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කිලෝ එකක් කීයද කරමුද බිස්නොස් එක :P
     
    May 28, 2015
    377
    67
    0
    විකල්පයකට ඇත්තේ වාණිජ අගාවුඩ් වගාව රටට හඳුන්වාදී තේ, රබර්, පොල් ලෙසම වාණිජ වශයෙන් වගා කිරීමය. එයින් සුවිසල් ආර්ථික වාසියක්‌ රටටත් ගැමි ආර්ථිකයටත් ලබාගත හැකිය.
    :yes::yes::yes: දැන් තියෙනවා මන් හිතන්නේ (අගාවුඩ්) කියල පැළ කියල විකුණන කම්පැනි එකකුත් තියෙනවා නේද?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,179
    12,171
    113
    Ohio, USA
    Mata Eye Labuna Walla Patta Walin Hada Perfume ekak Saudi Arabia Wala Mage yaaluwekugen. Patta Suwandak Thiyenne. Thelak wage Thami Thiyenne Gaannata One Podi Weeduru kuurakin aragenai.

    Menna Meyka Thamai Bottle Eka.





    HfJPOY6.jpg