වල්ගම_සජිත්ට ?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම සහ සමගි ජනබලවේගයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඉකුත් දා පවත්වා තිබෙනවා.

    හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර්ගේ කොළඹ පිහිටි නිවසේදී එම සාකච්ඡාව පවත්වා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

    සමගි ජනබලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉරාන් වික‍්‍රමරත්න ද එම සාකච්ඡාවට එක්ව තිබෙනවා.

    හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් නව ලංකා නිදහස් පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් ඊයේ පිහිටුවා ගත්තා.

    ඒ අනුව එම දේශපාලන පක්ෂය සමගි ජනබලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාව පවත්වා ඇති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම, සමගි ජනබලවේගයෙන් කළුතර දිස්ති‍්‍රක්කයට තරග කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

    මේ අතර ඊයේ නව පක්ෂය පිහිටුවීමේ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පැවසුවේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ සියලූදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.

    නෙත්
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    වෙල්ගමගෙන් නව දේශපාලන පක්ෂයක්


    හිටපු අමාත්‍යවරයෙක්වන කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතුව අද(06) නව දේශපාලන පක්ෂයක් ආරම්භ කළේය.

    එය නම්කර තිබෙන්නේ නව ලංකා නිදහස් පක්ෂය ලෙසයි.

    නව ලංකා නිදහස් පක්ෂයේ සමාරම්භක උත්සවය එම පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද පිටකෝට්ටේදී සිදුකෙරුණි.

    පිරිසිදු බණ්ඩාරණායක ප්‍රතිපත්තිය වෙනුවෙන් නව ලංකා නිදහස් පක්ෂ මැයෙන් උත්සවය සංවිධාන කර තිබුණි.

    එහිදි නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ලේකම් තිලක් වරාගොඩ මහතා විසින් පක්ෂ නායක කුමාර වෙල්ගම මහතාවෙත පිළිගන්වනු ලැබීය.

    මෙහිදී අදහස් දැක්වු නව සිංහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා පවසා සිටියේ, එළ‍ඹෙන මැතිවරණයේ දි කුමාර වෙල්ගම මහතා සමඟ සන්ධාන ගත වී ඉදිරිපත් වන බවයි.

    ඒ තුළින් දැවැන්ත පිරිසක් පාර්ලිමේන්තුවට රැගෙන යන බවත් පැවසු ඒ මහතා, සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට කුමාර වෙල්ගම මහතාව පත් කරන බවත් පැවසීය.


     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පොහොටුවේ එක චන්දයක් සජිත් ට ගියා එහෙනම් :dull:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මොකද්ද වෙල්ගමට ගොඨාබයත් එක්ක තියන අවුල ?
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මෙයා ගෙදර තමා මේ පාර

    ඉමිතියාස් බාකීර් මාකර්ගේ
    hofa manussayek mchn...

    මොකද්ද වෙල්ගමට ගොඨාබයත් එක්ක තියන අවුල ?

    ආණ්ඩුව පෙරළන්න මහසෝනා එක්ක හරි එකතු වෙනවා - වෙල්ගම

    https://www.facebook.com/106443839880919/posts/765020290689934/

    :lol:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    කථාවක් තියනවා වෙල්ගම ගෝඨාබයගෙන් ආරක්ෂක ලේඛම් කාලේ නයනා කුමාරිගේ ගෙදරට පොලිස් ආරක්ෂාව ඉල්ලලා දුන්නේ නැති නිසා ගෝඨාබය එක්ක තරහයි කියලා. ඒක ඇත්තද ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කළුතරින් පාර්ලිමේන්තු එන්න ඉන්න යූඑන්පි කාරයෙක්ට තැන නැතිවෙන එකයි ඕකෙන් වෙන්නේ ඕං :P
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කථාවක් තියනවා වෙල්ගම ගෝඨාබයගෙන් ආරක්ෂක ලේඛම් කාලේ නයනා කුමාරිගේ ගෙදරට පොලිස් ආරක්ෂාව ඉල්ලලා දුන්නේ නැති නිසා ගෝඨාබය එක්ක තරහයි කියලා. ඒක ඇත්තද ?


    මොකක්හරි ලොකු තරහක් තියෙනව..:yes: