වල්ලපට්‌ටා_ශාකයේ_ලක්‌ෂණ_- Wallapatta

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    වල්ලපට්‌ටා_ශාකයේ_ලක්‌ෂණ_- Wallapatta

    වල්ලපට්‌ටා ශාකයේ ලක්‌ෂණ - Wallapatta



    wallaplantation.jpg


    වල්ලපට්‌ටා ශාකයේ ජීව විද්‍යාත්මක ලක්‌ෂණ

    මෙම ශාකයේ උද්භීද විද්‍යාත්මක නාමය Gyrinops wallas wdlla‌ ය. වල්ලා යන්න සිංහල භාෂාවෙන් මෙම ශාකය හැඳින්වීමට යොදාගත් නාමයයි. වල්ලපට්‌ටා ශාකය Thymelaeaceae කුලයට අයත් වේ. Gyrinops ඝනයට ශාක විශේෂ 8ක්‌ පමණ අයත්වේ. වල්ලපට්‌ටා ශාකය ශ‍්‍රී ලංකාවේ තෙත්කලාපීය හා අතරමැදි කලාපීය ප‍්‍රදේශවල බහුල වශයෙන් පැතිර පවතින අතර එම ප‍්‍රදේශයේ වනාන්තර තුළ යටි ස්‌ථරය තුළ විසිර පවතී. අපේ රටට අමතරව මෙම ශාකය ඉන්දියාවේ කේරළ, තමිල්නාඩු ප‍්‍රදේශවල සුළු වශයෙන් පැතිරී ඇත.

    Thymelaeaceae කුලයට අයත් ශාකවලට බාහිරව යම් ආපදාවකට ලක්‌වූ විට ක්‌ෂුද්‍ර ජීවී ආසාදනයන්ගෙන් ආරක්‌ෂාවීමට ද්වීතීක ස්‌වභාවික ආරක්‌ෂන උපක‍්‍රමයක් (secondary defensive mechanism) ලෙස ශාක කෙක්‍ෂන් රෙසිනයක්‌ (Agarwood) නිෂ්පාදනය කරයි. මෙම කුලයේ ශාක ඝන අතර Aquilaria‌ ශාක ඝනය අගාවුඞ් නිෂ්පාදනයේ ප‍්‍රමුඛ ස්‌ථානයක්‌ හිමි කරගෙන ඇත. Gyrinops ඝනයේ ශාකද අගාවුඞ් නිෂ්පාදනය කරන නමුත් එක්‌ ශාකයක නිෂ්පාදනය කරන Agarwood ප‍්‍රමාණය ගසේ බරට සාපේක්‌ෂව ඉතා සුළු බව අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි.
    Wallapatta.jpg
    Wallapatta1.jpg


    වල්ලපට්‌ටා ශාකයේ රූප විද්‍යාත්මක ලක්‌ෂණ

    ශාකයේ සාමාන්‍ය උස මීටර් 5x7ක්‌ පමණ වේ. එළිමහන් ස්‌ථාන වල හා වනාන්තර වල යටි ස්‌ථරයේ දැක ගත හැක. ගසේ පොත්ත කොළත් සමගම ගැලවී යාම ශාකයේ ප‍්‍රධාන ලක්‌ෂණයකි. ඒකාන්තර පත‍්‍ර වින්‍යාසයක්‌ දරන උප පත‍්‍ර රහිත ශාකයකි.එකල පිහිටි පත‍්‍ර 2 ක්‌ අතර දුර සෙ.මී. 2.5 පමණ වේ. පත‍්‍ර තලය සෙ.මී 10x12 පමණ දිගකින් හා සෙ.මී. 5 ක්‌ පමණ පළලකින් යුක්‌ත වේ.

    පත‍්‍ර අග‍්‍රය තීව‍්‍ර ස්‌වභාවයක්‌ ගන්නා අතර පත‍්‍ර පාදය තරමක්‌ පළක්‌ ස්‌වභාවයක්‌ ගනී. ලපටි පත‍්‍ර කහ පැහැයක්‌ ගන්නා අතර පහතට නැවී ඇත. අන්වීක්‌ෂයකින් බැලූ විට ලපටි පත‍්‍ර වල මැද නාරටි දෙපස හා පත‍්‍ර දාරයේ සිහින් බූවක්‌ දැකිය හැකිය. පරිනත පත‍්‍ර තද කොල පැහැයක්‌ ගන්නා අකර දිලිසෙන ගතියක්‌ දරයි.

    මෙහි පත‍්‍ර වෘන්තය මි.මී. 6 ක්‌ පමණ වන අතර එය සුළු කෝණයක්‌ සාදමින් කඳට සවි වේ. පත‍්‍ර දාරයතරමක්‌ රුළි ස්‌වභාවයක්‌ උසුලන අතර එය කඩතොලූ වලින් තොර සිනිඳු ස්‌වභාවයක්‌ ගනී. මැද නාරටිය පැහැදිලිව දිස්‌වෙන මුත් නාරටි ඉතා ලංව හා සිහින්ව පත‍්‍ර තලයේ හරස්‌ අතට පිහිටයි.

    ශාකයේ මල් හට ගැනීම අපේ‍්‍රල් සිට ජූලි දක්‌වා සිදුවන අතර මේ කාලයේදීම නොමේරූ ගෙඩිද දැකිය හැක. මල් හට ගන්නේ පුෂ්ප මංජරියකයි. ඒවා සුදු පැහැයට හුරු ලා කහ පැහැයක්‌ ගනී. පුෂ්ප මංජරියක මල් 6ක්‌ පමණ හට ගනී. පුෂ්පිකාව පෙති පහක්‌ පමණ දක්‌නට ලැබේ. පුෂ්ප හා ඵල හට ගැනීම එකම කාලසීමාවකදී දැකිය හැක. මල් හට ගැනීම අඩු වයසින් සිදු වන අතර අඩි 2x3 ක්‌ උස්‌ ගස්‌ වල පවා ඵල හට ගනී. එක්‌ කුඩා ගසක ඵල 20x30 ක්‌ ප‍්‍රමාණයක්‌ දැකිය හැක.

    394587011patta3.jpg

    වල්ලපට්‌ටා ශාකයේ භාවිතය

    වල්ලපට්‌ටා ශාකය සඳහා මෑත කාලීනව අධික ඉල්ලුමක්‌ ඇතිවීමට හේතුව ශාකය මගින් නිස්‌සාරණය කරනු ලබන රෙසිනමය රසායනික ද්‍රව්‍ය (Agarwood) මගින් නිෂ්පාදනය කරන සුවඳ විළවුන් හා ඖෂධ හේතුවෙනි. එම රෙසිනමය රසායනික ද්‍රව්‍ය ලෝක වෙළඳ පොලේ ඉතා ඉහල මිලකට අලෙවි වේ.
    සංස්‌කෘත භාෂාවේ අයුරු ලෙස හැඳින්වෙන මෙම රසායනික ද්‍රව්‍ය, විවිධ සංස්‌කෘතීන් හා භාෂාවල විවිධ ආකාරයෙන් හඳුන්වනු ලැබේ. අතීතයේ සිටම මෙම ශාකය සමග මිනිසුන් නෑ සබඳතා පැවැත්වූ බවට මෙය කදිම සාක්‌ෂියකි. ලොව ඉපැරණි ම ග‍්‍රන්ථ අතරට ගැනෙන සංස්‌කෘතවේද ග‍්‍රන්ථ අතරද අයුරු පිළිබඳව සඳහන් කර ඇත.
    මෙම සුවඳට සමාන සිත් ඇදගන්නාසුළු වෙනත් ස්‌වභාවිකවම නිපදවන සුවඳක්‌ වර්ථමානය දක්‌වා සොයා ගැනීමට නොහැකිවීම මෙම
    Agarwood සඳහා විශාල ඉල්ලූමට හේතුවී ඇත. ක‍්‍රිස්‌තු වර්ෂ 3 වන සියවසේදී චීන දේශාටකයන්ගේ වාර්තා වලට අනුව වර්තමාන වියට්‌නාම දූපත් වාසීන් මෙම රසායනික ද්‍රව්‍ය නිස්‌සාරණය කරන ලද බව සඳහන් කරයි.
    එසේම ආයුර්වේද ග‍්‍රන්ථයක්‌ වන සුශ‍්‍රෑත සංහිතාවේ හා ආදී මුස්‌ලිම්වරුන්ගේ වාර්තාවලද මෙම රසායන ද්‍රව්‍ය වල ඖෂධිය ගුණ පිළිබඳ සඳහන් කරයි. 13 වන සියවසේදී අරාබි ජාතිකයන් මෙම මිල අධික සුවඳවත් ද්‍රව්‍ය භාවිතා කළ බවට ඉස්‌ලාමීය දේශ ගවේෂක ඉබන් බතුතා සඳහන් කරයි. 'A Thousand and one Night' ග‍්‍රන්තයේ සඳහන් පරිදි මෙම සුවඳවත් ද්‍රව්‍ය විශේෂ උත්සව අවස්‌ථා වලදී තම නිවෙස්‌ සුවඳවත් කිරීම සඳහා යොදාගෙන ඇත. සුඛෝපභෝගී ජීවන රටාවකට අනුගත වූ සමාජයේ ඉහළ පැළැන්තියේ පිරිසකගේ ජීවන තත්වය විදහා දක්‌වන නිෂ්පාදනයක්‌ ලෙස තවදුරටත් මෙය හුවා දක්‌වා ඇත.
    ඉන්දියාවේ මෙම රසායනික රෙසිනමය ඇදුම රෝගයට, බඬේ අමාරුව, අතීසාරය, ගලගන්ඩය, රූමැටික්‌, අංශභාගය, ලිංගික ශක්‌තිය වර්ධනය කිරීම, සමේ රෝග සුව කිරීම සඳහා යොදාගෙන ඇත. මෙම ශාකයේ කුඩා කැබලි තෙල් තුළ බහා ශරීරය සුවඳවත් කිරීමට යොදාගනී. විවිධ කැටයම් වර්ග තැනීමටද මෙම ශාකයේ ලී භාවිතා කරයි.

    වර්තමානයේ ඉතා උසස්‌ තත්වයේ රෙසිනමය රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටවල් අතර තායිවානය, කාම්බොජය, වියට්‌නාමය වැනි රටවල් ප‍්‍රධානවේ. එම රටවල් නිෂ්පාදනය කරන මෙම රසායනික ද්‍රව්‍ය සඳහා ජපානය, කොරියාව, චිනය සහ යුරෝපීය රටවලත් හා මැදපෙරදිග රටවලත් ඉහල ඉල්ලූමක්‌ පවතී. විශේෂයෙන් අරාබි රටවල Agarwood සඳහා විශේෂ ඉල්ලූමක්‌ පවතින්නේ එය මධ්‍යසාරයෙන් තොර නිෂ්පාදනයක්‌ වන බැවිනි.


    13290_gy1.jpg


    වල්ලපට්‌ටා ශාකයේ වර්තමාන තත්වය

    ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සොයා බැලීමේදී වල්ලපට්‌ටා ශාකය පළමුවරට ප‍්‍රචලිත වන්නේ පසුගිය අවු 4,5 තරම් මෑත කාලයේදීය. 2012 ජූලි 3 වන දින ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී රේගු නිළධාරීන් වෙනුවෙන් පවත්වන ලද පුහුණු වැඩමුළුවකදී ආචාර්ය එස්‌.එස්‌. ප‍්‍රනාන්දු විසින් මුල්වරට වල්ලපට්‌ටා ශාකය අපනයනය කිරීම සම්බන්ධයෙන් කරුණු දක්‌වා ඇත.

    වල්ලපට්‌ටා ශාකය පිළිබඳ සිදුකරන ලද මුල්ම වැටලීම වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් 2012 අගොස්‌තු මස 27 වන දින රත්නපුර, කළවාන ප‍්‍රදේශයේදී සිදු කර ඇති අතර එම වැටලීමේදී වල්ලපට්‌ටා ශාකයේ කොටස්‌ අත්තඩංගුවට ගෙන ඇත. මෙම නීති විරෝධී ශාක ජාවාරම කලක සිට සිදුව ඇති බව අනුමාන කළ හැකි සාක්‌ෂි මේ අනුව හෙළි දරව් වී ඇත.

    ශ‍්‍රී ලංකා රේගු අධිකාරියේ වාර්තා අනුව මෙම නීති විරෝධී ජාවාරම පුළුල් ජාලයක්‌ ලෙස රටපුරා විසිර ඇති බවත් විශේෂයෙන් උතුර, උතුරු නැගෙනහිර ප‍්‍රදේශ ආශ‍්‍රිතව මුහුදු මාර්ග ඔස්‌සේ මෙම ජාවාරම සිදු කෙරෙන බවත් සොයාගෙන ඇත. වල්ලපට්‌ටා ශාකයට අමතරව සුදු හඳුන්, දිවි කදුරු ඇට, කබර හූනා, කිඹුල් හූනා සඳහා විශේෂ වෙළඳ පොළක්‌ මෙම ජාවාරම් කරුවන් විසින් ගොඩනගාගෙන ඇත.

    මෙම ජාවාරම තුළින් රටට විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක්‌ අහිමිවනවා පමණක්‌ නොව අපේ රටට ආවේනික ශාක හා සත්ත්ව ප‍්‍රජාවත්, ජානමය අයිතියත් එම ශාක හා සත්ව විශේෂ වෙනුවෙන් පේටන්ට්‌ බලපත‍්‍ර ලබා ගැනීමේ හැකියාවත් අපට අහිමි වනු ඇත.

    නීතිමය පියවර

    අධික ලෙස පරිසරයෙන් ඉවත්කිරීම මත තර්ජනයට ලක්‌වූ වල්ලපට්‌ටා ශාකය la‍ITES හෙවත් තර්ජනයට ලක්‌වූ ශාක විශේෂ එකරටකින් තවත් රටකට ගෙනයාම තහනම් කිරීමේ සම්මුතියේ (Convention on International Trade of Endangered wild Fauna and Flora) දෙවන උපලේඛනයට ඇතුලත් කර ඇත. 1995 දී ප‍්‍රථමයෙන්ම Aquila‌ria‌ mala‌cceìis විශේෂය මෙම සම්මුතියේ දෙවන උපලේඛනයට ඇතුලත් කෙරුණු අතර 2004 වසරේදී සියලූම අයුරු නිෂ්පාදනය කරන ශාක විශේෂ මෙයට ඇතුලත් කෙරුණි. අවදානයට ලක්‌වීමේ විභවතාවයක්‌ ඇති ශාක මෙම සම්මුතියට ඇතුලත් වන අතර එවැනි විශේෂ අන්තර්ජාතික වෙළඳාම, නියාමනය හා අධීක්‌ෂණය කිරීම සඳහා වෙනමම ආයතනයක්‌ ද පිහිටුවා ඇත.

    ශ‍්‍රී ලංකාවේ වර්තමානයේ පවතින නීතිමය රාමුව තුළ වල්ලපට්‌ටා ශාකය ආරක්‌ෂිත ශාකයක්‌ ලෙස නම් කර නැත. නමුත් වන සංරක්‌ෂන ආඥා පනතේ පවතින විධිවිධාන යටතේ වනාන්තර තුළින් මෙම ශාකය හෝ වන ද්‍රව්‍ය උකහා ගැනීමේදී නීත්‍යානුකූලව කටයුතු කළ හැක.

    ඒ අනුව සංරක්‌ෂිත වනාන්තරවලට අදාළව, 2009 අංක 65 දරණ සංශෝධිත වන සංරක්‌ෂණ ආඥා පනත යටතේ 6 (අ), (ඇ) වගන්ති අනුවද, රක්‌ෂිත වනාන්තර සඳහා 1979/12/26 දිනැති අංක 68/14 ගැසට්‌ පත‍්‍රයේ 1979 අංක 01 දරණ නියෝග මාලාව අනුවද සංරක්‌ෂිත, රක්‌ෂිත කැලෑ හෝ ගම්බද කැලෑවලට ඇතුලත් නොවන වෙනත් කැලෑවලට ඉහත කී ගැසට්‌ පත‍්‍රයේ 1979 අංක 01 දරණ වන රීති මාලාව අනුවද, වලංගු අවසර පත‍්‍රයක්‌ නොමැතිව ශාක හෝ වනජ ද්‍රව්‍ය එකතු කිරීම, ඉවත් කිරීම හෝ හානි කිරීම කළ නොහැක.
    එසේම පුද්ගලික ඉඩමකින් ශාක කොටස්‌ ලබාගත්තද ලංකාව තුළ ප‍්‍රවාහනය කිරීම සඳහා වන සංරක්‌ෂණ ආඥා පනතේ 24(1) වගන්තිය අනුව ප‍්‍රකාශිත 2008/05/09 දිනැති අංක 1548/29 හා 2012/06/11 දිනැති අංක 1762/1 දරණ ගැසට්‌ පත‍්‍රවල නියෝග අනුව කටයුතු කළ යුතු වේ.

    අනවසර දැව සන්තකයේ, පාලනයේ හෝ භාරයේ තබාගැනීම සම්බන්ධයෙන්ද නීත්‍යානුකූලව පියවර ගත හැක. ඒ පිළිබඳව වන සංරක්‌ෂණ ආඥා පනතේ 36(1) වගන්තිය යටතේ ප‍්‍රකාශිත 1995/07/13 දිනැති අංක 879/7 හා 1997/04/18 දිනැති අංක 971/4 දරණ ගැසට්‌ පත‍්‍රවල සඳහන් නියෝග බල පැවැත්වේ.

    දැව, කැලෑවල බීජ හා වෙනත් වන නිෂ්පාදන අපනයනයන්‍ය කිරීම වලංගු අවසර පත‍්‍රයක්‌ නොමැතිව කළ නොහැකි අතර ඒ සම්බන්ධයෙන් වන සංරක්‌ෂණ ආඥා පනතේ 24(1) වගන්තිය ප‍්‍රකාරව 2000/12/05 දිනැති අංක 1161/6 දරණ දරණ ගැසට්‌ පත‍්‍රයේ සඳහන් නියෝග බල පැවැත්වේ. මෙයට අමතරව අපනයනය සඳහා la‍ITES සම්මුතිය යටතේ පිහිටුවා ඇති ආයතනය මගින්ද අධීක්‌ෂණය කෙරේ.

    වනසත්ව හා වෘක්‌ෂලතා ආඥා පනතේ 45 වගන්තියේ නියෝග අනුව මෙම ශාකය අපනයන කිරීම වගා කිරීම තහනම් කිරීමට හෝ විධිමත් කිරීමටත්, ඉවත් කිරීමට, ශාක ආරක්‌ෂා කිරීමට, සංරක්‌ෂණයට නියෝග පැනවිය හැක. අංක 22 දරන වන සත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක (සංශෝධන) පනත අනුව 45 වගන්තිය (ආ) ඡේදයට පසු මෙම වගන්ති ඇතුලත් කර ඇත.

    ශාකයක්‌ අපනයනයට පරීක්‌ෂා කිරීම සඳහා කාර්ය පටිපාටියක්‌ නියම කරම හා අදාල බලධාරියා විසින් එය පරීක්‌ෂා කිරීමත්, එය පරීක්‌ෂා කිරීමෙන් පසු අදාල කාර්ය පටිපාටිය අනුව එය මුද්‍රා තැබීම, අවසර ලත් ලේඛන රහිත ශාක අපනයනය තහනම් කිරීම, සන්තකයේ තබා ගැනීම තහනම් කිරීම, ශාක කොටසක්‌ අපනයනය කිරීම තහනම් කිරීම හෝ පාලනයට නීති පැනවිය හැක.

    තවදුරටත් වන සත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනතේ 47 වගන්ති අනුව මෙම ශාකය පිළිබඳව කැලෑ ආඥා පනතේ නියෝග, දිය බෙරලි ආඥා පනතේ විධිවිධාන, තේ පාලන පනතේ විධිවිධාන, රබර් පාලන පනතේ විධිවිධාන වලට යටත්ව ක‍්‍රියාත්මක විය යුතුය.

    වල්ලපට්‌ටා ශාකය අවදානම් විශේෂයක්‌ ලෙස 2012 දී රතු දත්ත වාර්තාවට ද ඇතුලත් කර ඇත.

    2381_Small_Agarwood%20Aura%20Enhancer%20series%20of%20products.jpg

    වල්ලපට්‌ටා ශාකය පිළිබඳ සිදු කර ඇති පර්යේෂණ

    මෙම ශාකයේ කඳට ස්‌වභාවිකව ආසාධනය වන දිලීර කෘතීමව ගසට ලබාදීමෙන් ඉක්‌මනින් ආර්ථික වාසි අත්කර ගත හැක. මෙම දිලීරය විද්‍යාගාර තුළ වෙනමම නිෂ්පාදනය කර මසක්‌රස්‌ ගණයට අයත් ශාක සඳහා එන්නත් කිරීම මගින් අයුරු නිෂ්පාදනය කිරීම පිළිබඳව වෙනත් රටවල් පර්යේෂණ පවත්වා ඇත.

    ඇමරිකා එක්‌සත් ජනපදයේ මිනසෝටා විශ්වවිද්‍යාලයේ මේ සම්බන්ධයෙන් පර්යේෂණ විශාල ප‍්‍රමාණයක්‌ සිදු කර ඇත. ලොකයේ බොහෝ රටවල් මෙම කෘතීමව දිලීර ආසාදනය මගින් ශාකයෙන් විපුල ප‍්‍රයෝජන ලබාගත්තද අප රට තුළ මේ සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ මට්‌ටමේ පවතී. ප‍්‍රමාණවත් රෝපණ ද්‍රව්‍ය (බීජ, පටක රෝපණය) ලබා ගැනීම, රෝපණ මාධ්‍ය, නිස්‌සාරණ ක‍්‍රමවේද පිළිබඳව කර ඇති පර්යේෂණ ප‍්‍රමාණය ඉතා සීමිත වේ.


    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla



    ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.

    උපුටා ගත්තේ .....

    http://upullive.blogspot.com/2014/02/wallapatta.html#.UwTeq8575yU

    images

     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,123
    113
    අයියෝ සල්ලි. මේ විදියට ගෙදර වත්තේ වල්ල පට්ට ගහක් තිබිලා කැපුවත් කෙලවෙනව නේ...
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වල්ල පට්ට වවන්න දෙන්නලු යන්නෙ , ඉඩම් වල ඉඩ කඩ තියන උන් ඉන්නවනම් , පැලයක් හොයගෙන වවපල්ල....අවුරුදු 5/6 කින් පලදාව ගන්න පුලුවන් ක්‍රමයකුත් තියනවලු ,

    හැබැයි ප්ලන්ටෙශන් වලට අවසර දුන්නොත් මෙ තියන මාකට් එක කැඩෙනව, හදුන් වලටත් උනෙ එක, දැන් හදුන් වතු දාන්න පටන් ගත්ත නිසා ඉස්සර කාලයක් 30000/35000 ගිය හදුන් මෙ වෙනකොට 3000/5000 වගෙ මිලකට බැහැල,
    කාලයක් තෙක්ක මිල සැහෙන්න උඩ ගියා , තෙක්ක වතු ඇති වෙනකොට දැන් තෙක්ක මිල ටිකක් අඩුයි , එ වගෙ තමයි,මිල සපෙක්ශව ටිකක් අඩුවෙයි , එ උනාට කමක් නැහැ වල්ල පට්ට ගස් කිපයක් ගෙදර වත්තෙ වැවෙන්න දිපල්ල , ගහ ඔහෙ වැවෙයි , ලොකු මහන්සියක් වෙන්න දෙයක් නැහැනෙ,ගහ හිල් කරල දිලිර වවන්න පොඩි සින් එකක් තියනව ,හරියට කරොත් ගහෙ 70% 80% විතර කලු කරල ගන්න පුලුවන් ,වැඩි මහන්සියක් නැතුවම තව අවුරුදු කිපයකින් තව හොද වහනයකට යන්න වසනාව ලැබෙයි....


    61587310.jpg



    //වල්ලාපට්‌ටාවට වාසනාව පෑදෙයි
    රටට විදේශ විනිමය ලබා ගැනීමට
    පිටරට පැටවීම නිතිගත කෙරේ


    ආන්දොලනයට තුඩු දී තිබෙන ඉතා ඉහළ ආර්ථික වටිනාකමක්‌ ඇති වල්ලාපට්‌ටා විදේශ රටවලට යෑවීම නීතිගත කිරීමට රජය තීරණය කර තිබේ.

    මෙම ශාඛය වගා කිරීම වාණිජ මට්‌ටමින් ව්‍යාප්ත කර රටට විදේශ විනිමය උපයා ගන්නා මාර්ගයක්‌ කිරීම මෙහිදී රජයේ අරමුණ වී ඇත.

    මේ අනුව ඉදිරියේදී ඇමැති මණ්‌ඩල අනුමැතියද සහිතව වල්ලාපට්‌ටා රට යෑවීම නීතිගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ඇත.//


    http://www.divaina.com/2014/01/21/news02.html