වල්ල පට්ට වවන්න දෙන්නලු යන්නෙ , ඉඩම් වල ඉඩ කඩ තියන උන් ඉන්නවනම් , පැලයක් හොයගෙන වවපල්ල....අවුරුදු 5/6 කින් පලදාව ගන්න පුලුවන් ක්‍රමයකුත් තියනවලු ,
හැබැයි ප්ලන්ටෙශන් වලට අවසර දුන්නොත් මෙ තියන මාකට් එක කැඩෙනව, හදුන් වලටත් උනෙ එක, දැන් හදුන් වතු දාන්න පටන් ගත්ත නිසා ඉස්සර කාලයක් 30000/35000 ගිය හදුන් මෙ වෙනකොට 3000/5000 වගෙ මිලකට බැහැල,
කාලයක් තෙක්ක මිල සැහෙන්න උඩ ගියා , තෙක්ක වතු ඇති වෙනකොට දැන් තෙක්ක මිල ටිකක් අඩුයි , එ වගෙ තමයි,මිල සපෙක්ශව ටිකක් අඩුවෙයි , එ උනාට කමක් නැහැ වල්ල පට්ට ගස් කිපයක් ගෙදර වත්තෙ වැවෙන්න දිපල්ල , ගහ ඔහෙ වැවෙයි , ලොකු මහන්සියක් වෙන්න දෙයක් නැහැනෙ,ගහ හිල් කරල දිලිර වවන්න පොඩි සින් එකක් තියනව ,හරියට කරොත් ගහෙ 70% 80% විතර කලු කරල ගන්න පුලුවන් ,වැඩි මහන්සියක් නැතුවම තව අවුරුදු කිපයකින් තව හොද වහනයකට යන්න වසනාව ලැබෙයි....
//වල්ලාපට්ටාවට වාසනාව පෑදෙයි
රටට විදේශ විනිමය ලබා ගැනීමට
පිටරට පැටවීම නිතිගත කෙරේ
ආන්දොලනයට තුඩු දී තිබෙන ඉතා ඉහළ ආර්ථික වටිනාකමක් ඇති වල්ලාපට්ටා විදේශ රටවලට යෑවීම නීතිගත කිරීමට රජය තීරණය කර තිබේ.
මෙම ශාඛය වගා කිරීම වාණිජ මට්ටමින් ව්‍යාප්ත කර රටට විදේශ විනිමය උපයා ගන්නා මාර්ගයක් කිරීම මෙහිදී රජයේ අරමුණ වී ඇත.
මේ අනුව ඉදිරියේදී ඇමැති මණ්ඩල අනුමැතියද සහිතව වල්ලාපට්ටා රට යෑවීම නීතිගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ඇත.//
http://www.divaina.com/2014/01/21/news02.html