වල් අලියන්ට පුනරුදය උදා වෙයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මේ වසරේ වාර්තාගත අලි මරණ සංඛ්‍යාවක්..
    minneriya_elephants_family.jpg

    සජීව චාමිකර
    ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

    අද වන විට ඉතා ම දරුණු අලි – මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය 2023 වසරේ දී ය. එය අලි – ඇතුන් 488 කි. අලින් ගේ පහර දීම් හේතුවෙන් වැඩි ම මිනිසුන් ප්‍රමාණයක් වසරක් තුළ මිය ගොස් ඇත්තේ ද මෙම වසරේ දී ම ය. එය මිනිසුන් 187 කි. නමුත් 2025 වසරේ දී මෙම දත්තයන් ඉතා ම දරුණු මට්ටමකින් ඉහළ යාමට නියමිත ව ඇත. මෙය දරුණු ඛේදවාචකයකි.

    2011 වසරේ සිට මේ වසරේ මැද භාගය දක්වා ගෙවී ගිය වසර 15 ක කාලය තුළ දී අලි – ඇතුන් 4600 ක් මියගොස් ඇත. මෙම කාලවකවානුව තුළ ම අලින් ගේ පහර දීම් හේතුවෙන් මිනිසුන් 1528 ක් මිය ගොස් තිබේ.

    මෙම සංඛ්‍යා ලේඛණ වලින් පෙනී යන්නේ මෙරට අලි – ඇතුන් හා මෙම සතුන් ජීවත් වන ප්‍රදේශ ආශ්‍රිත ව දිවි ගෙවන ජනතාව දරුණු ඛේදවාචකයකට මුහුණ දී සිටින බව ය. බොහෝ දෙනෙක් සිතන්නේ අලි ගහනයේ වැඩි වීම අලි – මිනිස් ගැටුම මේ ආකාරයෙන් වර්ධනය වීමට බලපා ඇති බව ය. නමුත් අලි ගහනය වර්ධනය වන බවට කිසිදු විද්‍යාත්මක සාධකයක් නොමැත.

    මෙරට අවසන් වරට අලි සංගණනයක් සිදු කර වාර්තා ප්‍රකාශයට පත් කෙරුනේ 2011 වසරේ දී ය. එම සංගණනයට අනුව අලි – ඇතුන් 5879 ක් වාර්තා වන බවට හඳුනා ගැනින. නමුත් අලි සංගණනයෙන් පසු ව ගෙවී ගිය වසර 15 ක කාල සීමාව තුළ දී අලි – ඇතුන් 4600 ක් මිය ගොස් තිබේ. ඒ අනුව අද වන විට මෙම සතුන් ගේ ගහනය ඉතා ම දරුණු ලෙස පහළ යමින් තිබෙන බව පෙනී යයි. නමුත් අලි – ඇතුන් ගේ වාසස්ථාන ශීඝ්‍රයෙන් විනාශ කිරීම හේතුවෙන් මෙම සතුන් ගම් වැදීම බහුල වීම නිසා අලි ගහනය වර්ධනය වී ඇති බවක් පෙනෙන්නට තිබෙන බව බොහෝ දෙනෙක් සඳහන් කරති. එහෙත් සත්‍ය තත්ත්වය නම් අලි – ඇතුන් ඝාතනය කරන ශීඝ්‍රතාවයට සාපේක්ෂ ව ගහනයේ වර්ධනය වීමක් සිදු නොවන බව ය. මෙහි ඉතා ම කණගාටුදායක තත්ත්වය නම් දළ ඇතුන් හා ශක්තිමත් පිරිමි සතුන් නිතර ඝාතනයට ලක් වන නිසා ගැහැණු හා පිරිමි සතුන් අතර ඇති අනුපාතය වෙනස් වීම හා සුවිශේෂී ජාන සහිත සතුන් ගහනයෙන් ඉවත් වීම හේතුවෙන් අලි – ඇතුන් ගේ ගහනය දුර්වල වෙමින් පැවතීම ය
    https://lankacnews.com/මේ-වසරේ-වාර්තාගත-අලි-මරණ-ස/
     

    Similar threads