වලාකුලු වලට පහර දෙනවා

amasi

Member
Sep 3, 2018
692
19
0
වලාකුලු වලට පහර දෙනවා

image-388f50ddc9.jpg


කුරුණෑගල මහනුවර ප්‍රධාන මාර්ගය ආසන්නයේ ගැට්ටුවාන ධීවර ගබඩාව පිහිටි මාර්ගයේ වෙල් යායක ගොයමේ අද (29) අලුයම් කාලයේ සිට බොහෝ වේලාවක් ගතවන තෙක් අඩි ගණනක් උසට වලාකුලක් මෙන් විසිරුණු සුදු පැහැති යමක් දර්ශනය විය.

පීදෙන ගොයම මත සබන් පෙණ සහ පුළුන් වැනි ද්‍රව්‍යයක් කුඹුරේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින ආකාරය දර්ශනය වූ අතර ඒවා ස්පර්ශ කළ සැණින් බිඳී යන ආකාරයක් දැක්නට ලැබුණේ යැයි ප්‍රදේශවාසීහු පවසති.

මෙම දර්ශනය දැකබලා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් එහි රැස්ව සිටියහ.