වවුලා ගැතන නොදත් දේ..

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
වවුලා ගැතන නොදත් දේ..

ඈත අතීතියේ කුඹුරු අසල මී ගස් සිටුවා තිබුණේ වවුලන්ගේ නවාතැන් වශයෙනි.කුඹුරට පොහොරද කුඹුරේ කෘමින් මර්දනයද වියදමක් නැතිව කර ගැනීමේ මගක් ලෙස පැරැන්නෝ එසේ කළහ. ඇතැම් රටවල මදුරු මර්දනයට වවුල් කොළණි පිහිටුවා ඇත.වවුල් බෙටි වල නයිට්‍රජන් බහුල නිසා එය කදිම පොහොරකියි විද්‍යාඥයෝ කියති.එදා අපේ පැරැන්නෝ ඒ විද්‍යාත්මක සත්‍ය දැන සිටින්නට ඇත.
වියළි කාලයේදී මදුරුවන් ඇතුළු කරදරකාරී කෘමීන් නැති කිරීමට වවුලා මිනිසාගේ මිතුරෙක් වෙයි.දහසක් පමණවන වවුල් වර්ග වලින් සීයයට හැත්තෑවක් පමණ තනිකරම කෘමීන් ආහාරයට ගනිති.
මල් හා පළතුරු පරාග පෝෂණයට වවුලා උපකාරීවේ.කෙසෙල් ,අඹ ,කජු අලිගැට පේර ,කරාබු ආදියේ පරාග පෝෂණයට වවුලා වැදගත් මෙහෙයක් ඉටු කරයි.ශ්‍රී ලංකාව වැනි ඝර්ම කළාපීය රටවල වැසි වනාන්තර මල් පරාග පෝෂණයටත් ගස්වල බීජ වනාන්තරය පුරා විසිර වීමටත් වගාවට වවුලා උපකාරීවේ.
අහිතකර කෘමීන් කා දමන නිසා කෘමිනාශක බෙහෙත් ඉසිමේ අවශ්‍යතාවද අඩුවේ.
වවුලා මඟ සොයා ගැනීමට නිකුත් කරන ශබ්දය ඉදිරියේ ඇති බාධකයේ හැපී පරාවර්තනය වන ආකාරයට බාධක මඟ හැර පියාසර කිරීමට සහජ හැකියාව උරුම කැර ගෙන ඇති බවත් ඒ ක්‍රමය අනුව අන්ධයනටද මඟ පෙන්වීමේ උපකරණයක් නිපදවිය හැකි බවත් විද්‍යාඥයෝ කියති. වවුලාගේ ආයු කාලය අවුරුදු තිහක් පමණවේ
 
Last edited:
  • Like
Reactions: KPZ and sandaru1rox