වසන්තයේ මල් සුපිපුන..
සුන්දරතාවය ඉහිරුන..
හද මඩලට කවුදෝ ආවා...
මල් පෙති සිඔ.. සිනා රැගෙන..
මල සිඳ බිඳ.. යන්ට ගියා..
හද දුක ගාවා... කවුදෝ ආවා...
හස අංගනාවන් සේ සඳ දිය මැද කිමිදී
කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ
නීල කැලුම් ගලා හැලෙන..
ඉඳු නිල්මිණි දෑස වසා..
මගෙ දෝතට නෑවිත් නුඔ
කොහිදෝ බැඳුනේ...
හිරු මැලවුන සැන්දෑවේ අඳුරට ගුලිවී
මදු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
නෙතු කඳුලින් බොඳකල ඒ..
අතීතයේ හීන පැලට..
මා කැඳවා යන්නට නුඔ
ඇයිදෝ ආවේ...
සුන්දරතාවය ඉහිරුන..
හද මඩලට කවුදෝ ආවා...
මල් පෙති සිඔ.. සිනා රැගෙන..
මල සිඳ බිඳ.. යන්ට ගියා..
හද දුක ගාවා... කවුදෝ ආවා...
හස අංගනාවන් සේ සඳ දිය මැද කිමිදී
කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ
නීල කැලුම් ගලා හැලෙන..
ඉඳු නිල්මිණි දෑස වසා..
මගෙ දෝතට නෑවිත් නුඔ
කොහිදෝ බැඳුනේ...
හිරු මැලවුන සැන්දෑවේ අඳුරට ගුලිවී
මදු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
නෙතු කඳුලින් බොඳකල ඒ..
අතීතයේ හීන පැලට..
මා කැඳවා යන්නට නුඔ
ඇයිදෝ ආවේ...
Last edited:
