වසරක් භාවිත කළ විද්‍යුත් මෝටර් රථ බදුත් අ&#349

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    වසරක් භාවිත කළ විද්‍යුත් මෝටර් රථ බදුත් අ&#349

    වසරක් භාවිත කළ විද්‍යුත් මෝටර් රථ බදුත් අඩුවෙයි
    බෑන්ඩ් නිව් විද්‍යුත් මෝටර් රථ සඳහා පමණක් ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණු බදු සහනය, වසර 01ක් පමණක් භාවිත කළ රිකන්ඩිෂන් විද්‍යුත් මෝටර් රථ සඳහාද ලබාදීමට හැකිවන ලෙස එම යෝජනාවේ සංශෝධනයක් සිදුවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
    2018 අයවැය යෝජනා අනුව විද්‍යුත් මෝටර් රථ සඳහා පනවා තිබූ ආනයන බදු රු.ලක්ෂ 10කන් පමණ අඩුවනු ඇති බව මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී පවසා සිටියේය.
    කෙසේ වෙතත්, භාවිත කළ වාහන මෙරටට ආනයනය කරන වාහන ආනයනකරුවන් බොහෝ දෙනෙකු මෙය අසාධාරණ යෝජනාවක් බව පවසා සිටි අතර, එවැනි යෝජනාවක් මේ අවස්ථාවේ ඵලදායී නොවන බවද ඔවුන්ගේ තර්කය විය.
    ඒ අනුව, මෙම තත්ත්වයන් සලකා බලමින් වසර 01ක් පමණක් භාවිත කළ විද්‍යුත් මෝටර් රථ සඳහාද එම බදු සහනය ලබාදෙමින් අදාළ සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව දැනගන්නට ලැබේ.
    මුදල් අමාත්‍යාංශයේ මෙම තීරණය සම්බන්ධයෙන් භාවිත කළ වාහන මෙරටට ගෙන්වන වාහන ආනයනකරුවන්ගේ ප්‍රසාදය හිමිවී ඇත. ඒ අනුව, ලබන වසරේදී බ්‍රෑන්ඩ් නිව් ලීෆ් රථද මෙරටට ගෙන්වීමට ඒ.එම්.ඩබ්. සමාගම තීරණය කර ඇති බව ප්‍රකාශ කරන නිසා ඉදිරියේදී පාරිභෝගිකයන්ට හරිත ඉන්ධන යොදා ගැනෙන වාහන සඳහා නැඹුරු වීමට වැඩි ඉඩප්‍රස්ථා උදාවන බව ද ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
     
    • Like
    Reactions: wccryanrox

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    විද්‍යුත් මෝටර් රථ බදු සහනවල අක්‍රමිකතාව

    [FONT=&quot]විද්‍යුත් මෝටර් රථ බදු සහනවල අක්‍රමිකතාවක්
    [/FONT]


    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ හරිත අයවැය යටතේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස විද්‍යුත් මෝටර් රථ පැවතියත්, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපිරීමට තවදුරටත් කටයුතු යෙදිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
    එම සංගමය මෙසේ පවසා සිටියේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
    එහිදී රජය විසින් යෝජනා කර ඇති විද්‍යුත් මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථාන ඉදිකිරීම අත්‍යවශ්‍ය පියවරක් ලෙස හඳුන්වාදුන්නද විද්‍යුත් මෝටර් රථ රට තුළ ව්‍යාප්ත කිරීම සඳහා එවැනි මෝටර් රථ රටට පැමිණීමට ඉඩ සැලැස්වීම වැදගත් බවත් එම සංගමයේ සභාපති රංජන් පීරිස් මහතා සඳහන් සඳහන් කළේය.
    "මේ සඳහා චාර්ජින් සෙන්ටර්ස් විතරක් තිබුණට මදි. මේ වාහන රට තුළට පැමිණෙන විදියට ඉඩ සලසාදීමත් අතිශය වැදගත්. මොකද මේ ලබාදී ඇති තීරු බදු සහනය ක්‍රියාත්මක වුණොත් විද්‍යුත් වාහන රට තුළට අනිවාර්යයෙන්ම පැමිණෙනවා" යැයිද ඒ මහතා මෙහිදී පවසා සිටියේය.
    විශේෂයෙන්ම අයවැය යෝජනාවේ සඳහන් වන ආකාරයට විද්‍යුත් වාහන සඳහා රු.ලක්ෂ 10ක තීරු බදු සහන යටතේ යොදා ඇති අලුත් සහ භාවිත කළ විද්‍යුත් මෝටර් රථ යන යෙදුම අක්‍රමිකතාවක් ලෙස හඳුන්වා දෙන එම සංගමය, එය නිවැරදි කිරීමකින් පසුව අදාළ සහනය පාරිභෝගිකයන්ට ලබාගත හැකි වනු ඇතැයි සඳහන් කර සිටියේය.
    "අපි දන්න විදියට රටේ ප්‍රචලිත වෙලා තියෙන විද්‍යුත් මෝටර් රථයක් වන නිසාන් ලීෆ් රථය අලුතින්ම එහෙමත් නැත්නම් බ්‍රෑන්ඩ් නිව් විදියට ගෙන්වන්න හැකියාව තියෙන්නේ එහි මෙරට නිසාන් සමාගමේ නියෝජිතයාට. ඒත් ඔවුන් එම වාහන මෙරටට ගෙන්වන්නේ නෑ. ඒත් භාවිත කළ වාහන ගෙන්වන්නන් හැටියට අපේ සංගමය ඒ වාහන ගෙන්වනවා. මේ සිදුවෙලා තියෙන අක්‍රමිකතාව නිවැරදි කළොත් එය සකස් වේවි." යනුවෙන්ද එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
    මේ අතරම දැනට රජය විසින් අයවැය යෝජනා යටතේ ලබාදී ඇති බදු සහනය ක්‍රියාත්මක වුවහොත් අවම වශයෙන් රු.ලක්ෂ 30ක පමණ මුදලකට නිසාන් ලීෆ් රථයක් මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට හිමිවනු ඇති බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

    මේ අතර, පසුගිය සිකුරාදා (10දා) මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයද පවසා සිටියේ 2018 වසර සඳහා ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනා මගින් විදුලියෙන් ක්‍රියාකරන මෝටර් රථ සඳහා අඩුකළ රු.ලක්ෂ 10ක මුදල පාරිභෝගිකයන්ට හිමි නොවන බවයි.
    ඒ අනුව මෙලෙස විද්‍යුත් මෝටර් රථ සඳහා අදාළ බදු සහනය හිමි නොවීමට පවතින එකම බාධාව වන්නේ යෝජනාවේ සඳහන් වන ආකාරයට අලුත්ම සහ භාවිත කළ ලෙස මෝටර් රථ සඳහා කොටස් දෙකක් අන්තර්ගත වීම බවත් ඔවුන් පවසා සිටියේය.
    "මේ යෝජනාව මගින් රු.ලක්ෂ 10ක බදු සහනයක් හිමි වන්නේ අලුතින්ම මෙරටට ගෙන්වන විදුලි මෝටර් රථවලට පමණයි. ඒත් අපේ රටට ඒ අලුත්ම වාහන එන්නේ නෑ. දැනට රටේ තියෙන විද්‍යුත් මෝටර් රථ වුණත් අපි වගේ ආනයනකරුවන් මෙරටට ගෙන්වපු වාහනයි." යනුවෙන් එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා සඳහන් කළේය.
    මෙහිදී විශේෂයෙන්ම දැනට රටෙහි ජනප්‍රියත්වයට පත්ව ඇති විද්‍යුත් මෝටර් රථයක් වන නිසාන් ලීෆ් රථය මෙරටට ගෙන්වීම සඳහා එහි නිෂ්පාදකයන් විසින් අදාළ බලයලත් මෙරට නියෝජිත සමාගම වෙත අවස්ථාව ලබානොදෙන බවත්, ඊට මෙරට විද්‍යුත් මෝටර් රථ සඳහා වන පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවක් ලෙස සඳහන් කරන බවත් මෙහිදී අනාවරණය විය.
    "අයවැයෙන් ලබාදී තියෙන මේ වාසිය දැනට හිමිවෙන්නේ ඒ නිෂ්පාදනය මෙරටට ගෙන්වන බලයලත් නියෝජිතයාට පමණයි. ඒ හරහා රට තුළ විද්‍යුත් මෝටර් රථ සඳහා ඒකාධිකාරයක් බිහිවීම අනිවාර්යයෙන්ම සිදුවෙනවා." යැයි සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන මහතා පැවසීය.
    ඒ අනුව සිදුවිය යුත්තේ අයවැයේ විද්‍යුත් මෝටර් රථ යටතේ සඳහන් වන අලුත්ම සහ භාවිත කළ යන කාණ්ඩ දෙක ඉවත්කර තනි කාණ්ඩයක් ලෙස එය හැඳින්වීම බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ අදහස වී තිබේ.
    මේ අතරම 2018 අයවැය යෝජනා හරහා සිදුකර ඇති නව බදු අය කරගැනීමේ ක්‍රමවේදය මගින් Axio, Aqua හා Vessel යන හයිබ්‍රිඩ් මාදිලියේ මෝටර් රථවල මිලද රු.750‍,000/- ක මුදලකින් පමණ ඉහළයාමේ අවස්ථාවක් පවතින බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.
    එසේම 1,000CC ධාරිතාවට වඩා අඩු මෝටර් රථවල වටිනාකම රු.150,000/- කින් පමණ අඩුවීමේ හැකියාවක් පවතින බවත් එම සංගමයේ සභාපති මෙරෙන්චිගේ මහතා පවසා සිටියේය.
    මේ අතරම අයවැය හරහා අලුතින් හඳුන්වාදුන් කාබන් බද්ද, යුරෝ4 තත්ත්වය සහ එයාර් බෑග් පහසුකම අනිවාර්යය කිරීම යන කරුණුද වැදගත් අවස්ථා බව මෙහිදී අනාවරණය කෙරිණි.
    කෙසේ වෙතත්, මේ අයවැය හරහා කුඩා ප්‍රමාණයේ වාහනයක් මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී යාමෙන් අලුතින් වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි පිරිසකට බලපෑම් එල්ල වී ඇතැයිද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියේය.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    එක තමයි අවුරුද්දක් වෙනකල් බදු සහනය දීල තියෙන්නේ . කොහොමත් ගොඩක් පරණ electric car අරගෙන වැඩක් නැහැ

    "අපි දන්න විදියට රටේ ප්‍රචලිත වෙලා තියෙන විද්‍යුත් මෝටර් රථයක් වන නිසාන් ලීෆ් රථය අලුතින්ම එහෙමත් නැත්නම් බ්‍රෑන්ඩ් නිව් විදියට ගෙන්වන්න හැකියාව තියෙන්නේ එහි මෙරට නිසාන් සමාගමේ නියෝජිතයාට. ඒත් ඔවුන් එම වාහන මෙරටට ගෙන්වන්නේ නෑ. ඒත් භාවිත කළ වාහන ගෙන්වන්නන් හැටියට අපේ සංගමය ඒ වාහන ගෙන්වනවා. මේ සිදුවෙලා තියෙන අක්‍රමිකතාව නිවැරදි කළොත් එය සකස් වේවි." යනුවෙන්ද එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
    මේ අතරම දැනට රජය විසින් අයවැය යෝජනා යටතේ ලබාදී ඇති බදු සහනය ක්‍රියාත්මක වුවහොත් අවම වශයෙන් රු.ලක්ෂ 30ක පමණ මුදලකට නිසාන් ලීෆ් රථයක් මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට හිමිවනු ඇති බවත් මෙහිදී අනාවරණය කෙරිණි.
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    එලෙක්ට්‍රික් කාර් බහුල වෙනකොට ටෙක්නිකල් කොලේජ් වලට ඒ සම්බන්දව courses දැම්ම නම් (රෙපයාර් අනංමනං ) අපේ කොල්ලොන්ට කාටවත් සෙකන්ඩ් වෙන්නේ නැතුව රෙස්පා පිට පට්ට සල්ලියක් හම්බු කරගන්නත් පුළුවන් ෂොප් එකක් දාල... පෙට්‍රල් වහනෙක පොඩි ඉලෙක්ට්‍රික් වැඩක් කරන්න ගියත් බාසා සැර ගානක් කඩාගන්න එකේ මේවා ඉගනගත්තනම් සල්ලි නතින්


    REP++
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    එක තමයි අවුරුද්දක් වෙනකල් බදු සහනය දීල තියෙන්නේ . කොහොමත් ගොඩක් පරණ electric car අරගෙන වැඩක් නැහැ


    පරණ එකක් අරන් අලුත් බැටරියක් තියා ගන්න.