වසර පහකට පසු යළි ඇරඹෙන වාහන ආනයනය: බදු 500% දක්වා ඉහළට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,764
    55,562
    113
    ශ්‍රී ලංකා රජය විසින් වසර පහක කාලයකට පසු යළි ආරම්භ කරන වාහන ආනයනය සඳහා නව බදු ප්‍රතිශත හඳුන්වා දී ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අත්සන් කරන ලද විශේෂ ගැසට් නිවේදනය අනුව, මෙම නව බදු ක්‍රමය වහාම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.

    ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතාගේ අදහස් දැක්වීම අනුව, මෙම නව බදු ප්‍රතිශතවලට අමතරව වාහන ආනයනයේදී දැනට පනවා ඇති අනෙකුත් සියලුම බදු එක්වූ පසු ආනයනය කෙරෙන සියලුම වාහන සඳහා පවතින සමස්ත බදු ප්‍රතිශතය 500%ක් දක්වා වැඩිවිය හැකි බව පෙන්වා දෙයි. ඊටත් අමතරව සමහර වාහන වර්ග සඳහා එම බදු ප්‍රතිශතය 600% දක්වා ඉහළ යා හැකි බවද ඔහු අනතුරු අඟවයි.

    නව බදු ව්‍යුහය යටතේ, නිෂ්පාදිත දින සිට වසර 10කට අඩු වාහන සඳහා 200% සිට 300% දක්වා බදු පනවා ඇති අතර, එය එන්ජින් ධාරිතාව සහ මෝටර් බලය මත පදනම්ව තීරණය කෙරේ. මෙහිදී වාහන මිල ගණන් තීරණය වීම කෙරෙහි බලපාන ප්‍රධාන බදු වර්ග හතරක් හඳුනාගත හැකිය. ඒවා නම්, විශේෂ ආනයන බද්ද, සුඛෝපභෝගී බද්ද, වාහනයේ CIF අගය මත පදනම් වන බද්ද සහ 18%ක වැට් බද්ද යන්නයි.



    නව බදු ක්‍රමය යටතේ වාහන මිල ගණන්වල සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කෙරේ. උදාහරණ ලෙස, වැගන් ආර් වැනි 660cc වාහන සඳහා පැවති රුපියල් ලක්ෂ 16ක බද්ද රුපියල් ලක්ෂ 18.5 දක්වා ඉහළ යනු ඇත. විට්ස් වැනි 1,000cc වාහන සඳහා පැවති රුපියල් ලක්ෂ 20ක බද්ද රුපියල් ලක්ෂ 24.5 දක්වා ඉහළ යාමක් අපේක්ෂා කෙරේ. තවද, ටොයොටා ඇක්වා, කොරොලා, ඇක්සියෝ වැනි 1,500cc වාහන සඳහා පැවති රුපියල් ලක්ෂ 57ක බද්ද රුපියල් ලක්ෂ 66 දක්වා ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

    විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ, මෙතෙක් එන්ජින් ධාරිතාව 2000cc සහ 2500cc ඉක්මවන වාහන සඳහා පමණක් අය කළ සුඛෝපභෝගී බද්ද, නව රෙගුලාසි යටතේ 1500cc ඉක්මවන වාහන සඳහාද අදාළ වනු ඇති බවයි. මෙම තත්ත්වය හේතුවෙන් 2020 වසරට සාපේක්ෂව ඇතැම් වාහනවල මිල ගණන් 45%කට වැඩි ප්‍රතිශතයකින් පමණ ඉහළ යා හැකි බව වාහන ආනයන අංශය පෙන්වා දෙයි.

    මේ අතර, හයිබ්‍රිඩ් සහ විදුලි වාහන සඳහාද නව බදු ක්‍රමය යටතේ විශේෂ බදු අනුපාත හඳුන්වා දී ඇත. වසර 3.5ට වැඩි විදුලි වාහන සඳහා 200%ක බද්දක්ද, ඊට අඩු වාහන සඳහා 300%ක බද්දක්ද පනවා ඇත. මෙම බදු අනුපාත මෝටර් වර්ගය සහ බැටරි ධාරිතාව මත පදනම්ව වෙනස් වනු ඇත.

    2020 වසරේ මුල් භාගයේ සිට මෙරට ආර්ථිකය මුහුණ දුන් දරුණු කඩාවැටීම හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවීමට හා සීමා පැනවීමට බලධාරීන්ට සිදු විය.

    ඒ අනුව වාහන ආනයනයද අත්හිටුවනු ලැබීය. කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන ක්‍රියාත්මක වීම සහ මෙරට විදේශ සංචිතවල ඇතිවූ වැඩිදියුණුව හේතුවෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ එකඟතාව මත යළි වාහන ආනයනය කෙරෙහි සුබවාදී තීරණයක් ගැනීමට හැකි වී තිබේ.

    ඒ අනුව, 2024 සැප්තැම්බර් මස 12 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සංයෝජිත වර්ගීකරණ සංඛේතාංක (HS Codes) 304ක් යටතේ මෝටර් වාහන සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන රෝද සහිත අයිතම ආනයනය සඳහා අදියර තුනක් යටතේ අවසර ලබා දීමට තීරණය කර ඇත.

    වාහන ආනයනකරුවන්ගේ සංගමය අපේක්ෂා කරන්නේ මෙම වසර තුළ වාහන 50,000ක් පමණ ආනයනය කිරීමට හැකි වනු ඇති බවයි. මේ වන විට දේශීය වෙළඳපොළේ පවතින භාවිත වාහන මිල ගණන් ඉහළ මට්ටමක පවතින අතර, එයට හේතුව වී ඇත්තේ වාහන ආනයනය සීමා කිරීම නිසා සැපයුම අඩුවීමයි. කෙසේ වෙතත්, වාහන ආනයනය යළි ආරම්භ කිරීමත් සමඟ මෙම මිල ගණන් සාමාන්‍ය මට්ටමට පැමිණෙනු ඇතැයි වාහන ආනයනකරුවෝ විශ්වාස කරති.



    තවද, විදේශ රටවල නිෂ්පාදිත වාහනවල මිල ගණන් මේ වන විට විශාල අගයකින් වැඩි වී ඇති හෙයින් ලංකාවට ගෙන්වන වාහන මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවත්, රජය විසින් බදු අනුපාත පහළ දැමුවහොත් පමණක් වාහන මිල අඩු කිරීමට හැකි වනු ඇති බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කරයි.

    වාහන මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයන්ට සංගමයේ උපදෙස් වන්නේ කලබල නොවී, වාහන ලංකාවට පැමිණෙන තෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි. මන්ද යත්, වාහන ආනයන ක්‍රියාවලිය යළි ආරම්භ වීමත් සමඟ වෙළඳපොළේ වාහන මිල ගණන් ක්‍රමයෙන් ස්ථාවර වනු ඇති බැවිනි.
    අදාළ ගැසට් නිවේදනය pdf පහතින්
    Tax,pdf
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    16,839
    14,249
    113
    Lankawe
    Screenshot-2025-01-12-11-39-30-13-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,153
    78,869
    113
    ආශ්චර්යමත් රටක
    අපේ අය වාහන ගන්න හොයන්නේ 2019 මිළට..😅

    තැරි බයියො රට බංකොළොත් කරලා තව අඩුවට වාහනත් ඉල්ලනවා. ඕකුන්ගෙ පුකවල් පැලෙන්න රත් කරපු යකඩයක් අරන් කෙළින්න ඕන.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,792
    2
    47,570
    113
    මෙහිදී වාහන මිල ගණන් තීරණය වීම කෙරෙහි බලපාන ප්‍රධාන බදු වර්ග හතරක් හඳුනාගත හැකිය. ඒවා නම්, විශේෂ ආනයන බද්ද, සුඛෝපභෝගී බද්ද, වාහනයේ CIF අගය මත පදනම් වන බද්ද සහ 18%ක වැට් බද්ද යන්නයි.

    So

    Applicable:

    1. Excise duty
    2. Luxuty tax
    3. Customs duty
    4. VAT

    Not sure if applicable:

    5. PAL
    6. SSCL

    If the luxury tax isn't applicable for cars under 1500CC expect the 2022-2024 Honda Vezel (Hybrid) to be the top choice amongst new car buyers


    460RaZ1.png


    12 mil after taxes, 8.4 mil for the permit holders.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    7,466
    9,765
    113
    "රටට වගකියන ගෝටාඹය" වගකියලා ගියාට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ නැගිටින්න වෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    12,131
    15,838
    113
    tracing Geo-location.. ... ...
    පඩිය 5000% වැඩි වෙන්නෙ කවද්ද බන්?

    මේත් එක්කම වැඩි වෙනවා බං.. එක පඩියකින් vitz එකක් ගන්න පුළුවන් ගානට තමයි පළවෙනි පියවරෙන් වැඩි වෙන්නේ..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,426
    15,746
    113
    Auckland
    So

    Applicable:

    1. Excise duty
    2. Luxuty tax
    3. Customs duty
    4. VAT

    Not sure if applicable:

    5. PAL
    6. SSCL

    If the luxury tax isn't applicable for cars under 1500CC expect the 2022-2024 Honda Vezel (Hybrid) to be the top choice amongst new car buyers


    460RaZ1.png


    12 mil after taxes, 8.4 mil for the permit holders.


    Meke link eka ewanna
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,097
    990
    113
    So

    Applicable:

    1. Excise duty
    2. Luxuty tax
    3. Customs duty
    4. VAT

    Not sure if applicable:

    5. PAL
    6. SSCL

    If the luxury tax isn't applicable for cars under 1500CC expect the 2022-2024 Honda Vezel (Hybrid) to be the top choice amongst new car buyers


    460RaZ1.png


    12 mil after taxes, 8.4 mil for the permit holders.
    Link pls bn
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    9,512
    4,828
    113
    KALUTHARA
    So

    Applicable:

    1. Excise duty
    2. Luxuty tax
    3. Customs duty
    4. VAT

    Not sure if applicable:

    5. PAL
    6. SSCL

    If the luxury tax isn't applicable for cars under 1500CC expect the 2022-2024 Honda Vezel (Hybrid) to be the top choice amongst new car buyers


    460RaZ1.png


    12 mil after taxes, 8.4 mil for the permit holders.

    Dual clutch nadda dn vezel 😪