2008 වසරේ මාර්තු 19 දින මාලඹේ බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර සැඟව සිටි පුද්ගලයෙකුව වසර 12කට පසු තලංගම පොලීසිය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අනුරාධපුරය ප්‍රදේශයේ සැඟව සිට ඇති අතර පසුව මාලඹේ ප්‍රදේශයට අවස්ථා කිහිපයකදී පැමිණ ඇති බවට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
කඳනආරච්චිගේ දොන් ප්‍රියන්ත අශෝක නමැති මෙම සැකකරු මාලඹේ බස්නැවතුම් පොළ අසල ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස එම කාලයේදී කටයුතු කර තිබේ.
ඝාතනයට ලක් වූ තැනැත්තා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ද එම ස්ථානයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස සේවය කර ඇත.
බහින් බස් වීමක් දුරදිග යාමෙන් එම ඝාතනයට සිදු කර ඇති බව වාර්තා වේ.
සැකකරු අද (12) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.