වසර 12 කට පසු නුවරඑළියේ නෙළු මල් පිපිලා

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    වසර 12 කට පසු නුවරඑළියේ නෙළු මල් පිපිලා

    vlcsnap-2018-11-29-07h38m11s813.png




    නුවරඑළිය, හෝටන්තැන්නේ රක්ෂිත භූමියේ මේ දිනවල දර්ශණිය නෙළු මල් විශේෂය පිපී ඇති අයුරු දක්නට ඇත.

    විවිධ වර්ණ කීපයකින් සමන්විත නෙළු මල් වර්ග මෙහි පිපී ඇති අතර එය අතිශය මනස්කාන්ත දර්ශණයක් බවට පත්ව ඇත්තේ මෙම නෙළු මල් විශේෂය පිපෙන්නේ වසර 12 කට වරක් නිසා බව ප්‍ර දේශයේ ජනතාව පවසති.
    මෙම දර්ශණිය මල් විශේෂය දැක ගැනිමට මේ දිනවල දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් හෝටන්තැන්න ප්‍රදේශයට පැමිණෙමින් සිටිති.

    (ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)


    vlcsnap-2018-11-29-07h37m56s286.png


    vlcsnap-2018-11-29-07h37m52s379.png
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    පුදුම වෙන්න එපා! නිවවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා



    නෑ නෑ වැරදුනා.. :sorry::sorry::sorry:
     

    rusiyanuwa

    Active member
  • 2013 අවුරුද්ද අන්තිම වෙද්දිත් මේ මල් පිපිලා තිබුනා. ඒ මල් වලට අවශ්‍ය කාලගුණය එද්දි මල් පිපෙනවා ඇති. අවුරුදු 12ට පාරක් වෙන්න බෑ. මොකද මමත් නුවරඑලියෙ වැඩ කරද්දි මේ මල් බලන්න ගියා.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    Apoyi :sorry: අන්තිමට නුවරඑළිය යනකොට ඕවා තිබුණා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    2013 අවුරුද්ද අන්තිම වෙද්දිත් මේ මල් පිපිලා තිබුනා. ඒ මල් වලට අවශ්‍ය කාලගුණය එද්දි මල් පිපෙනවා ඇති. අවුරුදු 12ට පාරක් වෙන්න බෑ. මොකද මමත් නුවරඑලියෙ වැඩ කරද්දි මේ මල් බලන්න ගියා.

    http://www.srilankatailormade.com/blog/nelu-flowers-which-bloom-just-once-in-12-years/


    කතාව හරි වගේ

    ඒත් මේ අවුරුද්දකට පිපෙන්න විදියක් නෑ :eek:
     

    shan_eranga

    Member
    Nov 10, 2018
    19
    6
    3
    Me sare nelu pipune 2013n passe.samanyen pipenne awrudu 12kata sarayak thamai.but me sare awrudu 5kin pipuna.meka gana kattiya research karanawa me weddi. Horton Plains witharak newei Piduruthalagalath pipila thibuna.
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    මේ පාර හෝර්ටන් තැන්නේ නෙලූ මල් පිපිලා තියෙනවා තමයි, නමුත් මේ mass flowering සීසන් එකක් නෙවේ:cool:.
    ලංකාවෙන් නෙලූ විශේෂ 32 ක් පමණ හමුවුනත් හෝර්ටන් තැන්නේ වාර්තා වෙන්නේ විශේෂ 12 යි, මේ අතරින් විශේෂ තුනක් අතිශය දුර්ලභ සහ ඉතාම කලාතුරකින් හමුවන ඒවා.
    මේ දවස් වල විශේෂ 5ක මල් දැකගන්න පුළුවන්...
    එත් ඇත්තටම කියනවනම් පිපිලා තියෙන්නේ Strobilanthus pulcherrima, S. viscosa, S. calycina කියන බහුල විශේෂ කිහිපය...
    එත් මේ ටික උනත් බලාගන්න පුලුවන්නම් ඒක වටිනවා.....:yes: