වසර 1300 ට පෙර රචනා කරන ලද ගීතයක්
හමල් මරු ජහස් සුයූ හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හෝ මල් ගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ් කළ තඹ ලපල්ලා
පැරැය දිගැස් තදුන් හසුන් කුම් වාල්ලා..
සුළඟ හමා පැමිණ, දහස් ගණන් ගස් ඉදිරි වැටෙයි.
කොවුලා ගසක් මත හිඳ නාද කළේය, මලය පර්වතයෙන් දිය දහරා ගලා යයි.
ගිණිය නොහැකි තරම් කනාමැදිරියන් ගස් වල දළු තඹ පැහැගන්වති.
අවසාන පේලිය ටිකක් දිග තේරුමක් තියෙන්නේ
මෙකි කාරණා සියල්ලම සිදු වෙන්නේ වැසි කාලයක, මේ රචකයා හිතන්නේ සීගිරි ලලනාව තමාගේ පෙම්වතිය බවත්, මේවන් වර්ෂා කාලයක් පෙම්වතිය සමග එකතු විය යුතු බවත්ය
නමුත් මේ අවසන් පදයෙන් කියන්නේ මේ ලලනාව තමන් වෙත ලිපියක් දුන් බවයි. (තදුන් හසුන්)
මෙවන් වැසි කාලයක ඔබ දුන් හසුනෙන් මාහට කිනම් පලක්ද ?
ගී පද - සුනිල් සාන්ත
විචාරය : අඩ සඳ යාය - රත්න ශ්රි විජේසිංහ
ප.ලි. මෙය සීගිරි කුරුටු ගීයකි

Last edited: