වසර 17,000ක් අතීතයට ගිය පුංචි ළමයි

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    වසර 17,000ක් අතීතයට ගිය පුංචි ළමයි

    වසර 17,000ක් අතීතයට ගිය පුංචි ළමයි




    ඒක නම් ඇත්තටම කිසිවකුටත් අමතක නොවන අපූරු සොයා ගැනීමක්. අවුරුදු 71කට ඉස්සර වුණු සිදුවීමක්. හරියට ම කියනව නම් 1940 වසරේ සැප්තැම්බර් 12 වැනිදා, ප‍්‍රංශ ළමයි හතර දෙනෙක් ප‍්‍රංශයේ දෝර්දෝග්නේ පළාතේ ලැස්කෝ Lascaux නම් ප‍්‍රදේශයේ විනෝද සවාරියක් ගියා. කැළයේ ඇවිදිමින් යද්දී හදිසියේ ම ඔවුන් සමග ගිය සුරතල් බල්ලා පොළොවේ කුහරයකින් පහළට වැටුණා. බලූ යාළුවා බේරාගන්න ඒ කුහරය තුළට යන්නට ඒ ළමයින්ට සිදු වුණා. ඊට කලින් එය කෙතරම් ගැඹුරුදැයි පරීක්ෂා කරන්නට ගල් කැබලි විසි කරලා බැලූවා. එතරම් ගැඹුරු බවක් පෙනෙන්න තිබුණේ නැහැ. ඔවුන් ඒක තීරණය කළේ ගල් කැබලි වැටෙන හඬ අනුවයි. ඊට පස්සේ ඔවුන් හෙමින් හෙමින් පොළෝ කුහරයෙන් පහළට බැස්සා. පහළට ගිය ඔවුන් පුදුමයෙන් පුදුමයට පත්වුණා. එය අති විශාල භූගත ලෙනක්. එහි බිත්තිවල නොයෙක් විධියේ අපූරු සතුන්ගේ චිත‍්‍ර රැසක් ඇඳ තිබුණා. මේ ළමුන් අද ඉතිහාසයට එක් වී සිටිනවා. විනෝදයට ගිය පුංචි ගමනක් නිසා වසර 17.000ක් අතීතයට යන්න ඔවුන් සමත් වුණා. ඔවුන් තමා, මාසෙල් රෙවිදේ, යාක් මාසෙල්, ජෝර්ජ් ඇග්නෙල් සහ කොන්කාස්. ඔවුන් විතරක් නොවෙයි ඔවුන් එක්ක ගිය රවිදේගේ සුරතල් බල්ලා ‘රොබට්’ ද අද ඉතිහාසයට එක් වී සිටිනවා. ඔවුන් ගනු ලැබූ ‘චිත‍්‍ර ගුහාව’ තමයි අද අප කවුරුත් හොඳින් දන්නා ලැස්කෝ ලෙන.


    ඔවුන් තමන් දුටු දේ ගැන පන්ති ගුරුතුමාට කීවා. ඔහු ළමයි එක්ක ඒ ගුහාවට ආවා. ගුරුතුමා පුදුම වුණා. ඔහු මේ ළමයින්ගේ සොයා ගැනීම ගැන ප‍්‍රංශයේ සුප‍්‍රකට ඉතිහාසඥ ඇබේ හෙන්රි බෲයිල්ට දැනුම් දුන්නා. ඇබේ ඒ සිතුවම් පරීක්ෂා කරලා ඒවා ඉපැරණි ගල් යුගයට අයත් ලෙන් චිත‍්‍ර බව තහවුරු කළා. දෙවැනි ලෝක යුද්ධය අවසානයේ දී පමණ මෙම ගුහාව තුළට ගොස් මේ අපූරු චිත‍්‍ර නැරඹීමට මහජනයාට අවස්ථාව සැලසුණා. චිත‍්‍ර ගැන ප‍්‍රචාරය වීමත් සමග ඒවා දැක බලා ගැනීමට සංචාරකයන් වැල නොකැඞී ආවා. ගවේෂණ කටයුතු තවත් පුළුල් කෙරුණා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් තවත් කුඩා ලෙන් ගණනාවක් හමු වුණා. මේ හැම ලෙන් බිත්තියක ම සතුන්ගේ චිත‍්‍ර සහ සංකේත 200ක් පමණ තිබුණා. මෙතෙක් හමුවී ඇති සිතුවම් ගණන 1,500 ක්.


    චිත‍්‍ර බලන්නට ආ සංචාරකයන් දිනෙන් දින වැඩි වුණා. 1955 වන විට දිනකට චිත‍්‍ර නැරඹීමට පැමිණි සංචාරකයන්ගේ ගණන 1,200ක් පමණ වුණා. මෙතරම් සංඛ්‍යාවක් ප‍්‍රශ්වාස කළ කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රමාණය වැඩි වීම නිසා චිත‍්‍රවලට හානි සිදු වන බව පෙනී ගියා. ඒ අතර ඡායාරූප ගැනීමේ දී චිත‍්‍ර කෘත‍්‍රිම ආලෝකයන්ට නිරාවරණය වීම නිසා චිත‍්‍රවල දිලීර හා බැක්ටීරියා වැඩෙන්නට පටන් ගැනුණා.

    චිත‍්‍ර සුරැකීමේ අරමුණින් යුතුව 1963 දී මහජනය ප‍්‍රදර්ශනය සඳහා ලෙන වසා දැමීමට තීරණය කෙරුණා. වසා දැමීමෙන් පසු චිත‍්‍ර යථා තත්වයට පත් කර ගත හැකි වුණා. අද අලූතින් චිත‍්‍ර හමුවුණත් පැරැණි ඒවා දිනපතා වාගේ පරීක්ෂාවට ලක් කෙරෙනවා. මේ ලෙන් පද්ධතිය තුළ ඇති කුටිවල අපූරු නම් යොදා තිබෙනවා. ඒවා නම් ‘මහීෂ ශාලාව’ (The Great Hall of the Bulls) ‘පැති පටු මඟ’ (Lateral Passage) ‘මළ මිනිසාගේ හෙල්ල’ (Shaft of the Dead Man) ‘ගල් කැටයම් ශාලාව’ (Chamber of Engravings) ‘සිතුවම් කලාගාරය’ (Painted Gallery) සහ ‘බිළාල ශාලාව’ (Chamber of Felines) ආදී වශයෙන් නම් කර තිබෙනවා.

    සුප‍්‍රසිද්ධ ඇමරිකානු ‘ටයිම්’ සඟරාව මෙම චිත‍්‍ර ගැන මුල් වරට 1941 වසරේදී වාර්තාවක් පළ කළා ඒ කාලයේ මෙම සිතුවම් කි‍්‍ර.පූ. 30,000 ක් පමණ ඈත අතීතයේ ඇඳි ඒවා යැයි විශ්වාස කළමුත් අලූත් ම රේඩියෝ කාබන් දින නිර්ණය කිරීම් අනුව මෙම සිතුවම් කි‍්‍ර.පූ. 15,000 දී පමණ කළ ඒවා යයි තහවුරු වී තිබෙනවා. මේ ලෙන් සිතුවම් මැග්දලීනියන් මානවයා විසින් කළ ඒවා යැයි පැවැසෙනවා. මොවුන් මැග්දලීනියන් යනුවෙන් හැඳින්වෙන්නේ මේ මානවයන් ජීවත් වූ ගල් ගුහා ප‍්‍රංශයේ මැග්දලීනියන් පළාතෙන් හමු වූ නිසයි. ගල් ලෙනේ සිවිලිමේ සිතුවම් ඇඳීමට මෙම ආදි මානවයින් පලංචි යොදා ගන්නට ඇති. එම ලී පලංචි ලෙන් බිත්තිවලට සම්බන්ධ කළ විවර තවමත් දැකිය හැකිවෙනවා. සිතුවම් ඇදීමට යොදා ගත් වර්ණක කලවම් කළ සහ චිත‍්‍ර ඇදීමට යොදා ගත් මෙවලම්, ඇට කැබලි ආදිය නුදුරු ස්ථානවලින් හමුවී ඇත. මේ වන විට පේලියෝලිතික යුගයේ ඇඳපු සිතුවම් සහිත ගල් ලෙන් 200 ක් පමණ නිරිතදිග යුරෝපයෙන් හමු වී තිබෙනවා. ඒ අතරින් වඩාත් වැදගත් ලෙස සැලකෙන්නේ ලැස්කෝ ලෙන් චිත‍්‍රයි.



    ලැස්කෝ චිත‍්‍ර හා සම්බන්ධ ලොකු ම පුදුමය මෙවැනි පටු අඳුරු ලෙනක් ඇතුළේ මේ චිත‍්‍ර ඇන්දේ කෙසේ ද යන්නයි; ඒ සඳහා ඔවුන් කොතරම් වෙහෙස වෙන්නට ඇද්ද යන්නයි. ඒ සඳහා ලාම්පු අවශ්‍ය වන්න ඇත. ඉහළ ඇති චිත‍්‍ර අඳින්නට පලංචි බඳින්නට සිදුවන්නට ඇත. මේ චිත‍්‍ර ඇඳ ඇත්තේ පස්වල රතු හා කළු වර්ණ යොදා ගෙනයි. මෙම ලෙන් සිතුවම් අඳින්නට ඇත්තේ කසේදැයි යන්නට පිළිතුරු සොයන ඉතිහාසඥයන් විසින් ක්‍රෝ-මැග්නන් මානවයාගේ චිත‍්‍ර සම්ප‍්‍රදාය ගැන අවධානය යොමු කර තිබෙනවා. ප‍්‍රංශයේ ජාතික විද්‍යා පර්යේෂණායතයේ අධ්‍යක්ෂ මයිකල් ලෝ බ්ලාන්චේ පවසන පරිදි මේ සඳහා පින්සල් භාවිතා කර නැහැ. විවිධ වර්ණවල පස් කැබලි හපා කෙළ සමඟ මුසු කොට ලෙන් බිත්ති මතට පිඹීමෙන් මෙම චිත‍්‍ර අඳින්නට ඇතැයි යන්න ඔහුගේ නිගමනය වුණා. එය කි‍්‍රයාවෙන් ඔප්පු කර පෙන්වීමට ඔහු ආදි මානවයා කළාක් මෙන් විවිධ වර්ණවල පස් හපා ‘කෙළ ගැසීමෙන් චිත‍්‍රයක් නිර්මාණය කිරීමට ගත් උත්සාහය සාර්ථක වුණා.

    ලැස්කෝ ලෙන්වලට සමාන තවත් ලෙනක් 1995 දී ප‍්‍රංශයෙන් සොයා ගනු ලැබුණා. යාන් මාරේ චව්වේ විසිනුයි, ඇවිනොන් Avignon අසළ පිහිටි මෙම ලෙන් සොයා ගත්තේ. මෙම ලෙන් චිත‍්‍ර වසර 30,000 ක් පැරණි ඒවා බව දැන් හඳුනාගෙන තිබෙනවා. ඒවා ස්පාඤ්ඤයේ ඇති අල්ටමීරා හා ප‍්‍රංශයේ ලැස්කෝ චිත‍්‍රවලට වඩා ඉතා පැරණි ඒවා ලෙස මේවා නම් කර තිබෙනවා. මෙහි චිත‍්‍ර හා කැටයම් 300 කට වැඩි ප‍්‍රමාණයක් තිබෙනවා. මෙම චිත‍්‍ර අතර බයිසන් ගවයන්, වලසුන්, මැමතයන්, ලොම් සහිත රයිනෝසිරස් සතුන් ද ඇතුළු කළු පැන්තරයකු, බකමූණකු සහ හයිනා සතකු ද මෙම චිත‍්‍රවලින් දකින්න ලැබෙනවා. පුදුමයි නේද? වලසුන් ගවයන් හැර අනෙක් කිසිදු සත්වයෙකු ප‍්‍රංශයේ හෝ යුරෝපයේ වනාන්තරවල දැන් ඇත්තේ නැහැ. මැමතයන් නම් මුළු ලොවින්ම වඳවී ගියේ මීට අවුරුදු 10,000 කට පමණ කලිනුයි. ලස්කෝවල ගෝනුන් මුවන් මෙන් නොව ඇවිනොන්වල ඇති සිතුවම්වලට වැඩිපුර පාදක වී ඇත්තේ නපුරු සතුන්. ඒ කියන්නේ විලෝපිකයන්.

    Source
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    You must spread some Reputation around before giving it to sihina_lahiru again.
     

    Similar threads