වස් ගීයේ ඇත්ත කතාව
උපුටා ගත්තේ ඩිල්ෂාන් පතිරත්නගේ ෆේස්බුක් පිටුවෙනි.
එකෝමත් එක කාලෙක මට පෙම්වතියක් හිටියා . ඒකි හරි ලස්සන කෙල්ල.මලක් වගේ. අපි හිටියෙ බොහොම ආදරෙන් . කසාදයක් සිද්ධ නොවෙන්න අවශ්‍ය හැම දේම අපේ කතාවේ ඒ වෙනකොටත් සිද්ධ වෙලා තිබුනේ. ඒව කියන්න ගියොත් මේ කතාවෙ රස අඩුවෙනවා.ඒ නිසා අල්ලලාදාමු.
මේ අතර කෙල්ලගෙ අම්මට දරුණු ලෙඩක් හැදුනා. ඒකට කියන්නෙ "දූ කසාද භීතිකාව" කියලා. ඒක හැදුනම අම්මලගෙ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. උදේ ඉඳන් හවස් වෙනකංම අම්ම එකම දේ දොඩවන්න පටන් ගන්නවා . ඒක මහ කරදරකාර භයානක ලෙඩක්. ඒ නිසාම කෙල්ලටත් අම්මව තිත්ත වෙලා හිටියේ.
අනිත් එකා කෙල්ලගෙ අයියා. ඌ වෙට්ට පිත්තල එකෙක්. ලඟදි වැඩට බැස්ස අලුත් බිස්නක් කාරයෙක්. බිස්නස්වල ඉස්පිලි පාපිලිවත් හරියට ගළපගන්න බැරි උනාට උගේ කයිය නං තිබුනෙ මහප්‍රාණෙන්. කරුමෙ කියන්නේ කෙල්ලගේ ගෙදර ඇතුලෙ උගෙ වචනෙ ට ලොකු හයියක් තිබුනා. අයියා ගොං බාස් කියල කෙල්ලට ඒත්තු ගන්නන්න මට සෑහෙන කාලයක් ගියා. හැබැයි එකක් .මොනව උනත් ඌ නංගිට ආදරෙයි. ඒක මට දැනුනත් මං ඒ බවක් කෙල්ලට කිව්වෙ නෑ. මං මොකටද ඒ නරියට නිකං ලකුණු දාල දෙන්නෙ. මොකෝ ඕක මට කෙල්ලව දෙයි කියලයැ. ?
කෙල්ලගෙ ගෙදර තව පණ යන්න ඔන්න මෙන්න වෙච්චි අත්තම්මෙක් හිටියා. ඒ කියන්නෙ අම්මගෙ අම්මා. අම්ම එහෙම නං අත්තම්මා ගැන ආයෙ කවර කතාද?
කවුරු කොහොම උනත් කෙල්ලගෙ තාත්තා කන බොන මිනිහා. කවදාවත් මට වචනයක් කියලා. ආන් ඒකට මං අදත් ගරු කරනවා. ඒ මිනිහා අර වගේ බෙලෙක්ක කටවල් තියෙන පවුලකින් මොකට ගෑනියෙක් ගත්තද මංදා. (ඒව මෙතනට අදාල නෑනෙ.)
ඔන්න ඔය අස්සෙ තමයි අර නකුටු මනමාලයා මගෙ කෙල්ල බලන්න ආවේ. ඇත්තම කිව්වොත් හොයාගෙන ගිහින් ඕකව සෙත්තපෝච්චි කරල එන්න මට හිතුන වාර ගාන අනන්තයි. ඒත් පිහියක්, මන්නයක් අතට ගන්න තරං හයියක් හිතට ආවෙම නෑ.මං නිකමෙක් හූල්ල හූල්ල කල් මර මර හිටියා . කොහොමෙන් හරි ඒ මූසලයා කෙල්ලගෙ ගෙදර ආපු දවසෙ තමයි මං මේ වස් කවිය ලිව්වේ.
යුතු කමක් හැටියට තාත්තව බේරලා ලියන්න මං පරිස්සං උනා..
"අයියා පණ්ඩිතයා වෙලාවට නොඑන්නට වාහනේ හැපියං" කියල ලියලා ආයෙ වෙනස් කලා. "වාහනේ කැඩියං" කියලා. කෙල්ලත් ඌට ආදරෙයිනෙ මොනව උනත්. පව්නේ ඒ නිසා ඌවත් යාන්තමට බේරුවා.ඒ උනාට ඕක බක පණ්ඩිතයා.
ඔය මගුල් සබාවට ඇත්තටම කපුවෙක් ආවද නැද්ද කියන්නවත් මං දන්නෙ නෑ. ඔක්කොම එවුන් ගැන තියෙන තරහා මං උගේ පිටින් තියලා ඇරියා. ඒ කිව්වෙ කපුවගෙ පිටින්. මට ඕන උනේ විලිසංගෙ නැති, කටක් ඇරල කියන්න බැරි ජාතියේ වැඩකින් ඒ මගුල් කතාව ඉවර කරන්න.
ඕන් ඕකයි වස් කවියේ ඇත්තම කතාව.
පස්සෙ කාලෙක මං ලිව්ව "කලියුගයේ කුමාරයා" පොතට ඔය කවියත් දැම්මා.
"අපි මේක සිංදුවක් කරමු බං"
කියලා මුලින්ම කිව්වෙ Sahan Rawala. පස්සෙ තමයි Saman Lenin මේක දැකල තිබුනේ. සමනා මේක මගෙන් ඉල්ලුවා. මං කිව්වා ඒක සහන්ට දුන්න කියාලා. "හිටහංකෝ" කියලා ෆෝන් එක තියපු සමනා බේගල් දාහක් විතර ඇදබාලා කොහොම හරි කවිය සහන්ගෙන් ඉල්ලගෙන. ඊට පස්සෙ තමයි ආයිබොවන්ඩ, වස් කවිය සිංහලේ පලමු වස්ගීය උනේ.
අර මගුල කෙරුනේ නෑ. මං තාමත් ඒකිට ආදරෙයි. ඒකිත් එහෙම්මම තමයි. ඕකේ ලස්සනම කතාව වෙන එකක්. මං දවසක් සමන් ගෙන් කෝල් කරලා ඇහුවා
"උඹ මේ සිංදුවට මෙච්චර මැරෙන්න හැදුවෙ ඇයි බං" කියලා.
තප්පර දෙක තුනක් මිනිහගෙන් සද්දයක් නෑ. මං හිතන්නේ ඌ හොරෙන් වට පිට බැලුවා නෝනා ඉන්නවද කියලා. ඊට පස්සෙ දිග.... හුස්මක් පිට කරන ගමන් මලානික හඩින් මෙහෙම කිව්වා...
"ඔහොම සිද්දියක් මටත් උනානෙ බං" කියලා..
"නෑ!!! ඉතිං??" මං දිග කතාවකට මුල පිරුවා.
" හැබැයි පුතෝ..උඹ මේ ගැන කෙල බිංදුවක්වත් හලනව එහෙම නෙවෙයි" අන්තිමට සමනා මට පොඩි තර්ජනේකුත් දැම්මා.
මං කවදාවත් ඒ කතාව සමනාට අපහාසයක් වෙන්න තැන් තැන් වල කිය කිය යන්නෙ නෑ. වැරදිලා කියවුනොත් මිසක්.
මං
ඩිල්ෂාන් පතිරත්න