වසූරිය (?? ~ 1979) ( SmallPox)

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
වසූරිය මිනිසාට පමණක්ම ආවේනික වූ වැලියොලා මේජර් හා වැලියෝලා මයිනර් නම් වෛරස ප්‍රභේද දෙකක් මගින් හටගන්නා බෝවන රෝගයකි. මෙය ලතින් භාෂාවෙන් තිත් හෝ බිබිලි ඇතිකරන යන අරුත් දේ. පහලොස්වන ශත වර්ශයේදී යුරෝපයේ වසූරිය (Small pox) යන නම උපදේශය (great pox) නම් රෝගයෙන් වෙන්කොට හදුනාගැනීම සදහා භාවිතා වුණි.
වසූරිය රෝගය සමෙහි උගුරෙහි හා මුඛයෙහි කුඩා රැධිර වාහිණි තුළට සීමා වේ. සමෙහි මේවා කුඩා ලප සහිත පැල්ලමක් ලෙස ද පසු කාලීනව ඉස්සුනු දියරයක් පිරී බිබිලි ලෙසට ද හටගනී. වැලියෝලා මිස්රි වෛරස මගින් වඩාත් දියුණු තත්වයට රෝගය ඇති කරන අතර මෙමගින් 30% සිට 35% දක්වා මරණ සංඛ්‍යාවක් ඇති කරයි. වැලිසොරා මයිනර් මගින් ඇතිකරන රෝගය එතරම් දරුණු නොවන අතර එමගින් රෝගයට ගොදුරු වූවන්ගෙන් ආසන්න වශයෙන් 1% ක් බිලිගනී. වැලියොලා මයිනර් මගින් ආසාදිතයන්ට ඇති වන දීර්ඝකාලීන සංකූලතාවයන් වන මුහුණෙහි ඇතවන ඊට ආවේනික කැළැල් ජීවත් වන්නන්ගේ 65 - 85% ක් අතර දක්නට ලැබේ. 2% සිට 5% දක්වා වූ සුළුතරයකට ඇසේ කනීණිකාවේ ඇති වන තුවාල නිසා හටගන්නා අන්ධභාවය, ආතරයිටිස් රෝගය නිසා හන්දිපත්වල ඇතිවන විකෘතිතා හා අස්ථිවල ඇති වන ආසාදනයන් දක්නට ඇත.
වසූරිය මානව වර්ගයා තුළ ඇතිවන්නට ඇත්තේ බුද්ධ වර්ෂ 10000 සිටය. රෝගය නිසා 18 වන සියවසේ දී 400000 ක් පමණ යුරෝපා ජාතිකයින් පිරිසක් මරුමුවට පත්වූ අතර එවකට අන්ධවීම් අතරින් තුන්වන ස්ථානයක් ගනී. ආසාදිතයින්ගෙන් 20% සිට 60% අතර ද ළමුන්ගෙන් 50% කට වැඩියෙන් රෝගය නිසා මරණයට පත්වුණි.
විසිවන සියවසේදී සිදුකරන ලද ගණන් බැලීම්වලට අනුව වසූරිය රෝගය නිසා මිලියන 300 - 500 ත් අතර පුද්ගලයින් ප්‍රමාණයක් මරණයට පත්ව ඇත. 1967 දී ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කළ අන්දමට එම වසර තුළ මිලියන 15 ක් වූ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ අතර මිලියන දෙකක් මරණයට පත්ව ඇත. දහනවවන හා විසිවන ශතවර්ෂය පුරාවටම දියත් කරන ලද සාර්ථක ප්‍රතිශක්තීකරණ ව්‍යාපාරයක් නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 1979 දී වසුරිය ලොව තුලින් මුළුමනින්ම තුරන් කිරීමට හැකි වුණි. මේවන විට මුළුමනින්ම ලොවෙන් තුරන් කරන ලද එකම බෝවන රෝගය වන්නේ වසුරියයි.




ඔටෝමන් අධිරාජ්‍යයෙහි විසූ ඉංග්‍රීසි ජාතික තානාපතිවරයෙකුගේ බිරිද වූ මේරී මොන්ටෙගු විසින් 1717 දී එම ප්‍රදේශයෙහි කාන්තාවන් තම දරුවන් වසූරිය රෝගයට එරෙහිව අත් එන්නත් කරන ආකාරය නිරීක්ෂණය කරන ලදී. 18 වන ශතවර්ෂයේ අග භාගයේදී එඩ්වඩ් ජෙනර් විසින් කරන ලද නිරීක්ෂණයකට අනුව ගව වසූරිය රෝගය වරක් වැළදී තිබු සාරා නේල්ම්ස් නම් කිරිදොවන්නියක් හට පසු කාලීනව වසූරිය රෝගය සෑදීමට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ඇති වී තිබුණි. ගව වසූරිය රෝගය ඇති කරන වෛරසය වසූරිය ඇති කරන වෛරසයට සමාන නමුත් එය වඩාත් හානිකර වෛරසයකි. මෙම සොයාගැනීම් මත පදනම්ව ජෙනර් විසින් වසූරිය සදහා එන්නතක් සොයා ගන්නා ලදී. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කාලයක් මුළුල්ලේ සිදුකරන ලද එන්නත්කරණ වැඩ සටහන් නිසා 1979 දී වසූරිය රෝගය මුළු ලොවින්ම තුරන් කරන ලද්දක් බවට ප්‍රකාශයට පත් කරන ලදී.




in Srilanka



ඇල්ලේපොළ මහනිලමේට දරුවන් නොමැති වූ අතර එතුමාගේ මරණයෙන් පසු ඇල්ලේපොළ වලව්ව සොරුන් විසින් කොල්ල කන ලද අතර රාජෙද්‍රෝහීත්වයට පත්වීම නිසා දේපළ රාජසන්තක කිරීමෙන් ඉහගම කුමාරිහාමි මහත් දරිද්‍රතාවට පත්ව සිටි අතර අවසානයේ 1819 වර්ෂයේ මහනුවර ප්‍රදේශය පුරා පැතිරගිය වසූරිය වසංගතයකට ගොදුරුවීමෙන් මිය ගොස්‌, මහනුවර වීදියක ඇගේ මළ සිරුර දක්‌නා ලදුව එය රජයේ වියදමින් වළලා දමන ලදී.










SmallpoxvictimIllinois1912.jpg





Rahima_Banu.jpg