වස_මැවූ_වර්ණ

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    වස මැවූ රස වර්ණ

    i4jj04vg.png


    ලෝකය වර්ණවලට වසඟ වීමේ කතාව පිටුපස, දුක්බර යථාර්ථයන් කිහිපයක් තිබෙනවා. මේ එ් ගැන කෙටි විමසුමක්.

    ලුමිනස් කොල පාට

    1898 වසරේදී මාරි කියුරි සහ පියරේ කියුරි රේඩියම් සොයාගත්තා. ඒ වෙනුවෙන් ඔවුන්ට රසායන විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයත් ලැබුණා.

    222.png


    මුල් කාලයේදී මෙය ශක්තිජනක ඖෂධීය ගුණයක් තිබෙන දෙයක් විදිහට සැලකුණා. ප්‍රතිඵලය වුණේ මොකක්ද? දන්තාලේපවලට, ජලය සහ ආහාරවලටත් රේඩියම් කුඩා මාත්‍රාවලින් මුසු කෙරුණා. මේ දිලිසෙන, ලුමිනස් කොල පාට මූලද්‍රව්‍යය වසඟ කළේ විද්‍යා ලෝකය විතරක් නෙවෙයි. විලාසිතා ක්ෂේත්‍රයත් රූප ලාවන්‍ය ක්ෂේත්‍රයත් මේ වෙතට ඇදී ගියා.

    33.png


    19 වන සියවසේ මැද භාගය වන තෙක්ම, රේඩියම්වල ඇති විකිරණශීලී ගුණයේ අනිටු විපාක ලෝකය සම්පූර්ණයෙන්ම වටහාගත්තේ නැහැ. එයින් මාරක ප්‍රතිඵල ඇතිවන බව සොයාගන්නා විට මාරි කියුරි පවා රේඩියම් නිසා රෝගාතුර වී සිටියා.

    44.png


    ලෙඩ් (ඊයම්) සුදුපාට

    ඊයම්වල කතාව පටන් ගන්නේ ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ ග්‍රීසියෙන්. පුරාණ ග්‍රීකයන් ‘තනි සුදුපාට‘ එහෙමත් නැතිනම් ‘තද සුදු පාට‘ හදාගත්තේ ඊයම් ලෝහය මිශ්‍ර කිරීම මගින්. ඉතින් මොකක්ද ප්‍රශ්නය? ප්‍රශ්නය තමයි, ඊයම් කියන්නේ බැර ලෝහයක්. ඊයම් කෙළින්ම මිනිස් සෛලවලට උරාගන්නවා. ඊට පස්සෙ රුධිරය හරහා සංසරණය වෙනවා. සිනිදු පටක හරහා ගමන් ගන්නවා. අන්තිමට ඉගෙනීමේ අපහසුතාවල ඉඳන් අධි රුධිර පීඩනය දක්වා රෝගාබාධ බොහොමයක් ඇති කරනවා. නමුත් පරම්පරා ගණනාවක්, යුග ගණනක් ගත වන තෙක් මේ භයානක මූලද්‍රව්‍යයේ විපාක අපට තේරුම් ගන්න බැරි වුණා.

    55.png


    ටෙම්පෙරා සිතුවම් විදිහට හැඳින්වුණු සුදු පාට යොදාගෙන කරන සිතුවම්වල මූලිකම මූලද්‍රව්‍යය වුණේ ඊයම්. ඉංග්‍රීසි බසින් මේ අපූරු සුදු පාටට කිව්වෙ, ‘ලෙඩ් වයිට්‘ කියලයි. 19 වන සියවසේ මැද භාගය වන තෙක්ම ලොව පුරා සිත්තරුන් මේ තනි සුදුපාට ලබාගන්න ඊයම් කුඩු කරලා සායම් වලට මිශ්‍ර කරන්න පුරුදු වෙලා හිටියා. බොහොමයක් ලෝක ප්‍රසිද්ධ සිත්තරුන් මෙයට අයිතියි. අන්තිමේදි ඒකෙන් සිද්ධ වුණේ අතිශයින්ම විස සහිත ඊයම් දුහුවිල්ලට (ලෙඩ් ඩස්ට්) ඔවුන් නිරාවරණය වීම. ‘පේන්ටර්ස් කොලික්‘ (චිත්‍රශිල්පීන්ගේ ආමශූලය) කියන ආමාශගත රෝගය මෙයින් ඇති වුණා. මේකට අද කාලයේ නම් ඊයම් විස වීම කියලත් කියනවා. කාලයක් ගත වෙද්දි ඊයම් එක්ක වැඩ කළ චිත්‍ර ශිල්පීන් සමහරෙකුට අංශභාග රෝගය වැළඳුණා. මෙලන්කොලි කියන උකටලී වීම, එහෙමත් නැතිනම් විෂාදය සමග මතුවන තත්වයක් ඇති වුණා. කැස්ස, දෘෂ්ටි විතානය විශාල වීම විතරක් නෙවෙයි, අන්ධභාවය පවා ඇති වුණා.


    66.png



    නමුත් ඊයම් ලෝහයේ තියෙන පාරාන්ධ ගතිය, ඝනකම සහ උණුසුම් තානය (වෝම් ටෝන්) නිසා වර්මීර් වගේ ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පීනුත්, ඉන් පසුව ඉම්ප්‍රෙෂනිසම් චිත්‍ර කලාව අනුගමනය කළ චිත්‍ර ශිල්පීනුත් එයින් මිදෙන්න මැලි වුණා. ඔවුන් ඊයම්වලින් එවැනි භයානක ප්‍රතිඵල අත්වෙන බව විශ්වාස කළේ නැහැ.

    77.png


    1970 දශකයේ ඊයම් භාවිතය තහනම් කරන තෙක්ම ලෝකය ඊයම්වලට පෙම් බැඳ සිටියා.

    කෘත්‍රිම කොල පාට

    කොල පාටට ලෝකය පෙම් බැන්දේ අද ඊයෙක නෙවෙයි. කොල පාට කෘත්‍රිමව නිපදවන්නත් මේ නිසා මිනිසා ඉතිහාසය පුරාම ලොකු උත්සාහයක් ගත්තා. Scheelel’s Green (ශීල්ස් ග්‍රීන්- ශීල්ස්ගේ කොල පාට) සහ පැරිස් ග්‍රීන් – Paris Green (පැරිස් කොල පාට) කියන පාට දෙක ඒ විදිහට කෘත්‍රිමව නිෂ්පාදනය කළ කොල වර්ණයන් දෙකක්. මේවා නිපදවනු ලැබුවේ 18 වන සියවසේ මුල් භාගයේදීයි.

    88.png


    ස්වභාවික කොල පාටට වඩා ඒවා අතිශයින්ම දීප්තිමත් සහ ප්‍රාණවත් පැහැයන් වුණා. ඒ නිසා චිත්‍ර කර්මාන්තයට, බිත්ති කඩදාසි (වෝල් පේපර්ස්) විදිහට සහ, රෙදි සඳහා යොදාගන්නා ඩයි වර්ගයක් විදිහට බොහොම ජනප්‍රිය වුණා. කේක් සැරසිලිවලටත්, සෙල්ලම් බඩු පාට කරන්නත් ඇඳුම්වලටත් ඒවා දිගින් දිගටම යොදා ගැනුණා.

    නමුත් මේ කොලපාට තුළ ඇත්තෙන්ම තිබුණේ කියුප්‍රික් හයිඩ්‍රජන් ආසනික් කියන රසායනික සංයෝගයයි.

    මිනිස් සෛල ආසනික්වලට නිරාවරණය වීම අතිශයින්ම භයානකයි. ඒවා සන්නිවේදනයේ සහ ක්‍රියාකාරිත්වයේ විශාල විපර්යාස සිදු කරනවා. වැඩි මාත්‍රාවලින් ආසනික්වලට නිරාවරණය වූ විට හෘදයාබාධ ඇති වෙනවා. ආසනික් පිළිකාවලටත් හේතුවක්.

    මේකෙ ප්‍රතිඵලයක් විදිහට 18 වන සියවසේ ජීවත් වුණු පෙහෙකම්හල් සේවකයන් නිතර නිතර ලේ විෂවීම්වලට ලක් වුණා. කොල පාට ඇඳුමින් සැරසුණු කාන්තාවන් නිතරම ක්ලාන්තය හැදී ඇද වැටෙන බවටත් වාර්තා වුණා. එයට හේතු වී තිබුණේ ඔවුන්ගේ සම, එම කොල පාටට නිරාවරණය වීම. මේ අතරේ, මේ කොලපාට ඇඳ ඇතිරිලි සහ බුමුතුරුණු තිබුණු කාමරවල ඇඳ මකුණන් නැති බවටත් කතාවක් පැතිරුණා.


    මහා අධිරාජ්‍ය නැපෝලියන් මිය ගියේත් ආසනික් විස වීම හේතුවෙන් බවට මතයක් තිබෙනවා. නැපෝලියන්ගේ නිදන කාමරයේ වෝල් පේපර්ස් සම්පූර්ණයෙන්ම කොල පාටට ඒවා වුණා.

    1822 වසරේ ශීල්ස් ග්‍රීන් සහ පැරිස් ග්‍රීන්වල රෙසිපි එක, එහෙමත් නැතිනම් අන්තර්ගත සංයෝගයන් ප්‍රසිද්ධ කරන තෙක්ම මේකට හේතුව ගැන කවුරුවත් උනන්දු වුණේ නැහැ.

    එයින් ශත වර්ෂයක් ගෙවුණු තැන ලෝකය ආසනික් භාවිතා කළේ කෘමිනාශකයක් විදිහට විතරයි!

    මේ කෘත්‍රිම කොල පාට, මානව ඉතිහාසයේ මිනිසා විසින් නිර්මාණය කළ බිහිසුණුම වර්ණයක් බවට අද පිළිගැනෙනවා. රේඩියම්වල වගේ විකිරණශීලීතාවයක් නොමැති වීම නිසා විතරක්, මේ කෘත්‍රිම කොල පාට රේඩියම්වලට වඩා හොඳ බව පිළිගැනෙනවා.

    යුරේනියම් තැඹිලි පාට

    100.png


    තැඹිලි පාට ගැනත් තියෙන්නේ ඒ වගේම කතාවක්. දෙවැනි ලෝක යුද්ධයට කලින් සෙරමික් භාණ්ඩ තැඹිලි පාට කිරීම සඳහා නිෂ්පාදකයන් යුරේනියම් ඔක්සයිඩ් රසායනික සංයෝගය බෙහෙවින් භාවිතා කළා. මෙය දීප්තිමත් රතු සහ තැඹිලි පාටේ සංකලනයක් වුණා. මේ පාට සැලකුණේ කුසගින්න වැඩි කරවන, ආහාර රුචිය වැඩි කරන වර්ණයක් විදිහටයි.

    නමුත් ඒවායින් විකිරණ නිකුත් වන බව ඔවුන් දැන සිටියේ නැහැ.

    ඒවා පිළිකාකාරක සහ බව සොයාගත්තේ දෙවැනි ලෝක යුද්ධය පැවති කාලයේදීයි.

    ජපානයට හෙළීම සඳහා පරමාණු බෝම්බය නිපදවීම සඳහා යුරේනියම් යොදාගැනීමත් සමග ලෝකයට යුරේනියම් ගැන තිබුණු දැනුම වැඩි දියුණු වුණා. යුරේනියම් වෙනත් දේවල් සඳහා භාවිතා කිිරීමටත් සීමා පැනවුණා.

    99.png


    නමුත් 1959 අවුරුද්දේදී පරමාණුක බලශක්ති කොමිසම ඒ සීමාවන් ඉවත් කළා. සෙරමික් සහ වීදුරු කර්මාන්තශාලාවල යුරේනියම් නැවතත් යොදාගැනීම ආරම්භ වුණා. ඊළඟ දශකය පුරාම තැඹිලි පාට සෙරමික් දීසි විශාල වශයෙන් නිෂ්පාදනය කෙරුණා. ඒ කාලයේ නිෂ්පාදනය කළ සමහර තැඹිලි පාට දීසිවල තවමත් විකිරණශීලීතාවය යන්තමින් තිබෙන බව සොයාගෙන තිබෙනවා.








    කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොදම හරිය........
    රසදිය නැතිනම් මර්කරි විෂ බැර ලෝහයක් කියල දන දැනම තාමත් අපේ "මහත්වරු" රසදිය දාලා මාත්තු කරන silver amalgam යොදල දත් පුරවනවා..............