වහගෙන කළ සීගිරි කැලෑවේ කුඩු පාටිය

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    වහගෙන කළ සීගිරි කැලෑවේ කුඩු පාටිය

    රටටම වහගෙන කළ සීගිරි කැලෑවේ කුඩු පාටිය

    (ඩීප් ජංගල් ෆෙස්ටිවල් ශ්‍රී ලංකා) නමින් හැඳින්වූ ඇඩ්වෙන්චර් මියුසික් ඇන්ඩ් ෆෙස්ටිවල් බේස් ඉන් සීගිරිය නව මානයක ඩීජේ සංගීත ප්‍රසංගය දින තුනක් පුරා සීගිරිය පර්වතය පේන මානයේ තල්කොටේ, පහත්ගම වැව් තාවුල්ලේ පහළ වෙල පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව ඇතැයි අන්තර්ජාලයේ මුහුණු පොත හරහාත් පෞද්ගලික රූපවාහිනී නාලිකා දෙකක් ඔස්සේත් විශාල ප්‍රචාරණයක් ලබා දී තිබුණි. ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය හරහාත් වෙන් කරගත හැකිව තිබුණු අතර ප්‍රසංගයේ ප්‍රධාන පිවිසුම අසලින් ද ලබා ගැනීමේ පහසුකම් ඇති බව ප්‍රසිද්ධ කර තිබිණි.
    දින තුනක් පුරා පැවැත්වීමට සූදානම් වූ ඩීප් ජංගල් ෆෙස්ටිවල් සංගීත සාදය ඉකුත් අගෝස්තු 31, සැප්තැම්බර් 1 හා 2 දිනයන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ අතර අගෝස්තු 31 රාත්‍රිය පහන්වන තෙක්ම ප්‍රසංගය අති සාර්ථකව පවත්වා අවසන් කෙරිණ.
    එදින ප්‍රසංගය සඳහා විදේශීය කාන්තාවන්, පුරුෂයන් මෙන්ම මෙරට යොවුන් වියේ තරුණ තරුණියන් රාශියක් සහභාගී වූවෝය. ඔවුන් බහුතරය පැමිණ තිබුණේ පෞද්ගලික හා වෙනත් සුඛෝපභෝගී මෝටර් රථවලය. එදින රාත්‍රිය පුරාම අසල්වාසී ජනතාවට මහත් හිරිහැරයක් වී ප්‍රදේශය ඝෝෂාකාරී සංගීතයකින් පිරීගොස් තිබුණු නිසා එම ප්‍රදේශයේ ජනතාව සිට ඇත්තේ ප්‍රසංගය පිළිබඳ අප්‍රසාදයෙනි.
    එවැනි තත්ත්වයක් තුළදී දෙවැනි දිනටත් ඩීප් ජංගල් ෆෙස්ටිවල් ප්‍රසංගය ආරම්භ කර තිබිණි. ප්‍රදේශය දෙවනත් කරමින් අමිහිරි ශබ්දය සමඟ විසල් ආලෝක ධාරා ප්‍රදේශය වෙලාගෙන තිබියදී අසාමාන්‍ය අයුරෙන් පැවැත්වෙන සංගීත ප්‍රසංගය අසල්වැසියන්ට සැකයක් උපදවා තිබුණි. ඊට එක් ප්‍රධාන හේතුවක් වී තිබුණේ කිසි දිනෙක නොවූ ලෙස පැවැත්වෙන ප්‍රසංගයට ගම්මුන් අසල්වාසීන් සහභාගී නොවීමත් සහභාගී වූ සියල්ලන් පිටස්තර හා විදේශිකයන් වීමත්ය.
    තම ගමේ සිදු කෙරෙන අකටයුත්ත පිළිබඳ අප්‍රසාදයෙන් පසු වූ පදිංචිකරුවෙක් ඊට එරෙහිව පියවර ගැනීමට සිතුවේය. ඉක්මන් පියවරක් ගත යුතු වූයෙන් සිදුවීම පිළිබඳ මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමකින් තොරතුර දන්වා ඇත.
    වහාම අවධානය යොමු කළ එස්. එම්. වික්‍රමසිංහ මහතා තොරතුර පිළිබඳව මාතලේ කොට්ඨාස බාර පොලිස් අධිකාරී සන්දනායක මහතාට දන්වා අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වා තිබුණි. ඒ මහතා මාතලේ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට තොරතුර දන්වා තිබුණේ අදාළ ප්‍රදේශයේ සැකකටයුතු අන්දමින් ප්‍රසංගයක් පැවැත්වෙන බවත් ඒ පිළිබඳ විමර්ශනයට විශ්වාසදායක නිලධාරීන් පිරිසක් හැකි ඉක්මනින් යොමු කරන ලෙසය.
    එසැණින් ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් මාතලෙන් පිටත් වී දඹුල්ල, සීගිරිය පොලිස්ථානය පසු කරමින් සැකකටයුතු ප්‍රදේශයට ළං වූවේය. ඒ සීගිරිය තල්කොටේ පහත්ගම ප්‍රදේශයයි. තොරතුරට අනුව පොලීසිය එහි ගියද සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන බවක් පෙනෙන්නට නොවීය.
    image_2094d282ae.jpg

    එහෙත් පිරිස අවසානයේ පැමිණ තිබුණේ තල්කොටේ පහත්ගම වැවේ වේල්ල ආසන්නයටය. විශාල වලවල් සහිත මාර්ගයේ මෝටර් රථ ධාවනය අසීරුය. වැවේ වේල්ල ආරම්භයේදීම දකින්නට තිබුණේ සුඛෝපභෝගී මෝටර් රථ දෙක තුනක් පසෙකට දමා නතර කර ඇති බවය. ඒවා පසුකරමින් සැලකිය යුතු දුරක් ගමන් කළ නිලධාරීන්ට තවත් එවැනි මෝටර් රථ ගණනාවක් තැන තැන නතර කර ඇති බව පෙනෙන්නට විය. සංගීත ප්‍රසංගය පැවැත්වෙන ඉසව්වක් ගැන හඳුනාගන්නට ක්‍රමයක් නැත. එහෙත් පොලීසිය යමින් සිටියේ ඈතින් ඇහෙන ශබ්දය අනුව අදාළ ස්ථානය සොයාගෙනය.
    නිලධාරීන් පිරිස වැවේ වේල්ල අවසානයට ගොස්ය. එහි මායිමේ දිස්වන්නේ විශාල කැලෑවකි. එක් පසෙක ඇත්තේ අතුරු අඩි පාරකි. පිරිස යමින් සිටියේ එකී මාර්ගය දිගේය. ඒ වනවිට වේලාව අළුයම 1ට ආසන්නය. ඩීජේ සංගීත ශබ්දය දෙසට ගමන් කළ නිලධාරීන්ට පාර හරහා ඉදි කළ දැවැන්ත තොරණක් හමු වී තිබුණි. එය පසු කළ විට ඈතින් විවිධාකාර ආලෝක රටා දැල්වෙමින් නිවෙමින් ප්‍රසංගයක සේයාවක් පෙනෙන්නට විය. ඉදිරියෙන් හමු වූ තවත් පිවිසුමකි. එහි ප්‍රවේශ පත්‍ර අලෙවිය සිදුවෙමින් තිබිණ. ප්‍රවේශ පත්‍රය වෙනුවට ලබා දෙන්නේ අත් පළඳනාවකි. එය අතට දැමූ පසුව තද වන සුළුය. යළි ඉවත් කළ හැක්කේ කපා ඉවත් කිරීමෙන් පමණය.
    වැව් බැම්ම ආරම්භයේ සිට ප්‍රධාන තොරණ දක්වා මාර්ගය දෙපස කන්ඩියුට් බටවලට එබ්බවූ විදුලි බල්බ සහිත කණු රාශියකින් සරසා ඇත්තේ සැණකෙළියක සිරිය මවමිනි. ඒ සඳහා විදුලි බලය ලබාගෙන ඇත්තේ තැනින් තැන රඳවා ඇති ජෙනරේටර් මඟිනි. ප්‍රසංගය පැවැත්වෙන බිමේ ඉදි කළ තාවකාලික වෙළඳසල් රාශියකි. ඒවාට ඇත්තේ ද විශාල අලෙවියකි. සෑම වෙළඳසලකම කෙටි ආහාර වර්ග, වතුර බෝතල්, ටොෆි, ලොලිපොප් ඇතුළු භාණ්ඩ රැසක් අලෙවි කෙරෙමින් පැවතිණි. එක් පසෙක ඉදි කළ විදුලි බල්බ දහස් ගණනකින් සමන්විත තොරණකි. එය වෙසක් උත්සවය සඳහා කොළඹ නගරයේ ඉදි කළ ප්‍රසිද්ධ තොරණක් වන අතර එහි සිතුවම් රහිත විදුලි බල්බ පමණක් යොදාගෙන තිබුණි. වෙසක් තොරණේ තිබූ බුදු රැස් මාලාව ඒ පරිද්දෙන්ම ආලෝකමත් කරගෙන තිබුණි. තොරණ ඉහළ හා පහළ කෙළවර සරසා තිබුණේ නියෝන් බල්බවලිනි. එහි ආලෝක ධාරා පරිසරයේ විශාල දුරක් දක්වා ඒ මේ අත කැරකවෙමින් තිබුණි.
    තවත් පසෙක විදුලි ආලෝකයෙන් සැරසුණු වේදිකාවකි. එහි ඩීජේ සංගීත ශිල්පියෙකි. අධික ශබ්දය නැගෙන සංගීත රටාවට නටන දඟලන තරුණ වයසේ යුවලවල්, තරුණ තරුණියන් අතර විදේශීය තරුණ තරුණියන් ද එමටය. ප්‍රසංගයට සහභාගී වී සිටි පිරිස දහසක් පමණය. ඔවුන් අතරින් දැඩි ලෙස මත් වූ ඇතැමුන් ඒ මේ අත බිම වැටී සිටියේය.
    කෙසේ හෝ පොලිස් නිලධාරීන්ගේ පැමිණීම සංවිධායකයන්ට ආරංචි වී ඒ වනවිටත් ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස්ය. එමෙන්ම නිලධාරීන්ගේ පැමිණීමත් සමඟ ප්‍රසංගය සම්පූර්ණයෙන් අඩාල වී නතර වන තැනට කටයුතු සිදුව තිබුණි. වැවේ වේල්ලෙන් බැසගත් පිරිස වෙල් යායක නියර දිගේ අදාළ ස්ථානයට පැමිණි අතර කැලෑ බිමකට මායිම් වූ කුඹුරු යාය ජනශූන්‍ය ස්ථානයකි. ප්‍රසංගය සංවිධානය කර තිබුණේ වැවේ පිටවාන හරහා ජලය බැස යන ඇල ඉවුර කෙළවරට වන්නටය. ඇල දෙපස අක්කර ගණනාවක් පුරා විහිදී කුඹුරු යාය අස්වනු නෙළා අවසන් වූ ඉපනැල්ල සහිතය. ඇළ දෙපස වූ වෙල් යාය එක්කරමින් ඇළ මතින් අලංකාරවත්ව ඉදි කළ දඬු පාලමකි. එය ප්‍රසංගයේ සංවිධායකයන් කරවූවකි. කෙළවර බිමේ උස් වූ ගස් මත අට්ටාල සකසා ඒ මත විශාල ප්ලාස්ටික් වතුර ටැංකි තබා තිබුණි. එමඟින් අවශ්‍යතාවට සරිලන ජලය සපයාගෙන තිබුණි. ප්‍රසංග භූමිය කෙළවර තාවකාලිකව ඉදි කළ ක්‍රමවත් වැසිකිළි පද්ධතියකි. පරිශ්‍රය ආවරණය වන පරිදි විදුලි රැහැන් ඇද තිබූ අතර ඒවා ආරක්ෂිතය.
    අපද්‍රව්‍ය දැමීම සඳහා ලීවලින් සැකසූ කසළ බඳුන්ය. එහෙත් තැන තැන දැමූ අපද්‍රව්‍ය රැසකි. ඒ අතර භාවිත කළ විදේශීය මත්පැන් බෝතල් 200ක් පමණය. හිස් බියර් ටින් ප්‍රමාණය 1500කට අධිකය. තවත් විවිධ බීම බෝතල් සිය ගණනකි. මේ අතර වෙල් යාය පුරා වැටී තිබුණු උපත් පාලන කොපු රාශියකි. අයිස් මත්ද්‍රව්‍ය බහා තිබූ හිස් කවර රැසක්, ගංජා ඔතා තිබූ අසුරණ රැසක් ද ඒ අතර විය. එසේම ග්ලිසරීන් අඩංගුව තිබූ බඳුන් විශාල ප්‍රමාණයක් ද ප්‍රසංගය පැවැත්වූ බිමේ තිබී හමුව ඇත.
    image_67fccf0e6a.jpg

    දවස් තුනක් කැලෑවේ පැවති මෙම ප්‍රසංගය පැවැති වෙල් යායේ කෙළවරට වන්නට ටෙන්ට් ආධාරයෙන් නිමවූ කූඩාරම් කීපයකි. ඒවා කුලී කාමර වශයෙන් මුදලට අලෙවි කළ ඒවාය. ප්‍රසංගයට සහභාගී වූවන්ට අතුළු වීම සඳහා දිනකට අයකිරීම රු.3000කි. දින තුනටම සහභාගී වන්නේනම් අයකිරීම රු.6000කි. එම ගෙවීම එකවර සිදු කළ යුතුය. අදාළ මිලට අත් පළඳනා අලෙවි කිරීම මෙන්ම නළලත තිලක තැබීමේ ක්‍රමයක් සිදු කර තිබුණි. ප්‍රසංග භූමියට පිටතින් කිසිවක් රැගෙන යාමට අවසරයක් නොවූ අතර සියල්ල එහි වූ වෙළදසල්වලින් මිලට ගත යුතුව තිබුණි. දින තුනම එහි නවාතැන් ගන්නා අයට ස්නානය සඳහා වතුර මල් සවිකර තිබී ඇත.
    ප්‍රසංගය සඳහා කුඹුර කුලියට ලබාගෙන තිබුණු අතර දිනකට එහි හිමිකරුට රු.30,000ක් ගෙවා ඇති බවට වාර්තා විය. අවට භූමියේ එක්රුස් කර තිබූ පොලිතින් අපද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 100කට අධිකය. ඩීප් ජංගල් ෆෙස්ටිවල් සඳහා සහභාගීවන්නන් ප්‍රධාන ගේට්ටුවෙන් පමණක් ඇතුළු විය යුතුය. අදාළ භූමිය වටා ආවරණයක් නැතත් එහි අවසරයකින් තොරව පැමිණීමට අවස්ථාවක් නැත. ඊට හේතුව එක් මායිමක වනයක් සහ අනෙක් අන්තය කෙළවර නොපෙනෙන කුඹුරු යායක් වීමය. ඒ අතර කිසිදු මාර්ගයක් හෝ තිබුණේ නැත.
    පැමිණි පිරිස් හඳුනාගත් පරිදි ගාල්ල, කොළඹ, අනුරාධපුරය, කුරුණෑගල, ගම්පහ, මාතලේ ඇතුළු දුර පළාත්වල පිරිස්ය. සැක සහිත මෝටර් රථයක් පරීක්ෂාවට ලක්කළ අතර එහිදී ගංජා සමඟ අයකු අත්අඩංගුවට පත්ව තිබුණි. ඔහු පැමිණ තිබුණේ මාතලේ නාගරික මන්ත්‍රීවරයෙක් සමඟය.
    ප්‍රසංගය සංවිධානය කරමින් පැවති අතරතුර සීගිරිය ප්‍රදේශයේ අවුඩංගොඩ, කිඹිස්ස පදිංචි පුද්ගලයෙක් සීගිරිය පොලීසිය වෙත පැමිණ ප්‍රසංගයේ ශබ්ද විකාශනය සඳහා බලපත්‍ර ඉල්ලා ඇත. එහෙත් අවසර නොදීමට පොලීසිය තීරණය කර තිබියදී මෙය අනවසරයෙන් පැවැත්වූවකි. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහායැයි කියමින් සංවිධානය කර තිබූ ප්‍රසංගය අතිශය සංවිධානගතව කරවූ එකක් බවටත් මත්පැන්, මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් පැවැත්වූ එකක් බවටත් තොරතුරු වාර්තා වී තිබේ. ඒ අනුව අනාවරණය වී ඇත්තේ දැනට භාවිතයේ පවතින විෂ මත්ද්‍රව්‍ය වර්ග සියල්ලක්ම ප්‍රසංගය අතරතුර අලෙවි කර ඇති බවය.
    ප්‍රසංගයේ සංවිධාන කටයුතු සීගිරිය ප්‍රදේශයේ පිංතු නැමැත්තකු විසින් මෙහෙයවා ඇති බවත් ඔහුට දේශපාලනික වශයෙන් සහාය ලැබී ඇති බවටත් තොරතුරු වාර්තා වී තිබේ. සිද්ධිය පිළිබඳ බොහෝ තොරතුරු වාර්තා වී ඇතත් ඇතැම් මාධ්‍ය අංශ එය අනාවරණය කිරීමට ඉදිරිපත් නොවීම ගැටලුවකි.
    කාලයක් තිස්සේ වෙරළ ආශ්‍රිතව ගාල්ල, කොළඹ ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවති මෙවැනි සාද රට තුළට වන්නට පිහිටි ගම්මානවලට පැතිරීම බරපතළය. අන්තර්ජාලය භාවිත කරන තරුණ දුවා දරුවන් සිටින මව්පියන් සිය දරුවන් පිළිබඳ මනා අවබෝධයකින් පසුවිය යුතු බව පොලීසිය දැනුම් දෙන අතර ඔවුන් ඉල්ලා සිටින්නේ මෙවැනි අක්‍රමවත් නීති විරෝධී සිදුවීම් පිළිබඳ තොරතුරු පොලීසියට හෝ ආරක්ෂක අංශ දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙසය.
    මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මාතලේ කොට්ඨාස බාර පොලිස් අධිකාරී එස්. පී. සන්දනායක මහතාගේ මෙහෙයවීමෙන් මාතලේ මූලස්ථාන පොලීසිය සහ සීගිරිය පොලිස්ථානයේ පොලිස් නිලධාරීන් වැටලීමට දායක වූහ. ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
    ♦ සමන්ත ප්‍රදීප් විල්තෙර
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    lankawe media karayoi manasika irisiykaryoi innakan kawadawath goda emak na.athi labbakuth na.show ekak kalath methana walalenna hadanawa.yako mewa hariyata karanna method ekak hadanawa nemei.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    muu ma kiyala thiyanawa hodata organize karala thibunalu, electricity standerd ekata thibunalu, wathura toilets hodata thibunalu. ithin ayi ban mekata baninne. sathutu wenna ona me wage ekak hari widiyata sanwidanaya karanawata. anith eka game minissu nathi eka muta maara prashnayak:P kalee maddelu thiyenne. kubura ayithi ekata salli gewalalu aragaththe. ethanata enna wea parakuth na lu. ithin koomada ban minissunta karadarawena widiyata sadda ahenne..kudu ahuna kiyalath na kohewath. boru bayila thamayi. irisiyaawa.
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    100% agreed

    ow bn aththa kathawa

    okkotama wada irisiyawa bn thiyenne lankawe unge.thamanta wada deyak thiyenawa dakkama irisiyai.kawdawath ethanta enna dagalanawa nemei.office wala unath balapan.padi wadi karaganna mona tharam game gahanwada.office eke wadath karala thawa amathara deyak karala keeyak hari hoyana ekek ehema htyoth uta patta kapilla.mokada arunta a thathweta enna therenne na,ekko salli na,igeneena na,samaja ashrayak na.padiyenma haminna balan thamai enne.a wage thamai hamadema.andu peralanna kalin munge brain wash karanna oni
     

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    වැනසෙන්නේ නැතුව් සැනසෙනම් තමා හොඳ :no::no::no::no:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    lankawe media karayoi manasika irisiykaryoi innakan kawadawath goda emak na.athi labbakuth na.show ekak kalath methana walalenna hadanawa.yako mewa hariyata karanna method ekak hadanawa nemei.

    සමන්ත ප්‍රදීප් විල්තෙර kuhaka kama 2pathen beranawa