වහන්නට කලියෙන් ඔබේ රුව පෙට්ටියේ පියනින්..

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
වහන්නට කලියෙන් ඔබේ රුව පෙට්ටියේ පියනින්..

14670604_1859903397564910_2493757194089784111_n.jpg


හිත සිත්තම් අහස උසට පුරෝගෙන හිත අස්සේ...
උසස් පෙළ ඉහලිම දිනුමයි මගෙ හිතෙ තිබ්බේ..
ඉල්ලද්දි ඔබ මගෙන් හැමදාම රහසේ..
පෙම් කළා ඔබටත් හොරෙන් මං ඔයා නෑ දන්නේ..

සුපෙම් පෙම් පත් විසි කළත් මං යාලුවන් මැද්දෙ..
ඔරවමින් ඔබ දිහා බැලුවත් තරහ නැ තිබුනේ..
චන්ඩියා ඔබ තමයි කාටත් අපෙ ඉස්කෝලේ..
මගෙ හිතෙ විරයා ඔබ බව ඔබ නොදැම සිටියේ..

කෑගසා මුලු පාසලම දෙදරන තරම් හයියෙන්..
කිව්වෙ මං මැරෙනවා සත්තයි පොලොවෙ අත තියමින්..
ගැහි ගැහි මුලු හදවතම මම ඔබේ ඇස් අස්සෙන්..
ආදරෙයි නොකියා ගියේ මං ඇඩෙන්නට කලියෙන්..


නිවාඩුයි හරියට මාසයක් අයියෝ දැං ගොඩක් පාලුයි..
විසේ කාරයගේ නාඩගම් බලන්නත් ආසයි..
සත්තමයි මං කියනවා හෙට ආදරෙ බෝමයි..
මුලු හිතම මම පවරනව සදහටම නුබට බාරයි..

යද්දි මං හරි ආඩම්බරයෙන් බිම බලාගෙන සතුටින්..
පාසලෙ ගේට්ටුව සරසා තිබුනි සුදු කොඩියෙන්..
බලද්දි මං බැනර්1 දෙස ආයෙමත් හැරෙමින්..
මියැදුනා හදවතින් එතැනම සියදහස් වාරකින්..

දුවගෙනම ඇවිදින් අනේ මං මහ සෙනග මැද්දෙන්..
වහන්නට කලියෙන් ඔබේ රුව පෙට්ටියේ පියනින්..
ආදරෙයි සදහටම ඔබ හට ඇහෙනවද නොදනිමි..
ප්‍රතම සහ අවසාන හාදුව තබමි ඔබ නළලෙන්..

Source