වහලුන්ට_සොරි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
වහලුන් දැඟලුවාට වැඩක් නෑ..! ජනාධිපති කීවත් නැතත් මහින්දට අගමැති හෝ කතානායක වීමට නීතියෙන්ම බලයක් නෑ..!! වැරදිලා හෝ අගමැතිකම දුන්නොත් ජනාධිපති ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකළා වෙනවා.



MR_Face_Closed1.jpg



මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඊයේ ප්‍රකාශයෙන් ප්‍රසිද්ධ කළද නොකළද කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රීලනිප අපේක්ෂක මහින්ද රාජපක්ෂ නමැත්තා පාර්ලිමේන්තුවට පත් වූවද ඔහු අගමැති ධූරයට හෝ කතානායක ධූරයට නුසුදුස්සෙක් බව නීතියෙන් ඔප්පු වී අවසානය. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂට අගමැතිකම පමණක් නොව කතානායක තනතුර වත් දැරිය නොහැක.
ව්‍යවස්ථාව වෙනස් කර ජනාධිපති ධුරයේ සදාකාලිකව සිටීමට තැත් කළ මහින්ද රාජපක්ෂ දැන් අගමැති තනතුරට පත් වීමට කෙතරම් වලිකෑවද එය මහින්දගේ සහ වහලුන්ගේ සැබෑ නොවන සිහිනයක් වී තිබෙන්නේ 19 වන සංශෝධනය මගිනි.
"ඔහු ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත් කොට ගනු ලබා ඇත්නම්" ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුසුකමක් ලෙස දක්වා තිබු තිබු 92 (ඇ) ව්‍යවස්ථාව 18 වන සංශෝධනයෙන් ඉවත් කළද 19 වන සංශෝධනයෙන් එම ව්‍යවස්ථාව එසේම නැවත යලි ව්‍යවස්ථාවට එක් කර තිබේ.
ඒ අනුව
වයස 30 ට අඩුවීම,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුසු වීම,
ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරාගෙන තිබීම,
දෝෂාභියෝගයකින් ඉවත්කළ ජනාධිපතිවරයෙකු වීම,
යන කරුණු 92 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකු ලෙස තොරා පත් කර ගැනීමට නුසුදුසුකම් වේ.

ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුස්සකු ජනාධිපති ධූරයේ වැඩ බැලීමටද නුසුදුස්සෙක් වීම අනිවාර්යයකි.
38(2), 40(2)(ඇ) වැනි ව්‍යවස්ථා අනුව ජනාධිපති ධූරයේ වැඩ බැලීම අගමැති හෝ කතානායක විසින් කළ යුතුයැයි පැහැදිලිවම දක්වා ඇත. එසේ නම් වැඩබලන ජනාධිපති තනතුරට පවා පත්වීමට නුසුදුස්සකු වන මහින්ද රාජපක්ෂව අගමැති හෝ කතානායක තනතරු වලට පත් කළ නොහැකි ය.
තවද 40(1)(අ) ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව දක්වා ඇති පරිදි ජනාධිපති ධූරය කලින් හිස් වුවත් පාර්ලිමේන්තුව විසින් ජනාධිපති වරයා ලෙස තෝරා පත් කර ගත යුත්තේ එහි සිටින මන්ත්‍රීවරයන් අතුරින් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීමට සුදුසුකම් ඇති මන්ත්‍රීවරයකු මිස ජනාධිපති ලෙස තෝරා ගැනීමට නුසුදුසු මන්ත්‍රීවරයකු නොවන්නේය.
මේ අනුව මහින්ද රාජපක්ෂ නැවතත් ජනාධිපති පමණක් නොව අගමැති හෝ කතානායක වීමට ද දෙවනවර ජනාධිපති ලෙස තෝරා පත් කර ගත් 2010 සිට නුසුදුස්සකු වී ඇත.
ජනාධිපති වරයෙකුට නඩු පැවරිය නොහැකි අවස්ථා ව්‍යවස්ථාවේ 35(1)ව්‍යවස්ථාවේ දැක්වේ. එනම් ජනාධිපතිවරයා විසින් නිල තත්වයෙන් හෝ පෞද්ගලික තත්වයෙන් කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නඩු පැවරිය නොහැක යන්නයි.
මෙහිදී වත්මන් ජනාධිපතිවරයා අගමැති ධුරය මහින්ද රාජපක්ෂ වෙත දුන්නොත් මුලික අයිතීන් කඩවීමට අත්‍යාසන්න තත්වය මත නඩු පැවරීමට බාධාවක් නැත. එනම් 19 වන සංශෝධනය යටතේ මහින්ද රාජපක්ෂ හට අගමැති තනතුර දුනහොත් ජනාධිපතිවරයාද මුලික අයිතිවාසිකම් කඩ කිරීමේ චෝදනාවට ලක්වීම වැලැක්විය නොහැකිය.
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ha itin eka api balagannamko oyala ai uda paninne? dinuwat ganne ai den dinai kyala hitenawada? :lol::lol::lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇල්ලවා එයේ බත් කඩේකින් දෙසලා වගේ හොඳට :dull:
     

    Similar threads