වහාම ජනාධිපතිවරණයක් දෙන්න

laknews

Member
Nov 16, 2009
94
1
0
වහාම ජනාධිපතිවරණයක් දෙන්න

මේක මහින්ද විහින්ම අටවා ගත් උගුලක් නිසා පැනලා යන්න අයිතියක් නෑ: වහාම ජනාධිපතිවරණයක් දෙන්න

අනාථ වු ජනාධිපතිවරයා රටත්, ශ‍්‍රීලනිප සම්මේලනයත් පාක්‍ෂිකයනුත් අනාථ කළා යැයි විපක්‍ෂ නායක එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කරයි.

2n00qvl.jpg

පසුගියදා පැවැති ශ‍්‍රීලනිප සම්මේලනයේදී ආණ්ඩුවේ අනාගත වැඩ පිලිවෙල හා සැලැස්ම ගැන ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරාවියැයි මුළු රටම බලාපොරොත්තු වුවත් එවැන්නක් ඉටු නොවූ බවත්, ප‍්‍රභාගේ පරාජයෙන් පසු ආර්ථික යුද්ධයක් අරඹන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළත් එවැනි කිසිවක් නොවූ බව විපක්‍ෂනායක වරයා පැවසීය.

ඔහු මේ ප‍්‍රකාශය කෙළේ ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ ඇතැම් ඇමැතිවරුත් ජනාධිපතිවරයාත් ජනතාවට කළ ප‍්‍රකාශය වහාම ඉටුකරන ලෙස ජනාධිපතිවරයාට බල කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සහභාගිත්වයෙන් විපක්‍ෂ නායක නිල නිවසේ ඊයේ(17) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

මාධ්‍ය හමුවට සහභාගී වූ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ, ශ‍්‍රීලනිප මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහත්වරු වහාම ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය පවත්වන ලෙසට ජනාධිපතිවරයාට අභියෝග කළහ.

රටටත්, තම පාක්ෂිකයින්ටත් ඉදිරි සැලැස්ම, රට සංවර්ධනය කිරීම, ජනතාව එක්සේසත් කිරීම හා ප‍්‍රශ්ණ වලට විසඳුම් ලබාදෙන බවට කල්තියා කළ ප‍්‍රකාශ සුන්ව බලාපොරොත්තු වූ කිසිවක් නොලැබුණු අතර, පාක්‍ෂිකයින් ඡන්දයක් ගැන අත් ඔසවා කළ ප‍්‍රකාශයට ද ජනාධිපතිවරයා ස්ථිර වචනයක් නොකියා සිටීමෙන් අපි දැක්කේ ගමේ චන්ඩියාගේ කථාවක් පමණකැයි වික‍්‍රමසිංහ මහතා පැවසුවේ ය.

මහින්ද පාලනය යටතේ අතිශය දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබීමෙන් තව දුරටත් ආණ්ඩුව ගෙන යා නොහැකිව ඇතැයි පැවැසූ වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුවේ නාස්තිය සහ දූෂණය පියවා ගන්නේ ණයට මුදල් ලබාගෙන බවත්, ආණ්ඩුව තුළද බරපතල දේශපාලන අර්බුදයක් හටගෙන තිබීමෙන් කොයි මගකට යන්නේ දැයි කිව නොහැකි බවත් පැවසීය.

සරත් ෆොන්සේකා මහතා දැන් හමුදා සේවයෙන් විශ‍්‍රාම ගෙන තිබෙන නිසා එක්සත් ජාතික පෙරමුණේ පොදු අපේක්‍ෂකයා ලෙස ඔහුව ඉදිරිපත් කරන්නට දැන් තීරණයක් ගෙන තිබේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප‍්‍රශ්ණයකට වික‍්‍රමසිංහ මහතාගේ පිළිතුර වූයේ, ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ නිල ප‍්‍රකාශය ගැසට් පත‍්‍රය මගින් ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුව තම අපේක්‍ෂකයා කව්ද යන්න රටට හෙළි කරන බවයි.

ජනාධිපති වී පැය 48 ක් තුල ව්‍යවස්ථා සභාව පිහිටුවිය යුතුයි

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වෙනවාද නැතිද යන්න විමසිය යුත්තේ ඔහුගෙන් බවත්, ජනාධිපතිවරණයෙන් දින 180 ක් තුළ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, ජනාධිපතිවරණය අවසන්ව පැය 48 ක් තුළ 17 වන සංශෝධනය යටතේ ව්‍යවස්ථා සභාව පත් කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම, උතුරේ අවතැන්ව සිටින ජනතාව වහාම යළි පදිංචි කිරීම වැනි කරුණු වලට එකඟ ඕනෑම පොදු අපේක්‍ෂකයෙකු ගැන පෙරමුණ සලකා බැලීමට සූදානම් අතර ෆොන්සේකා මහතා ගැන වුවත් එම කොන්දේසි මත සලකා බලන්නට සූදානම් බවත් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා යුද්ධය නිමාවූ පසුව ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වීමට සිතූ ආණ්ඩුව තවදුරටත් එම මතය රට තුළට ගෙන යන්නට නොහැකිව දෙගිඩියාවකින් සිටින බවත්, කුමන හෝ මැතිවරණයක් පවත්වන ලෙසට ආණ්ඩුවට අභියෝග කරන අතර එන ඕනෑම මැතිවරණයකට විපක්‍ෂය සූදානම් බවත් ප‍්‍රථම අදියරෙන්ම අපි(විපක්‍ෂය) දිනුම් බවත් කීවේය.

යුද්ධය අවසන් වීමෙන් පසුව රටේ වෙනසක් වේ යැයි සිතුවත් එ් වෙනස කොහේදැයි ප‍්‍රශ්න කළ හකීම් මහතා, ආර්ථික වර්ධනය වේගවත් කරන බවට සහ සුළු ජන කොටස් වලට බලය බෙදා හරින බවට දුන් පොරොන්දු වලට වූයේ කුමක්දැයි ජනාධිපතිවරයාගෙන් විමසීය.

එ්කාධිපති ස්වරූපයේ පාලනයක් ඉදිරියට ක‍්‍රියාත්මක වෙනවාද යන්න අද ජනතාව ඉදිරියේ තිබෙන ප‍්‍රශ්ණයක් වන අතර, දූෂණය, නාස්තියට එරෙහි සටන් පාඨය සමග ජනතාව විපක්‍ෂය සමග එක්වන බවට ලකුණු පෙනෙන්නට තිබෙන බවත්, මේ නිසා ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට හෝ යා නොහැකි තත්ත්වයක් පෙනෙන්නට තිබෙන අතර, කුමන මැතිවරණයකට ගියත් ආණ්ඩුව පරාජය වන බව පිළිගන්නට සිදුවතිබෙන බවත් එබැවින් ප‍්‍රමාද නොකර වහාම මැතිවරණයක් ලබා දෙන්නැයි රජයට බල කර සිටින බවත් හකීම් මහතා කීය.

ජනාධිපතිවරයා ඔය තරම් ජනප‍්‍රිය නම්, ඔහු මැතිවරණයක් ලබා දීමට තවත් ප‍්‍රමාද විය යුතු නැතැයි ද කී එ් මහතා ‘ජාත්‍යන්තර සම්බන්ධතා අවුල් වෙලා, සුළු ජාතීන්ගේ අපේක්‍ෂා බිංදුවටම බැහැලා, 17 වන සංශෝධනය ක‍්‍රියාත්මක නොකිරීමෙන් ජනාධිපතිවරයා දිනපතා ව්‍යවස්ථාව උල්ලංඝණය කරනවා. එ් නිසා පොරොන්දු වූ පරිදි ප‍්‍රමාද නොකර වහාම මැතිවරණයක් දෙන්නැයි ජනාධිපතිවරයාට අභියෝග කෙළේය.

ශ‍්‍රීලනිප (ම) පාර්ශවයේ නායක මංගල සමරවීර මහතා: ‘ශ‍්‍රීලනිප සමුළුවේදී දස අවුරුදු සැලැස්මක් හා මැතිවරණ පිළිබඳ වැදගත් ප‍්‍රකාශයක් කරන බව ශ‍්‍රීලනිප ලේකම්වරයා කීවා. කවුරුවත් නොඉල්ලූ ජනාධිපතිවරණයක් ගැන කථා කළ මහින්ද රාජපක්‍ෂ මහතා ඛෙත්තාරාම ක‍්‍රීඩාංගනයේ වටේ දුවලා මැදමූලන බජාර් එකේ පිළිවෙලට කථාවක් කර මුළු මහත් ජනතාවත්, ශ‍්‍රීලනිපයත් අතරමං කළා. සමුළුවට පැමිණි අය අත් ඔසවා ජනාධිපතිවරණයක් ඉල්ලද්දී සමහර ඇමැතිවරුන් අත් දෙකම ඔසවා ඊට කැමැත්ත පළ කළා. ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ ඇමැතිවරු පාක්‍ෂිකයෝ එසේ අත් ඔසවා ජනාධිපතිවරණයට තවත් වසර දෙකක් තිබියදී ජනාධිපතිවරණයක් ඉල්ලා සිටීමෙන් පෙන්නුවේ ශ‍්‍රීලනිපයට අලූත් නායකයෙකු ඕනෑ කියලයි. ජනතාව අත් දෙකම ඔසවා පෙන්නුවේ ජනාධිපතිට විරුද්ධ විශ්වාස භංගයක්. සම්මේලනයේදී ජනාධිපතිවරණයක් ඉල්ලා සිටි විට ජනාධිපති කීවේ පක්‍ෂය සමග සාකච්ඡුා කර තීන්දුවක් දෙන බවයි. සම්මේලනයකදී තීන්දුවක් ගත් විට පක්‍ෂ නායකයාට තවත් කාගෙන්වත් අහන්න දෙයක් නෑ. එහෙම අහනවානම් අහන්න තියෙන්නේ ඉන්දියාවේ ජ්‍යොතිෂ මණ්ඩලයෙන් පමණයි.’

‘ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමේ අවකාශය මේ මස 19 වන දා ජනාධිපතිට ලැබෙනවා. එ් නිසා කල් නොදමා ජනාධිපතිවරණයක් ලබා දෙන ලෙස ජනාධිපතිට අභියෝග කරනවා. මහින්ද හා ඔහුගේ ආණ්ඩුව විසින්ම අටවා ගත් උගුල නිසා ඔවුන්ට පලා යන්න අයිතියක් නෑ. අවසාන වශයෙන් ජනාධිපතිවරණයක් ලබා නොදුනහොත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග එකතු කොට පාරට බැස රාජපක්‍ෂ පවුල ගෙදර යැවීමට ඉදිරි දින කීපය තුල කටයුතු කරනවායැයි ද සමරවීර මහතා පැවසීය.’

නව හෙළ උරුමයේ සරත් මනමේන්ද්‍ර හා ධර්මසිරි හපුආරච්චි මහත්වරුද අදහස් දැක්වූහ.

Source :- http://wp.me/pI5Gy-2Q
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අප්පා මේ බෙරිහන් දෙන්නේ ලන්කාවේ ලොකුම දේශපාලන අනාතයා නේද.
 

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
අප්පා මේ බෙරිහන් දෙන්නේ ලන්කාවේ ලොකුම දේශපාලන අනාතයා නේද.

ලන්කාවේ විතරක් නෙමෙ ලොකෙම ලොකුම දේශපාලන අනාතයා:lol:.එයට එයගෙ world recorde එක අලුත් කරන්න ඔනලු එකයි මෙ බෙරිහන් දෙන්නේ.:lol::lol:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ලන්කාවේ විතරක් නෙමෙ ලොකෙම ලොකුම දේශපාලන අනාතයා:lol:.එයට එයගෙ world recorde එක අලුත් කරන්න ඔනලු එකයි මෙ බෙරිහන් දෙන්නේ.:lol::lol:

එයා දෑන් බෙරිහන්දේන්නේ සරත් නිසානේ, බෑරිවෙලාවත් සරත්, මහින්ද, රනිල් කියන තුන්දෙනාම ජනාධිපතිවරනයට ඉල්ලුවොත් රනිල්ට ගෑනිගේ චන්දේවත් ලෑබෙන එකක් නෑහෑ :lol:
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ජනාධිපතිවරණය ජනවාරි මාසයේ?

"මැතිවරණයකට සැරසෙන්න"
ජනපති ඇමැතිවරුන්ට කියයි

අනුර බාලසූරිය, චාමින්ද සිල්වා, රනිල් ධර්මසේන

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට මේ මොහොතේ සිට සූදානම් වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (17 වැනිදා) සවස කැබිනට්‌ සහ කැබිනට්‌ නොවන ඇමැතිවරුන් සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ දිස්‌ත්‍රික්‌ නායකයන් සමග පැවැති විශේෂ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.

මුලින්ම පැවැත්වෙන මැතිවරණය සම්බන්ධව ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

පැවැත්වෙන මැතිවරණ ජයග්‍රහණ සඳහා සියලු ආසන සහ ශාඛා සංවිධාන කටයුතු තරකරන ලෙසත් දැනුම් දී ඇති ජනාධිපතිවරයා මෙතෙක්‌ පැවැති මැතිවරණවලින් ජයග්‍රහණය ලබා පක්‌ෂය සතුව ඇති ශක්‌තිය තවදුරටත් වර්ධනය කර ගන්නා ලෙසද ඉල්ලා තිබේ.

2010 වසරේ ජනවාරි මාසයේදී පැවැත්වෙන පළමු මැතිවරණය ජනාධිපතිවරණය විය හැකි බව වාර්තා වේ.

එය ජනවාරි දෙවැනි සතියේදී පැවැත්වෙනු ඇත.

පුරා පැය දෙකකට ආසන්න කාලයක්‌ අරලියගහ මන්දිරයේදී පැවැති මෙම රැස්‌වීමේදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සාමාජිකයන් තුළ මතුව ඇති පිබිදීම පිළිබඳව විශේෂ අගැයීමකටද ලක්‌කර තිබේ.






 

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
එයා දෑන් බෙරිහන්දේන්නේ සරත් නිසානේ, බෑරිවෙලාවත් සරත්, මහින්ද, රනිල් කියන තුන්දෙනාම ජනාධිපතිවරනයට ඉල්ලුවොත් රනිල්ට ගෑනිගේ චන්දේවත් ලෑබෙන එකක් නෑහෑ :lol:

:lol::lol: දවසෙ කතාව:lol::lol:
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
ඉතින් මොකො දැන් මහින්ද බයද කියලා අහලා වැඩක් නෑ :P දැන් තව පාරක් පරදින්න ලෑස්ති වෙන්න ඕන මේ මහත්වරු -- පැරදුනාම කියන්න දේවල් දැන්ම එකතු කරලා පොඩි කොල කෑල්ලක ලියලා ඒකෙන් පොඩි පෙත්තක් හදලා ඒක දෙන්න ඕන ඡන්දය ඉවර උනාම අර අපේ තිස්ස කියල ඉන්නෙ කැසට් කටක් තියෙන පොරක් අන්න එයාට..
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඉතින් මොකො දැන් මහින්ද බයද කියලා අහලා වැඩක් නෑ :P දැන් තව පාරක් පරදින්න ලෑස්ති වෙන්න ඕන මේ මහත්වරු -- පැරදුනාම කියන්න දේවල් දැන්ම එකතු කරලා පොඩි කොල කෑල්ලක ලියලා ඒකෙන් පොඩි පෙත්තක් හදලා ඒක දෙන්න ඕන ඡන්දය ඉවර උනාම අර අපේ තිස්ස කියල ඉන්නෙ කැසට් කටක් තියෙන පොරක් අන්න එයාට..

    :lol::lol::lol::lol:
     

    laknews

    Member
    Nov 16, 2009
    94
    1
    0
    ඔය ලක්නිවුස් සයිට් එක කරන්නෙ රනිල්මද දන්නෙ නෑ..හැබැයි රනිල් නොවුනත් රනිල්ගෙ ජාතියෙම පොරක්...!!! හික්ස්

    See this and talk.....!! :growl::growl:

    http://wp.me/pI5Gy-2U

    http://www.elakiri.com/forum/showpost.php?p=5900145&postcount=1

    :frown::frown:

    And also, please read our contact us page :- Contact Us

    Remember that :- පුද්ගලික හෝ දේශපාලනික පහර ගැසීම් වලින් තොර, ඕනෑම පුවතක් පළ කරනු ලැබේ. :)
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කලිනුත් සැරයක් කෙනෙක් වහාම ඉල්ලලා ඇණ ගත්තලු.:rofl:
     

    Similar threads