වහින්නේ මම නම්...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo


    වහින්නේ මම නම්

    වහින්නට ආසයි

    දෝරේ යන තුරා හිත නුඹේ

    තෙමන්නට ආසයි

    ඒත් මට ලෝභයි හැඟුම් දිය වේදෝ ඔය දෑසේ



    ආදරේ ගලලා ජීවිතේ පිරිලා

    දෝරේ යනවා අද නම්

    සංසාර සිහිනේ ඔය දෑසේ ඇඳිලා

    නුඹේ ලඟයි හිතම නම්

    දෙසවනට කොඳුරා හෙමි හෙමින් කීවා

    මගේමමයි නුඹනම්

    ඇසුනිදෝ මන්දා රහසක්ම හින්දා

    මගේ ලඟමයි ලොවම දැන්



    සිනහවක් වේ නම් දෙතොල් මත උතුරා

    ඒ නුඹේ නමටමයි

    කඳුළු බිඳු වේ නම්

    වැහි බින්දු වාගේ

    සෙනෙහසේ සතුටටයි



    නෙතු දෑල තෙමලා බිඳෙන් බිඳ ගලනා

    ගෙවී යන්නේ මගේ හිතයි

    ගිම්හාන කාලේ සිහිනයකින් වාගේ

    වැස්සක් ගෙනාවේ නුඹයි



    ගායනය : රුචිරා කුරුලුගම

    පද රචනය : රුචිරා කුරුලුගම

    සංගීතය : රුචිරා කුරුලුගම
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බලා සිටියා වැසි එන තුරු
    ඉරි තැලුනු බිම තෙමන්නට
    බිම පසා කරගෙන මල්
    ගසක් එහි නැගෙන්නට

    කලු වලා නැගුනත් ගුවන්
    ගැබ සිසාරා හමා ගිය සුලඟ
    ඈතට ගෙන ගියා ඒ වලාවෝ
    වැස්ස සිප ගති දුරැති සරු බිමක්
     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    බලා සිටියා වැසි එන තුරු
    ඉරි තැලුනු බිම තෙමන්නට
    බිම පසා කරගෙන මල්
    ගසක් එහි නැගෙන්නට

    කලු වලා නැගුනත් ගුවන්
    ගැබ සිසාරා හමා ගිය සුලඟ
    ඈතට ගෙන ගියා ඒ වලාවෝ
    වැස්ස සිප ගති දුරැති සරු බිමක්
    ලස්සනයි ❤️
     
    • Love
    Reactions: castellain