වහින්නේ මම නම්
වහින්නට ආසයි
දෝරේ යන තුරා හිත නුඹේ
තෙමන්නට ආසයි
ඒත් මට ලෝභයි හැඟුම් දිය වේදෝ ඔය දෑසේ
ආදරේ ගලලා ජීවිතේ පිරිලා
දෝරේ යනවා අද නම්
සංසාර සිහිනේ ඔය දෑසේ ඇඳිලා
නුඹේ ලඟයි හිතම නම්
දෙසවනට කොඳුරා හෙමි හෙමින් කීවා
මගේමමයි නුඹනම්
ඇසුනිදෝ මන්දා රහසක්ම හින්දා
මගේ ලඟමයි ලොවම දැන්
සිනහවක් වේ නම් දෙතොල් මත උතුරා
ඒ නුඹේ නමටමයි
කඳුළු බිඳු වේ නම්
වැහි බින්දු වාගේ
සෙනෙහසේ සතුටටයි
නෙතු දෑල තෙමලා බිඳෙන් බිඳ ගලනා
ගෙවී යන්නේ මගේ හිතයි
ගිම්හාන කාලේ සිහිනයකින් වාගේ
වැස්සක් ගෙනාවේ නුඹයි
ගායනය : රුචිරා කුරුලුගම
පද රචනය : රුචිරා කුරුලුගම
සංගීතය : රුචිරා කුරුලුගම