වළපල්ලට ගිය රටවල්

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    වළපල්ලට ගිය රටවල්

    කවද හරි අපිට වෙන්නේත් මේටික තමයි කියවපල්ලා:no::no:

    image_690a9dc219.jpg
    image_690a9dc219.jpg
    image_4dfb324f0a.jpg
    image_690a9dc219.jpg



    ගරාවැටුණ බොහෝ රටවල සිදුවන්නේ දේශපාලකයින් හොරා කන එකය. රට වැසියන් පාට, පක්ෂවලට බෙදී කුළල් කා ගන්නා එකය, ගහ මරා ගන්නා එකය. හෙණ පිට හෙණ වදින්නේ මේ රටවලටය. අසමත් වූ රාජ්‍යයන් පුරා මා සිදු කරන සංචාරයේදී දුටුවේ හතර වරිගයම ගොඩ දා ගැනීම සඳහා හතර අතට හතරවරං ගහන දේශපාලුවන්ය. කඳුළු සාගරයක් මැද ඉපදී දුක, දොම්නස කරපින්නාගෙන අභියෝග ජය ගත නොහැකිව අයාලේ ගොස් දිවියෙන් සමුගන්නා මිනිසුන්ය. එම රටවල ඇත්තේ සුලලිත සෝබන ජල දහරා ගලා බැස යන ගංගා නොවේ. ජනතාවගේ වේදනාව නමැති ජලය ගලා බැස යන කඳුළු ගංගාය.

    image_ba2a04f035.jpg



    මේ කියන රටේ ද ඉන්නේ ගජබින්නාලාංකාරය සහ මුදල් පොට්ටනි ගැසීම ප්‍රගුණ කළ දේශපාලකයින්ය. බටහිර අප්‍රිකාවේ පිහිටි මෙය සියරා ලියොන් (Sierra Leone) රාජ්‍ය්‍යයි. ​ෙම් රටේ ද සිටින්නේ නැති බැරි අය ඇති හැකි අය කරනවා යැයි කියමින් බලය ලබා ගෙන නැති බැරි පුරවැසියන්නැත්තටම නැති කරන දේශපාලකයින්ය.



    දියමන්ති හොරු
    මෙම රට පිහිටා තිබෙන්නේ ගිනියා සහ ලයිබේරියා යන රටවලට යාබදව අත්ලාන්තික් සාගර කලාපයේය. මෙය 1808 සිට 1961 දක්වා බ්‍රිතාන්‍ය අධාරාජ්‍යයට නතුවී තිබූ රටකි. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත්තේ 1961 දීය. ජන රජයක් බවට පත් වුණේ 1971 දීය. 1991දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා ලදී. මෙහි විශාලත්වය ව.කි.මී. 71740 ක් හෙවත් ව.සැ. 27700 කි. ජනගහණය 7075641 කි. මෙය දියමන්ති හොරුන්ගේ දේශයකි. මෙහි සිටින්නේ දියමන්තිවලට මිනී මරා ගන්නා දේශපාලකයින්ය.

    රජයේ ප්‍රධානියා ජනපතිය. මෙහි අගමැතිවරයෙකු නැත. සිටින්නේ උප ජනාධිපතිවරයෙකි. වත්මන් ජනපති ජුලියස් මාඩාය. (Julius Maada Bio) මුදල් ඒකකය ලියෝන්ය. ඇමෙරිකා ඩොලරය හමුවෙහි අසීමිත අයුරින් ලියෝනය බාල්දු වී රට ආර්ථික අහේනියකට පත්වී ඇති සමයකි මේ. මුළු ජන ගහණයෙන් සියයට 80 ක්ම අන්ත දුගී අසරණ අඩියට පත්වී සිටින දිළින්දන්ය. සියලු පහසුකම් ඇත්තේ ෆ්‍රී ටවුන් (Free Town) අගනුවර හා තදාසන්න ප්‍රදේශ කීපයකට පමණකි. දිස්ත්‍රික්ක 16 න් 12 ක් ම පහසුකම් නැති ප්‍රදේශයන්ය.



    ජනපති ඉදි කළ මාලිගය

    image_bec5387b6a.jpg
    රට කෑලි කෑලිවලට බෙදා ගැනීම සඳහා විවිධ ජන වාර්ගිකයින් අතර නිතර නිතරම ගැටුම් පැවැති රටකි. 1991 සිට 2002 දක්වා පැවති සිවිල් යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 50,000 කට අධිකය. යුද්ධයෙන් අවතැන් වූවන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂයකට අධිකය. යුද්ධය අවසන් වී වසර 12 ක් පමණ ගත වී ඇතත් මේ රටේ ද ආරක්ෂක කටයුතු සඳහා අතිවිශාල ධනස්කන්දයක් වැය කිරීම රටට ඔරොත්තු නොදේ.


    ​ෙසෟඛ්‍ය පහසුකම් නැතිව දිනකට ළදරුවන් 90 ක් පමණ මියයන, තරුණ තරුණියන්ගෙන් සියයට 70 ක් පමණ රැකියා විරහිතව සිටින මේ රටේ සියලු වරප්‍රසාද හිමි වී තිබෙන්නේ ජනපතිට, කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 124 දෙනාට, හමුදා ප්‍රධානීන්ට හා ඉහළ නිලධාරීන්ට පමණකි. රට එක තැනම ලොප් වී ඇත්තේ මේ නිසාය. සියලු පහසුකම් ඇති ජනපති මන්දිරයක් තිබියදී ඩොලර් මිලියන 5 ක වියදමින් අලුත් මාළිගාවක් තම වාසය සඳහා මහජන මුදල් යොදවා ඉදිකර ගැනීම පිළිබඳව වත්මන් ජනපතිවරයාට මහජන විරෝධය එල්ල විය.


    එම විරෝධතා මර්දනය කිරීමට ඔහු ගත් ක්‍රියාමාර්ග පිළිකුල්සහගතය. විරෝධතා මෙහෙය වූවන් පැහැර ගෙන ගොස් අතුරුදන් කරනු ලැබ ඇත. වළපල්ලට ගිය බොහෝ රටවල සිදුවන්නේ මෙවැනි අප කීර්තිමත් සිද්ධීන්ය.




    රටේ සම්පත් ගසා කන දේශපාළුවෝ
    මෙහි ඇත්තේ දියමන්ති, රත්රන්, ටයිටේනියම්, යකඩ ආදී ඛණිජ ද්‍රව්‍ය වලින් සමන්විත පොළොවකි. ලොව කැරට් 969.8 ක් (ග්‍රෑම් 194) ක් වූ ලොව විශාලතම දියමන්තිය සොයාගෙන ඇත්තේ මෙම රටෙනි. මෙතරම් වටිනා ස්වභාවික සම්පත් වලින් පිරුණු රටක් ලොව දිළිඳුම රටක් බවට පත් වුණේ කෙසේද? ඒ බලලෝභී පාලකයින්ගේ වරදිනි. අනුවණකම නිසාය. මෙහි ද පාලකයින් ස්වකීය පවුල් බලය තර කර ගැනීමට කටයුතු කිරීම නිසාය. බලයට පත් වූ හැම පාලකයෙකුම රටේ සම්පත් මංකොල්ල කෑම හේතු කොට ගෙන රට කාබාසිනියා විය.

    image_690a9dc219.jpg

    පාලකයින්ට සැප ජනතාවට දුක

    මෙහි ජාතික ධනයෙන් වැඩි කොටසක් උපයාගනු ලබන්නේ යථෝක්ත ඛණිජ සම්පත් විදේශ රටවලට අලෙවි කිරීමෙනි. කන්ගර් හිල් ප්‍රදේශවල ඇති රත්රන් ආකර ද ටොන් කොලි පළාතේ ඇති දියමන්ති නිධි ද කෝනෝ සහ කෙනේමා ප්‍ර​ෙද්ශවල ඇති යකඩ නිෂ්පාදනාගාර ද අද හිස්ය. පතල් කැණීම සඳහා දේශීය හා විදේශීය සමාගම්වලට බලපත්‍ර ලබාදීමේදී දේශපාලකයින් සිදුකළ වංචා නිසා ඒවායින් ලැබෙන ආදායම බිංදුවට බැස තිබේ. ජාතික ධනයෙන් සියයට 59 කට වැඩි ආදායමක් ලැබූ කර්මාන්ත නැත්තටම නැති කළේ ජනතාවගේ කරපිටින් බලය ලබා ගත් දේශපාලකයින්ය. ඔවුන්ගේ හොරකම් නිසාය. මෙහි පාලකයින්ට සැපය. ජනතාවට දුකය.


    මේ රටේ පොළොවෙන් මතු වන දියමන්ති හා රත්රන් දැක ඇත්තේ මේ රටේ ජනතාවගෙන් කීයෙන් කී දෙනාද? ඒවා දැක ගැනීමටවත් වාසනාවක් නොලැබ මෙහි සාගින්නෙන් මියයන පුරවැසියන්ගේ සංඛ්‍යාව අනන්ත අප්‍රමාණය. හය ලක්ෂයකට වැඩි පිරිසක් දිවි ගෙවන්නේ ලෝක ආහාර සංවිධාන සපයන සලාක වලිනි. මෙය කොතරම් ඛේදජනකද?


    හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට

    යුද හමුදාවට අවි ආයුධ සහ ගුවන් හමුදාවට ගුවන් යානා මිලට ගැනි​ෙම්දී හිටපු ආරක්ෂක ඇමැති ඇල්ෆ්‍රඩ් සහ ආරක්ෂක ලේකම් සනා මාරා (sana Marah) සිදු කළ ඩොලර් මිලියන 55 ක වංචා සම්බන්ධ​ෙයන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ මීට දින කීපයකට පෙරය. එනම් 2018 දෙසැ. 29 දාය. ඔවුන් අත්අඩංගුවට ගන්නා ලද්දේ විදේශ මාධ්‍යයන් එම අවි ගනුදෙනු පිළිබඳව දිගින් දිගටම හෙළි කිරීම නිසාය. මෙය සියරා ලි​ෙයාන් හි පාලකයින් සිදු කළ වංචා වලින් සොච්චමක් පමණකි. රට විනාශ වී ඇත්තේ මෙවැනි හොර මැර වංචා නිසාය. මුළු ජනගහණයෙන් සියයට 80 කට වැඩි පිරිසකගේ දෛනික ආදායම ඩොලර් 1 කටත් වඩා අඩුවී ඇති මෙවැනි රටක් කවදා ගොඩඒවිද?


    චීනයෙන් ඩොලර් මිලියන 400 ක ණය මුදලක් ලබාගෙන රටේ උතුරු ප්‍රදේශයේ තවත් ගුවන් තොටුපොළක් ඉදි කිරීමට ක්‍රියා කිරීම සියරා ලි​ෙයාන් රජය ගත් අනුවණ ක්‍රියාවක් බව දැන් හෙළි වී තිබේ. පාලකයින් සහ පාලකයින්ගේ පවුල්වල ඥාතීන්ගේ ඕනෑ ඒපාකම් මත රටේ සම්පත් කුණු ​කොල්ලයට විකිණීම තුළින් මේ රට ද ප්‍රපාතයට ඇදවැටී තිබේ. ලෝකයේ තුන් වැනි විශාලතම ස්වභාවික වරාය පිහිටා ඇති රට වූ සියරා ලි​ෙයාන් දේශය මකර කටට ඇදවැටුණේ එහි මෙතෙක් බලයට පත් වූ පාලකයින් රටේ සම්පත් නිසි අයුරින් රැක ගැනීමට අසමත් වූ නිසාය. නිසි කළමනාකරණයක් නොතිබූ නිසාය.


    කාලාන්තරයක් මුළුල්ලේ දියමන්ති හොරුන් විසින් සියරා ලි​ෙයාන්හි පාලන බලය ඩැහැගත්හ. එහි ජනතාවට සෞඛ්‍ය, අධ්‍යාපන, ගමනාගමන පහසුකම් ලබා දීමට ඔවුන් ක්‍රියා නොකළහ. මිහිපිට අපායක් වන්නේ මෙවැනි රටවල්ය.

    image_9a7f15e6c1.jpg

    image_9a7f15e6c1.jpg
    image_9a7f15e6c1.jpg

    image_4dfb324f0a.jpg


    image_4dfb324f0a.jpg



    http://www.lankadeepa.lk

    සිරි හීන්පැල්ල
    නිව්යෝර්ක් නුවර සිට ලියයි
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    මේ වගේ තත්වෙකට නම් ලංකාව පත් වෙන්නෙ නෑ.
    මගේ අදහසේ හැටියට ලංකාව තායිලන්තයේ මට්ටමට තියේවි කියන එක තමා. ඒ කියන්නෙ යටිතල පහසුකම් නගරාශ්‍රිතව වර්ධනය වෙනවා (තයිලන්තෙ බැංකොක් වල light rail systems තියෙනවා. ඒ වහේම හයිවේස් තියෙනවා)
    ඇති නැති පරතරයත් ඒ වගේම තියෙනවා. බහුතරයක් poverty line එකෙන් පහල ජීවත් වෙනවා. මේකෙ ප්‍රතිපලයක් හැටියට ගණිකා වෘත්තිය, නීති විරෝධී කටයුතු වන වැඩිවිමක් වෙනවා
    .
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    සක්කිලි දේශපාළුවන්ට කඩේ යන ගොබ්බ සිංහලුන්ටත් ළඟදිම වෙන්නේ මේ ටික තමයි.
    දැන් වත් ඔය නාකි හම්පඩ සාම්ප්‍රදායික හොරු ටික එලවන්න මොළ පෑදේවා.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    මේ වගේ තත්වෙකට නම් ලංකාව පත් වෙන්නෙ නෑ.
    මගේ අදහසේ හැටියට ලංකාව තායිලන්තයේ මට්ටමට තියේවි කියන එක තමා. ඒ කියන්නෙ යටිතල පහසුකම් නගරාශ්‍රිතව වර්ධනය වෙනවා (තයිලන්තෙ බැංකොක් වල light rail systems තියෙනවා. ඒ වහේම හයිවේස් තියෙනවා)
    ඇති නැති පරතරයත් ඒ වගේම තියෙනවා. බහුතරයක් poverty line එකෙන් පහල ජීවත් වෙනවා. මේකෙ ප්‍රතිපලයක් හැටියට ගණිකා වෘත්තිය, නීති විරෝධී කටයුතු වන වැඩිවිමක් වෙනවා
    .


    :cool::cool::cool::cool::cool::cool::cool:
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මේ වගේ තත්වෙකට නම් ලංකාව පත් වෙන්නෙ නෑ.
    මගේ අදහසේ හැටියට ලංකාව තායිලන්තයේ මට්ටමට තියේවි කියන එක තමා. ඒ කියන්නෙ යටිතල පහසුකම් නගරාශ්‍රිතව වර්ධනය වෙනවා (තයිලන්තෙ බැංකොක් වල light rail systems තියෙනවා. ඒ වහේම හයිවේස් තියෙනවා)
    ඇති නැති පරතරයත් ඒ වගේම තියෙනවා. බහුතරයක් poverty line එකෙන් පහල ජීවත් වෙනවා. මේකෙ ප්‍රතිපලයක් හැටියට ගණිකා වෘත්තිය, නීති විරෝධී කටයුතු වන වැඩිවිමක් වෙනවා
    .

    මෙහෙම වෙයි කියල මටත් හිතෙනව
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මේ වගේ තත්වෙකට නම් ලංකාව පත් වෙන්නෙ නෑ.
    මගේ අදහසේ හැටියට ලංකාව තායිලන්තයේ මට්ටමට තියේවි කියන එක තමා. ඒ කියන්නෙ යටිතල පහසුකම් නගරාශ්‍රිතව වර්ධනය වෙනවා (තයිලන්තෙ බැංකොක් වල light rail systems තියෙනවා. ඒ වහේම හයිවේස් තියෙනවා)
    ඇති නැති පරතරයත් ඒ වගේම තියෙනවා. බහුතරයක් poverty line එකෙන් පහල ජීවත් වෙනවා. මේකෙ ප්‍රතිපලයක් හැටියට ගණිකා වෘත්තිය, නීති විරෝධී කටයුතු වන වැඩිවිමක් වෙනවා
    .


    තායිලන්තයේ දැන් තියන තත්වෙට වත් ලංකාවට එන්න තව අවුරුදු 100 ක් වත් යයි අනික ලංකව සංසන්දනය කරන්න බැ thailand එක්ක මොකද උන්ගේ per capita income එක අපිට වඩාවැඩී ..අපි බලන්න ඕනේ සිරියාව/යේමන් වගේ රටවල් එක්ක උබලට කියන්න දුක උනාට උබලා ඉන්නේ ඒ රටවල් වල තත්වේ
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0


    තායිලන්තයේ දැන් තියන තත්වෙට වත් ලංකාවට එන්න තව අවුරුදු 100 ක් වත් යයි අනික ලංකව සංසන්දනය කරන්න බැ thailand එක්ක මොකද උන්ගේ per capita income එක අපිට වඩාවැඩී ..අපි බලන්න ඕනේ සිරියාව/යේමන් වගේ රටවල් එක්ක උබලට කියන්න දුක උනාට උබලා ඉන්නේ ඒ රටවල් වල තත්වේ

    true it will take a long time to fix this country
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සක්කිලි දේශපාළුවන්ට කඩේ යන ගොබ්බ සිංහලුන්ටත් ළඟදිම වෙන්නේ මේ ටික තමයි.
    දැන් වත් ඔය නාකි හම්පඩ සාම්ප්‍රදායික හොරු ටික එලවන්න මොළ පෑදේවා.

    :D:D:D:yes::yes::yes:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    දැන් වත් ඔය නාකි හම්පඩ සාම්ප්‍රදායික හොරු ටික එලවන්න මොළ පෑදේවා.
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ගැඹුරින් අපිත් ඔය තත්ත්ෙවට අාසන්න ෙවලා ඉන්ෙන්. උඩින් දාන අයිසින් කකා අපි දියෙස්න කුමාරයා හරි රාවණා ඒනකං බලාෙගන ඉන්නවා. අපි ෙපාෙලාවට ගිලා බස්සලා ඉවරයි. ඒ්ක අපිම කරගත්ත ෙදයක්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,801
    113
    එහෙම වෙන්නේ නෑ බන්. ඉඩම් ටික අපේ ගොවියන් අතර තියෙන කන්.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අපේ රටේ සිංහල රාජාවලිය සතුවූ අනර්ඝ සම්පත් විශාල ප්‍රමාණයක් ලංදේසි, ඉංග්‍රීසි සහ පෘතුගීසි ජාතිකයන් විසින් අමු අමුවේ කෝලල කෑව.... මේ පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයේ නඩු දාන්න තිබුණ අවස්ථාවේදී අපේ රටේ හිටපු ජනාධිපතිනියක් බ්‍රිතාන්‍ය කිරුල හිමි කුමාරයා ලංකවේ නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ගෙන්වා ගත්තා.