මේ නිර්මානය තුලින් ප්‍රේමයේ උච්චතම අවස්ථා තුනක් ඉල්ලීම් වශයෙන් නිර්මානකරුවා විසින් නිර්මානයේ ව්‍යංගාර්ථයෙන් සඟවලා තිබෙන බවක් මට හැඟෙනවා..
අ) "සිත ප්‍රමෝද තන්හී (විහඟුන් ගයන ගීයට එය උපමා කොට තිබෙනවා) නුඹ මා ලඟින්ම සිටින්න" එයයි වලාකුලට අහස් කුසේම ඉන්න කොහේවත් නොයා කියල ආරාධනා කරන්නේ...
ආ) තරහ වුනාම මගේ හිත හිත් පිත් නැති රකුසෙකු සේ සිඳ බිඳ දමන්න එපා........
ඇ) ඉතා කැපවීමෙන් අනුන්ගෙන් මටම කියල රැක ගත් හා වෙන් කරගත් නුඹව මං මින්පසු දිගු රාත්‍රියට බාර කරමි....
ඉතා සුන්දර ලාලිත්‍යය හැඩ දමා ගොතන ලද ආදරණිය කවියක්....
මට හැඟුන විදිහ වැරදි නම් නොකියා ඉන්න එපා........
දිගටම ලියන්න නංගියට ශක්තිය හා ධෛර්ය නොඅඩුව ලැබේවා....