ව්‍යවස්ථා සංශෝධනය ජනතාවට සහනයක්

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ව්‍යවස්ථා සංශෝධනය ජනතාවට සහනයක්

Luxman_Arl.jpg

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විපක්‍ෂයට හෝ රටේ සමස්ත ජනතාවට යහපතක් මිස අයහපතක් සිදු නොවන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ලක්‍ෂ්මන් සෙනෙවිරත්න හා අර්ල් ගුණසේකර මහත්වරු පවසති.මේ සඳහා රටේ සියලු දෙනාගේම සහාය අවශ්‍ය බව පෙන්වා දෙන මන්ත්‍රීවරු දෙදෙනා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහාය ද මේ සඳහා ලබාගැනීමට සාකච්ඡා කරන බව ද අවධාරණය කරති.

මන්ත්‍රීවරු මේ බව කියා සිටියේ කොළඹ දී ඊයේ (3) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා කිරීමට විපක්‍ෂ නායකවරයාට කිසිදු අයිතියක් නැති බවත්, රටේ ජනාධිපතිවරයා තෙවරක් තරග කරන්නේ නම් ඒ සඳහා තීන්දු තීරණ ගන්නේ රටේ ජනතාව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා මෙහිදී කියා සිටියේය.

එජාප මන්ත්‍රීවරුන් වන ලක්‍ෂ්මන් සෙනෙවිරත්න හා අර්ල් ගුණසේකර මහත්වරු මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්
ඡායාරූපය මහින්ද විතානාච්චි

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේද ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහයෝගය ලබා දිය යුතු යැයි කී ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා, මීට පෙර ජේ. ආර්. ජයවර්ධන හා රණසිංහ ප්‍රේමදාස මහත්වරුන් ද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ද ව්‍යවස්ථාව වෙනස් කිරීමට උත්සාහ කළ බව සිහිපත් කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1999 දී ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ගිනි තැබීමට කටයුතු කළ බව සඳහන් කළ ඒ මහතා, රනිල් වික්‍රමසිංහ වැනි නායකයන් සමඟ එක්ව වැඩ කිරීමට තමා අකමැති බව ද කියා සිටියේය. තවද ඒ මහතා පෙන්වා දුන්නේ විපක්‍ෂ නායකවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තමාට වාසි සහගත තීන්දු තීරණ ගන්නා නමුත් එවැනි දේ සඳහා කිසි විටෙකත් ඉඩ නොතබන බවය.

රට ගිනි තියන්න දෙන්නේ නෑ

ජනතා විමුක්ති පෙරමුණට රට ගිනිබත් කිරීමට ඉඩ නොදෙන බව සඳහන් කරන මන්ත්‍රීවරයා, එදා ඔවුන් කළ දෙයින් අපේ රට වසර 30 ක් ආපස්සට ගිය බවත්, මේ රටේ ජනතාව විඳි දුක් යළිත් නොවන්නට කටයුතු කළ යුතු බව ච්ය. රනිල් වික්‍රමසිංහ මහතා නොව වෙනත් නායකයෙකු තම පක්‍ෂයේ සිටියා නම් මේ වන විටත් ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි කී සෙනෙවිරත්න මහතා නායකත්වය වෙනස් විය යුතුයි යන මතයේ සිටින බව ද අවධාරණය කළේය.

පෙර ආත්මයේ කුසල් බලයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම නායකත්වයේ සිටින බව සඳහන් කළ මන්ත්‍රීවරයා සැමදා තම පාක්ෂිකයන් සටන් කළේ පක්‍ෂය සුරැකීමට බවත්, මේ දක්වා කළ වැරැදි තවදුරටත් සිදුකිරීමට සූදානම් නැති බවත් පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතා ද පෙන්වා දුන්නේ ව්‍යවස්ථා සංශෝධනය තුළින් කිසිවෙකුටත් යහපතක් මිස අයහපතක් සිදු නොවන බවයි.

වසර කීපයක් බලයේ සිටීමට

රටක ඕනෑම නායකයෙකු වසර කීපයක් බලයේ රැඳී සිටින විට සියයට 5 කින් 10 කින් වසරින් වසර ජනපි‍්‍රයභාවය අඩුවන බව පෙන්වා දුන් ඒ මහතා, යළිත් වරක් මහින්ද රාජපක්‍ෂ මහතාම තරග කරන්නේ නම් එහි වාසිය විපක්‍ෂයට බව කීවේය.

ඉතිහාසයේ පටන් එක්සත් ජාතික පක්‍ෂය ඉතා තීරණාත්මක අවස්ථාවලදී වැරැදි තීන්දු තීරණ ගත් බවත්, එදා පැවැති යුද්ධය තොප්පිගලින් ඇරැඹි මොහොතේ ඒ පිළිබඳව අපේ නායකයාට ප්‍රකාශ කළ බවත් කී මන්ත්‍රීවරයා, එයින් දශක තුනක් අපේ රට ආපස්සට ගොස් ඇතැයි කියා සිටියේය.

තවද ඒ මහතා පෙන්වා දෙන්නේ අද වන විට අපේ රට තීරණාත්මක මංසන්ධියකට පැමිණ ඇතැයි පවසන අර්ල් ගුණසේකර මහතා සාම්ප්‍රදායික ක්‍රමයට මුල් තැන දෙමින් ජනතා විමුක්ති පෙරමුණ යමකට විරුද්ධ වන්නේ නම් එක්සත් ජාතික පක්‍ෂය ද ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරන බවයි.

ව්‍යවස්ථාවකට පැටලී යම් අයෙකු එළියට ඇද දැමීමට උත්සාහ කිරීම නිවටකමක් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒකාධිපතිවාදයට යාමක් නොවන් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

දහස් ගණන් පිරිසක් දේශපාලන අතවරවලට ලක්වූ 2001 එජාප රජය සමයේ දේශපාලන පළිගැනීම් නිවැරදි කිරීමට නොහැකි වූ බව කී මන්ත්‍රීවරයා, බටලන්ද කොමිෂම සඳහා සාක්ෂි දුන් පොලිසියේ 19 දෙනෙකුගේ සේවය ස්ථිර කිරීමට නොහැකි වූ බව ද වැඩිදුරටත් කියා සිටියේය.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මනූෂ නානායක්කාර 8දා ආණ්ඩුවට එක් වෙයි

Manusha.jpg

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙමින් ලබන අටවැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්‍ෂයෙහි අසුන් ගන්නා බව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.

දශක ගණනාවක් පුරා අවසන් කිරීමට නොහැකි වූ ත්‍රස්තවාදය පරාජය කරමින් රට වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සියලු ජනකොටස් මේ මොහොතේ එක්විය යුතු බවත්, රට ජයග්‍රහණය කරා ගෙනයා හැක්කේ එතුමාට පමණක් බවත් නානායක්කාර මහතා පවසයි.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ සංවර්ධනයට තිබූ ව්‍යවස්ථාමය බාධා ඉවත් කෙරෙන බවත්, රට සංවර්ධනය වනු දැකීම අපේක්‍ෂා කරන තරුණ හා නවක මන්ත්‍රීවරයකු ලෙස රජයට සහාය දැක්වීමට තමන් තීරණය කළ බවත්, නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

නානායක්කාර මහතා මේ බව සඳහන් කෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය දැක්වීමට රජයට එක්වෙමිනි. එමෙන්ම තරුණ මන්ත්‍රීවරුන්, වැඩ කළ යුත්තේ ජයග්‍රහණය කරන නායකයන් සමඟ මිස දිගු කාලීනව පරාජය වන නායකයන් සමඟ නොවන බවත්, ගාල්ල දිස්ත්‍රික්කයේ එජාප නායකයා ද පරාජිතයකු බවත් හෙතෙම ප්‍රකාශ කෙළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා රජයට සහාය දෙමින් තමන් දිනවීම සඳහා කටයුතු කළ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම තම අපේක්‍ෂාව බවත් නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
අපට පුතේ මඟක් ඇතේ

ව්‍යවස්ථා සංශෝධනය ගැන විවිධ අර්ථකථන පවතී. බොහොමයක් අර්ථකථන පටු දේශපාලන වාසි අපේක්ෂිත ව ප්‍රචාරය කරති. තවත් විවිධ අරමුණු සහිත ව අර්ථකථන කරලියට පැමිණ තිබේ. පොදුවේ ගත් කල ඕනෑම රටක සාමාන්‍ය ජනතාව ව්‍යවස්ථාව වැනි බරපතළ කාරණා ගැන ඒ හැටි උනන්දුවක් නො දක්වති. එහෙත් එවැන්නක ප්‍රතිඵල කෙරෙහි ප්‍රතිචාර දක්වති. අප කතා කරනුයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන බව පාඨකයා දනී. ව්‍යවස්ථා සංශෝධනය යනු රහසක් නොවේ.

ශ්‍රී ලංකාව සමෘද්ධිමත් දේශයක් බවට පත් කළ හැක්කේ ඒකාධිපති පාලනයක් මගින් යැයි බොහෝ දෙනා කියති. එය සත්‍යයක් නම් පළමුව ජේ. ආර්. ජයවර්ධන මහතා මේ රටේ සමෘද්ධිය උදා කරනු ඇත. එහෙත් එවැන්නක් සිදු වූයේ නැත. ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන බවට ප්‍රතිඥා දුන් ජේ. ආර්. මහතා සිය පාලන කාලය අවසන් කරන විට මේ රට ඉතියෝපියාවට සමගාමී තත්ත්වයක පැවැතිණි. දෙවන උදාහරණය ලෙස රණසිංහ පේ‍්‍රමදාස මහතා ගත හොත් එතුමා රට විශාලා මහනුවරක් වට පත්කොට තමා ද ඒ මත්තේ විනාශ විය. චන්ද්‍රිකා මැතිනියට ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පැහැදිලි දර්ශනයක් තිබුණේ නැත.

චන්ද්‍රිකා දර්ශනය නමින් එක් අතකින් විශාල පොතපත පළ වූ අතර අනෙක් අතින් චෞර රැජින ලෙස ද පොත් පළ විය. අවසානයේ බලන විට රාජ්‍ය සම්පත්වලට තට්ටු වී තිබිණි. ආර්ථිකය මන්දගාමී වි තිබිණි. දේශපාලනයත් – ආර්ථිකයත් එක තැන පල් විය. විවිධ කයිවාරු තිබුණත් මෙරට දේශපාලන ඉතිහාසයේ අසාර්ථක ම යුගයක් ලෙස චන්ද්‍රිකා සමය හැඳින්විය හැකි ය.

2005 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට ප්‍රචාරක වියදම් දරාගත නො හැකි තරමට එම පක්ෂය දුර්වල වී තිබිණි. එදා ජනාධිපති අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතා සිය ඡන්ද සටන ජය ගත්තේ පොදු ජනයාට පින්සිදු වන්නට ය. පොදු ජනතාව මහින්ද මහතා කෙරෙහි විශ්වාසය තැබී ය. එදා ජනතාවගත් තීන්දුව නිවැරැදි ය. එහි ප්‍රතිඵලයක් ලෙස අපට බලපෑ ප්‍රධාන ප්‍රශ්නය විසැඳිණි. අද අපි එම ගමන් මඟෙහි දෙවන අදියරට පිවිස සිටිමු. එය මුළු මනින් ම පාහේ ආර්ථික යුද්ධයෙකි.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යා හැකි දර්ශනය කුමක්ද ? ඒ පිළිබඳ විවිධ අත්හදා බැලීම් හා අත්දැකීම් අපට තිබේ. බණ්ඩාරනායක මහතා එක ක්‍රමයක් අත්හදා බැලුවේ ය. සිරිමාවෝ මැතිනිය තවත් ක්‍රමයක් අත්හදා බැලුවා ය. ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස, චන්ද්‍රිකා කුමාරතුංග පිළිවෙළින් තව - තව උපායමාර්ග අත්හදා බැලීය. ශ්‍රී ලංකාව ආර්ථික අත්හදා බැලීම්වලට තෝතැන්නක් බව ලී ක්වාන් යූ මහතා කියා තිබේ. බලාගෙන යන විට එය සාකල්‍යයෙන් ම සත්‍යයෙකි.

දැන් අප අවතීර්ණය වී සිටිනුයේ අලුත් මාවතකට ය. එය ධනපති ක්‍රමයක් නො වේ. මුළුමනින් ම සමාජවාදී ක්‍රමයත් නො වේ. එය දේශීයත්වයට නතු වූ අලුත් මැද මාවතක් ලෙස සැලකිය හැකි ය. නූතන ආණ්ඩුව රාජ්‍ය සම්පත් අලෙවි කරන්නේ නැත. ජාතිය ලන්සුවට තබා බටහිරයන්ගේ සහන හා ආධාර ලබා ගන්නේ ද නැත. මෙය වනාහී අභිමානවත් හා සාර්ථක ප්‍රතිඵල සහිත අලුත් ආර්ථික ක්‍රියාදාමයෙකි.

ආසියාවේ ඉහළ ම සංවර්ධන ප්‍රතිශතයක් ලකුණු කර ඇති රාජ්‍යයන් දෙක වනුයේ චීනය හා ඉන්දියාවයි. ඉන්දියාවේ වාර්ෂික ආර්ථික වෘද්ධිය 8%කට ආසන්න වේ. ජපානයේ ආර්ථික වෘද්ධිය අභිබවා යෑමට ඉන්දියාව සමත් ව සිටී. ඉන්දියාවේ රාජ්‍ය පාලකයන් පමණක් නොව සාමාන්‍ය ජනයා ද සිය රටෙහි දේ සිරි සැප දේ යන සංකල්පය යටතේ කටයුතු කරනු ලැබේ. එහි ප්‍රතිඵල හැමදාම දේශීය භාණ්ඩ මිලට ගනු යන්න යි. 2005 සිට එම ක්‍රියාවලිය සිදු වේ.

මහින්ද රාජපක්ෂ හැර ගිය ස්වල්ප දෙනා දේශපාලන වශයෙන් අනාථ වී සිටිති. වෙනත් පක්ෂවල නියෝජිතයෝ ද පෝලිමේ ශ්‍රී ලනිපයට බැඳෙති. නූතන පාර්ලිමේන්තුවේ පවතින ශක්තිමත් ම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේ. අද තුනෙන් දෙකකට වැඩි බලය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමත් ව සිටී. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සභා ගැබ තුළ ඇති ශක්තිමත් ම හා පිරිසුදු ම දේශපාලන පක්ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්ව සිටී. එය ඓතිහාසික තත්ත්වයෙකි.

ගෙවී ගිය ඉතිහාසය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභියෝග රැකට මුහුණ දුන්නේ ය. වරෙක එම පක්ෂය ආසන අටට බැස්සේ ය. තව වරෙක ඇතැම් බලධාරීහු පක්ෂය අතහැර ගියහ. තවත් වරෙක සාමාජික සංඛ්‍යාව ඉතා අඩු විය. එහෙත් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ දාහත්වසරක ශාපය තුළ පවා ශ්‍රී.ල.නි.ප ය අතහැර නොගිය පිරිස් සිටිති. ඔවුනට උපහාර දැක්වීම පක්ෂ සාමාජිකයන්ගේ සිරිත විය යුතු ය.

මේ ක්‍රියාදාමය තුළ 2009 යනු ඓතිහාසික වර්ෂයෙකි. එම වසර තුළ ත්‍රස්තවාදය පරාජය කැරිණි. 2010 යනු තවත් ඓතිහාසික වර්ෂයෙකි. මේ වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික පෙරැළිය ආරම්භ විය. හම්බන්තොට අන්තර්ජාතික වරාය ඊට කදිම නිදසුනක් වේ. දැන් අපගේ ගමන් මඟ පැහැදිලිය, ශක්තිමත් ය. එය තහවුරු කර ගැනීම සඳහා මේ ක්‍රමය දිගට ම පැවැතිය යුතු ය.
 

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
මේ ක්‍රියාදාමය තුළ 2009 යනු ඓතිහාසික වර්ෂයෙකි. එම වසර තුළ ත්‍රස්තවාදය පරාජය කැරිණි. 2010 යනු තවත් ඓතිහාසික වර්ෂයෙකි. මේ වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික පෙරැළිය ආරම්භ විය. හම්බන්තොට අන්තර්ජාතික වරාය ඊට කදිම නිදසුනක් වේ. දැන් අපගේ ගමන් මඟ පැහැදිලිය, ශක්තිමත් ය. එය තහවුරු කර ගැනීම සඳහා මේ ක්‍රමය දිගට ම පැවැතිය යුතු ය.


:yes::yes::yes::yes::yes:
 

Climax

Member
Aug 30, 2009
1,723
48
0
39
Katunayake
Manusha.jpg

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙමින් ලබන අටවැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්‍ෂයෙහි අසුන් ගන්නා බව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.

දශක ගණනාවක් පුරා අවසන් කිරීමට නොහැකි වූ ත්‍රස්තවාදය පරාජය කරමින් රට වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සියලු ජනකොටස් මේ මොහොතේ එක්විය යුතු බවත්, රට ජයග්‍රහණය කරා ගෙනයා හැක්කේ එතුමාට පමණක් බවත් නානායක්කාර මහතා පවසයි.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ සංවර්ධනයට තිබූ ව්‍යවස්ථාමය බාධා ඉවත් කෙරෙන බවත්, රට සංවර්ධනය වනු දැකීම අපේක්‍ෂා කරන තරුණ හා නවක මන්ත්‍රීවරයකු ලෙස රජයට සහාය දැක්වීමට තමන් තීරණය කළ බවත්, නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

නානායක්කාර මහතා මේ බව සඳහන් කෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය දැක්වීමට රජයට එක්වෙමිනි. එමෙන්ම තරුණ මන්ත්‍රීවරුන්, වැඩ කළ යුත්තේ ජයග්‍රහණය කරන නායකයන් සමඟ මිස දිගු කාලීනව පරාජය වන නායකයන් සමඟ නොවන බවත්, ගාල්ල දිස්ත්‍රික්කයේ එජාප නායකයා ද පරාජිතයකු බවත් හෙතෙම ප්‍රකාශ කෙළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා රජයට සහාය දෙමින් තමන් දිනවීම සඳහා කටයුතු කළ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම තම අපේක්‍ෂාව බවත් නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.



මුට ඉතින් යුද්දේ දිනපු දාම ආණ්ඩුවට යන්න තිබ්බනේ......යු.එන්.පි. එකේ චන්ද අරන් කටු ලෙවකන්න යන්නේ දැන්.... මහින්ද පොකට් එකට කීයක් දැම්මද දැන් නැ...
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මේ ක්‍රියාදාමය තුළ 2009 යනු ඓතිහාසික වර්ෂයෙකි. එම වසර තුළ ත්‍රස්තවාදය පරාජය කැරිණි. 2010 යනු තවත් ඓතිහාසික වර්ෂයෙකි. මේ වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික පෙරැළිය ආරම්භ විය. හම්බන්තොට අන්තර්ජාතික වරාය ඊට කදිම නිදසුනක් වේ. දැන් අපගේ ගමන් මඟ පැහැදිලිය, ශක්තිමත් ය. එය තහවුරු කර ගැනීම සඳහා මේ ක්‍රමය දිගට ම පැවැතිය යුතු ය.


:yes::yes::yes::yes::yes:

:yes::yes::yes::yes::yes:
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
විපක්ෂයේ ස්ථාවරය වැරැදියි

විපක්ෂයේ ස්ථාවරය වැරැදියි අපේ හෘදය සාක්ෂිය නිවැරැදියි
එජාප මන්ත්‍රීවරු 10ක් සංශෝධනයට පක්ෂයි

laxman_senevirathna.jpg
aral.jpg
manusha.jpg


ලබන සැප්තැම්බර් 08 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල මන්ත්‍රී කණ්ඩායමක් කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහාය දීමට සූදානමින් සිටිති.

පොළොන්නරුව දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී අර්ල් ගුණසේකර, බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී හා එ.ජා.ප. නියෝජ්‍ය මහා ලේකම් ලක්ෂ්මන් සෙනෙවිරත්න ගාල්ල දිස්ත්‍රික්ක මන්ත්‍රී මනූෂ නානායක්කාර යන මහත්වරුන් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බව ප්‍රකාශ කළ අතර මේ අවස්ථාවේදී සමස්ත එ.ජා.ප.යම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ විය යුතු බවට ඔවුන් එ.ජා.ප. නායකත්වයට දැඩි බලපෑමක් කරමින් සිටින බවත් දැනගන්නට ඇත.

මේ පිළිබඳව එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වාද විවාද හටගත් අතර එ.ජා.ප.යේ ප්‍රබල මන්ත්‍රීවරුන් දහදෙනකු පමණ ප්‍රසිද්ධියේ අදහස් පළ කරමින් කියා ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයට එ.ජා.ප.ය සහය නොදුන්න ද එය 2/3 වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට හැකියාව ඇති හෙයින් එ.ජා.ප.යේ විරෝධය පළක් නොවන බවත්ය.

ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ විය යුතු බව පවසන තවත් එ.ජා.ප. මන්ත්‍රීවරුන් දහදෙනෙකු පමණ ලබන 08 දා තම හෘද සාක්ෂියට එකඟව ඡන්දය ලබා දෙන බවත් පක්ෂයේ වැරැදි ස්ථාවරයට වඩා තම හෘදසාක්ෂිය වැදගත් බවත් පවසා ඇත. පුත්තලම, ගාල්ල, ගම්පහ, මහනුවර යන දිස්ත්‍රික්ක නියෝජනය කරන එ.ජා.ප. මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ලබන සතිය මුලදී තම සහාය දෙන බව නිවේදනය කිරීමට නියමිත බවත් දැන ගන්නට ඇත. මුස්ලිම් කොංග්‍රසයේ සහාය ලැබීමත් සමඟම ආණ්ඩුවේ මන්ත්‍රී සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගිය අතර ලබන බදාදා වන විට එම සංඛ්‍යාව 164 දක්වා ඉහළ නැංවෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ 2/3 බලය සඳහා අවශ්‍ය වන්නේ මන්ත්‍රී ආසන 150 ක් වන අතර මේ අනුව ආණ්ඩුවේ බලය 2/3 ඉක්මවා අමතර ඡන්ද දහයකින් ද ඉහළ නැංවෙනු ඇත.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේදී වැරැදි තීරණයක් ගෙන එ.ජා.ප.ය තව දුරටත් දුර්වල නොකරන ලෙස එ.ජා.ප. නායකයාට කොතෙක් කරුණු පැහැදිලි කළ ද එය අසාර්ථක වීම නිසා එ.ජා.ප.යට තවත් මන්ත්‍රී කණ්ඩායමක් අහිමි වන බවත් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිටින එ.ජා.ප. මන්ත්‍රීවරුන් ගේ අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් සිළුමිණට විශේෂ ප්‍රකාශයක් කළ එ.ජා.ප. මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතා සඳහන් කළේ එ.ජා.ප.ය සමස්තයක් වශයෙන් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දිය යුතු බවත් මේ පිළිබඳව ලබන සඳුදා නැවත වරක් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කරන බවත් ය. එසේ නොවන්නේ නම් තමාගේ හෘද සාක්ෂියට එකඟව ඡන්දය භාවිතා කරන බවත් හෙතෙම පැවැසීය.
 

Sweet_Zinta

Member
Jun 7, 2010
263
36
0
Machanz..

PTC Sitewala ads click karala epawelada?? Trusted site ekak unath
kammelida click kara kara inna. onna umbalata mage ganen auto clickers tiakk.
okkoma tursted sites. ekak click ekak karala nikan inna thiyanne. oyagollange
account ekata ibema salli galagena ey.

try karala balanna.

http://iclickmoney.blogspot.com


 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
Machanz..

PTC Sitewala ads click karala epawelada?? Trusted site ekak unath
kammelida click kara kara inna. onna umbalata mage ganen auto clickers tiakk.
okkoma tursted sites. ekak click ekak karala nikan inna thiyanne. oyagollange
account ekata ibema salli galagena ey.

try karala balanna.

http://iclickmoney.blogspot.com



:D

rata diunu unama ubalata owa karanna ona naha
rate anagathaya subai baya wenna epa
 

topedo

Banned
Jun 27, 2010
343
34
0
මේක වැරදි වැඩක්.මේ ආණ්ඩුවට 2/3 බලයක් නෑ.මිනිස්සුන්ගෙන් 50%ක් කාටවත් චන්දේ දුන්නේ නෑ.ඒක නිසා ආණ්ඩුවට තියෙන්නේ 35% ක ජනතා බලයක් විතරයි
මිනිස්සුන්ගෙන් සල්ලි හොරකම් කරලා ඒකෙන් කෝටි 5 ගානේ විපක්ෂ මංත්‍රීන්ට දීලා මේක සම්මත කර ගැනීම හරිම නින්දා සහගත ක්‍රියාවක් නේද?
මේක ජනමත විචාරනයකට දැම්මොත් මේකට පක්ෂව ජනතා චන්ද10%ක් වත් හම්බ වෙන්නේ නෑ.90% ශ්‍රී ලාංකික ජනතාව මේකට විරුද්ධයි.
මහින්ද කෝටි ගනන් දීලා 2/3 ගැනීම තුලින් මේ රටෙ පහලවු දූෂිතම රාජ්‍යය නායකයා ලෙස ඉතිහාස ගතවීම වලක්වන්න සල්ලි වලට බැහැ නේද?
මේ රටේ පහලවූ ප්‍රථම දුෂිත නායකයා ලෙස රණසිංහ ප්‍රේමදාස ඉතිහාස ගත වෙනවා.ඊලඟට චන්ද්‍රිකා සහ මහින්ද.මේක නවත්වලා, අවංක ලෙස, ප්‍රජාතන්ත්‍රවාදී ලෙසක් රට ගෙනියන්න විප්ලවවාදී වෙනසකට අපි ප්‍රමාද වැඩිද?
මංත්‍රීවරු එක ‍රැයින් කෝටී පතියන් වෙන දූෂිත ක්‍රමය තුල මේ රටේ ජනතාව තව වසර කීයක් දුක් විඳිය යුතුද?
 
Last edited:

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
koti 5 gane denawa uba dakkada machan.
meke boru ilakkam danna epa machan
anthima election eken 66% wada chande damma
dan obathuma kiyana widiyata chande dapu nathi ewa wirudda ewada okkama :lol:
dan rate aya unp eke jvp eke boru walata ahuwenne naha
tawath rata wanasanna uthsaha karana balawega walata kade yanne nathuwa rate diunuwa wenuwen ekathu wenna
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
සංවර්ධනයට ඇති ව්‍යවස්ථාමය බාධා ඉවත් කළ යුතුයි

- ඇමැති මෛත්‍රි


මෙරට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යෑමට පවතින ව්‍යවස්ථාවේ බාධාවක් පවතින බවත් එම බාධාවන් ඉවත් කර ගෙන ආසියාවේ ආශ්චර්යය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට නව ව්‍යවස්ථා සංශෝධනය ඉවහල් වන බවත් ශ්‍රී.ල.නි.ප මහ ලේකම් ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

නව ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපති ධූරයට තරග කළ හැකි වාර ගණන සීමා කැර නොමැති නිසා දෙවෙනි වරට ජනාධිපති ධූරය දරන්නා කිසිදු ආකාරයකට රටට අහිතකැර දර දඬු සහ අත්තනෝමතික තීරණ නොගන්නා බවත් එය නව ව්‍යවස්ථා සංශෝධනයේ තවත් යහපත් ලක්ෂණයක් බවත් ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.
 

Similar threads